ඩී.එස්. සේනානායක

දොන් ස්ටීවන් සේනානායක (1884 ඔක්තෝබර් 20-1952 මාර්තු 22) නම් වූ ස්වාධීන ක්‍රියාකාරිකය, 1947 දී 1952 දක්වා ශ්‍රි ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධූරය දැරීය.

මහමාන්‍ය
ඩී.එස්. සේනානායක මහතා
ලංකාවෙහි පළමු අග්‍රාමාත්‍යවරයා
තනතුර දරමින්
1947 ඔක්තෝම්බර් 14[1] – 1952 මාර්තු 22[1]
MonarchsVI ජෝර්ජ් රජ
II වන එළිසබෙත් රැජිණ
අනුප්‍රාප්තිකයාඩඩ්ලි සේනානායක
පුද්ගලික තොරතුරු
උපතඔක්තෝබර් 20, 1884(1884-10-20)
බෝතලේ, මීරිගම, බ්‍රිතාන්‍ය ලංකාව
විපතMarch 22, 1952(1952-03-22) (වයස 67)
කොළඹ, ලංකාව
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
කලත්‍රයාමොලී දුනුවිල[2]

ගම්පහ මීරිගම බෝතලේ නම් ගම්මානයේ මුදලි දොන් ස්පාමර් සේනානායක හා දෝන කැතරිනා එලිසඛෙත් පෙරේරා ගුණසේකර සේනානායක මැතිණියට දාව උපන් ඔහු බෞද්ධ පරිසරයක හැදී වැඩුණ ද, පියාගේ කීම මත ඇන්ග්ලිකානු ක්‍රිස්තු පාසලක් වු ශාන්ත තෝමස් විද්‍යාලයට බැදී ක්‍රිස්තියානුවෙකු බවට පත්විය. පසුව නැවත බුද්ධාගමට හැරවුණු ඔහු, අධ්‍යාපනයෙන් පසුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බැඳුණි. 1914 දී පළමු ලෝක සංග්‍රාමයත් සමඟ, 1915 දී සිංහල මුස්ලිම් කෝලාහල සැකකරුවෙකු ලෙස ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි.

තම සහෝදරයා වූ එෆ්.ආර්. සේනානායක ගේ අඩිපාරේ යමින් 1926 කාලය වන විට ඔහු නිදහස් සටනේ පුරෝගාමියෙකු විය. 1931 දී ඔහුව කෘෂිකර්ම හා ඉඩම් ඇමති ලෙස පත්කරන ලදි. ඔහුගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ජනතා ප්‍රසාදයට ලක්විය. 1946 දී ඔහු එක්සත් ජාතික පක්ෂය පිහිටුවීය. 1947 මැතිවරණයෙන් ඔහු අගමැති ධූරයට පත්විය. තමාට ප්‍රදානය කළ නයිට් පදවිය නොපිළිගත්තද බ්‍රිතාන්‍ය සමඟ යහපත් සබඳතා පැවැත්වීය. ගල්ඔය ව්‍යාපෘතිය අරඹමින් ඔහු ඉමහත් ජනතා සේවයක් කළේය. නමුත් 1952 මාර්තු 22 දා හැට අට හැවිරිදි ඩී.එස්. සේනානායක ගාලූ මුවදොර පිටියේදී අසු පිටින් වැටී පසුව එම නිසාම මිය ගියේය.

සිංහලයන් සහ මුස්ලිම් ජනයා ඩී.එස්.සේනානායකට ඉතා ගරු කරන මුත් ඔහුගේ ප්‍රතිපත්ති ඇතැම් දෙමළ ජනයාගේ විරෝධයට හේතු විය.

ඩී.එස්. සේනානායක මහතාගේ බිරිඳ මොලී දුනුවිල මහත්මියගේත් පුතණුවන් දෙදෙනා ඩඩ්ලි සේනානායක හා රොබට් සේනානායකය. ඩඩ්ලි සේනානායක මහතා 1952, 1960, 1965-1970 කාලයේ අගමැති ධූරය හෙබවීය. 1953 අගමැති වූ සර් ජෝන් කොතලාවල ද ඔහුගේ ඥාතියෙකි. ඔහුගේ මුණුපුරෙක් වන රුක්මන් සේනානායක මහතා දැනටද පාර්ලිමේන්තුවේ එ.ජා.ප සභාපති ධූරය දරයි.

මෙයද බලන

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඩී.එස්._සේනානායක&oldid=626023" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි