ධර්ම සංගායනා

ධර්ම සංගායනා වල මූලික අරමුණ වී ඇත්තේ බෞද්ධ සංඝ සමාජය හා බුදු දහම කෙරෙහි ශ්‍රමණ වේශධාරීන්ගෙන් පැමිණි උවදුරු සමනය කොට සංඝයාත් බුද්ධ ධර්මයත් පාරිශුද්ධියට පත් කරලීමය. ධර්ම සංගායනාවක් යනු, එකට එකතු වී දහම් කරුණු සාකච්ඡා කිරීමයි..

ප්‍රථම ධර්ම සංගායනාව

ප්‍රථම ධර්ම සංගායනාව

විනය සංගීති නමින්ද මෙම සංගායනාව හඳුන්වයි.සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මෙම සංගායනාව පවත්වා ඇත.මෙහි අරමුණ වූයේ විසිරී ඇති ධර්ම විනය ඒකරාශී කොට වෙනස්කම් වලට භාජනය වීමට ඉඩ නොදී ආරක්ෂා කර තබා ගැනීමය.

ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට හේතුව;

චුල්ලවග්ගයේ එන වාර්තාව අනුව ප්‍රථම සංගීතියට මුලික ලෙස හේතු දෙකක් පාදක වී ඇත.

  • සුභද්‍ර භික්ෂුවගේ වගකීමෙන් තොර ප්‍රකාශය. බුදු රජාණන් වහන්සේගේ පිරිනිවීම අසා සොවින් වැළපෙන පෘතග්ජන භික්ෂුන් අස්වැසීමට සුභද්ද භික්ෂුව කළ ප්‍රකාශය වුයේ "ඇවැත්නි; සෝක නොකරව්, නොවැලපෙව් ඵ් මහා ශ්‍රමණයාගෙන් අපි හොඳින් මිදුනෙමු. මේ තොපට කැපය. මේ අකැපයැයි ඹහුගේ නීති පැනවීමෙන් අපි පීඩා වින්දෙමු. දැන් අපි යමක් කැමති නම් ඵය කරන්නෙමු. යමක් අකමැතිනම් ඵය නොකරන්නෙමු."යි යන්නය.(ශාසන ඉතිහාසය,2007)
  • ධර්මය හා විනය අනාගතයෙහිදී පිරිහී අධර්මය,අවිනය රජ වෙතැයි ඇතිවූ භීතිය, බුද්ධ භාෂිත ලෙස බොරු සූත්‍ර සකස් කර ධර්මයට වැරදි අර්ථ විවරණ ඉදිරිපත් කෙරෙනු ඇතැයි ද එකළ තෙරවරු බිය වූහ.

මහා සාංඝික, මහීසාසක, ධර්මගුප්තික හා සර්වාස්තිවාදී සම්ප්‍රදායන්ට අයත් විනය ග්‍රන්ථ වලද ප්‍රථම ධර්ම සංගායනාවට හේතු මෙලෙස සඳහන්වේ.මෙම මුලික හේතුවට අමතරව තවත් හේතු රාශියක් පළමු සංගායනාව පැවැත් විමට හේතු වු බව මුලාශ්‍ර වළ හදුනාගත හැකිය.ඒ අතර මුලික වන්නේ බුදුන් ජිවමාන කලයේදි සංඝ සමාජය තුල විවිද ගැටලු පැවති අතර ඒම ගැටලු උන්වහනසේගෙන් පසුව තව තවත් බහුල විය හැකි නිසා සංගායනාවක් පවත්වන්නට අවශ්‍ය වන්නට ඇත.මන්ද සුභද්ද වුව ඉහත ආකාරයේ ප්‍රකාශයක් බුද්ධ පරිනිර්වාණයත් සමගම සිදු කිරිම බුදුන් ජිවමාන කාලයේ පැවති ගැටලු වල ප්‍රතිඵලක් බව සිතිය හැකිය.

පළමු සංගායනාවේ ප්‍රතිඵල:

- ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද පිළිබඳව තිබු ගැටළුව විසඳීම

- ධර්ම විනය ආගමේ ශාස්ත්‍රවරයා ලෙස ස්ථාපිත වීම

- ආනන්ද හිමියන්ට එල්ල වී තිබූ චෝදනා වලින් නිදහස් වීම

- ආනන්ද හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරය හෙළි වීම

- චන්න හිමියන්ට බ්‍රහ්ම දණ්ඩනය නියම වීම

- භානක පරම්පරාවක් බිහි වීම

-බුදුරදුන් පන්සාලිස් වසක් මුළුල්ලේ දේශනා කළ ධර්මය හා විනය එක් රැස් කර ගැනීමට හැකියාව ලැබීම.

-නිකායන් 5ක් ඇති වීම.

සංගායනාව සඳහා සහභාගිත්වය,

මහරහන් වහන්සේලා 500 නමකගේ සහභාගිත්වය තිබූ අතර මුලිකත්වය ගෙන කටයුතු කළේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේය.(භික්ෂුන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සංගායනාවට පංචසතිකා සංගීතිකා යැයි ද කියනු ලැබේ.)

සංගායනාව පැවැත්වු ස්ථානය

ථෙරවාදී මුලාශ්‍රවල සඳහන් පරිදි රජගහ නුවර වේහාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණී ගුහාද්වාරය.

සංගායනාව සඳහා රාජඅනුග්‍රහය

වංශ කථාවන්හි හා සමන්තපාසාදිකා විනය අටුවාවේ සඳහන් පරිදි මගධාධීපති බිම්බිසාර රජුගේ පුත් අජාසත් රජතුමාගෙනි.

සංගායනාව පැවැත්වූ ආකාරය

සත් මසක් මුළුල්ලේ පැවති මෙම ධර්ම සංගායනාවේදි උපාලි හිමියන්ගෙන් පළමුව විනය ප්‍රශ්න විචාළහ. නිදාන පුග්ගල, වස්තු, ප්‍රඥප්ති,අනුප්‍රඥප්ති, ආපත්ති, අනාපත්ති යනාදී විස්තර සහිතව භික්ෂු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂ ශික්ෂා පද සියල්ලම පුජ්ජාවිස්සජ්න ක්‍රමයෙන් විනය සංගායනා කළහ.අනතුරුව, ධර්ම සංගායනා කළහ. ප්‍රශ්නෝත්තර ක්‍රමය මේ සඳහා යොදා ගත්හ. අනඳ තෙරණුවන් ලවා පංචනිකායම සංගායනා කළහ.සුත්‍ර පිටකය හා අභිධර්මය මෙහිදී සංගායනාවට භාජනය විය.

ඛුද්දානු ඛුද්දක ශික්ෂාපද පිළිබඳව සාකච්ජා කළහ.සංගායනාවෙන් පසුව ඡන්න තෙරුන්ට බ්‍රහ්ම දණ්ඩය පැනවීය.

අනඳ තෙරුන්ට එරෙහිව චෝදනා 5ක් සංගීතිය අවසානයේඑල්ල වූ අතර තමන් එයට නිර්දෝශී වීමට හේතු සාධකද අනඳ තෙරුන් විසින් ඉදිරිපත් කළහ.

1.ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද බුදුන්ගෙන් නොවිචාරීම.බුදු රදුන් ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද පිළිබඳව ප්‍රකාශ කරන අවස්ථාවේදී තමන් ඉතා ශෝකාතුරව සිටි නිසා අසා දැන ගැනීමට නොහැකිවූ බව.

2.බුදු රදුන්ගේ වැසි සළුව පයින් මැඩ ගෙන මැසීම.සිවුර මසද්දී සහාය වීමට කිසිවෙකු නොසිටි බැවින් එසේ කරන්නට සිදු විය.

3.බුද්ධ ශරීරය පළමුව කාන්තාවන් ලවා වැන්ද වීම.බුදු රදුන්ගේ ශ්‍රි දේහයට බුහුමන් දැක්වීමට පැමිණි මහා ජනකාය බහුල වීම නිසා කාන්තාවන්ට කල්වේලා ඇතිව නිවෙස් වලට යාමට ඉඩ සැලැස්වීම.

4චේතියේ දී බුදුන් පිරිනිවි පාන බව අඟවද් දී කල්පයක් ඡීවත් වන ලෙසට බුදුන් වහන්සේට ආරාධනා නොකිරීම.තමන්ගේ සිත ද එවෙළෙහි මරුට වසඟව තිබු හෙයින් එසේ ඉල්ලා සිටීමට නොහැකි වීම.

5.තථාගත ශාසනයේ ස්ත්‍රීන්ට පැවිද්ද ලබා දීමට උත්සාහවත්වීම.ප්‍රජාපතී ගෝතමිය කෙරෙහි තිබූ මහත් ගෞරවය නිසා එලෙස කිරීම.

අනඳ හිමියන්ට එරෙහිව පැවති චෝදනා 5ට අතිරේකව ටිබෙට් දුල්වා ග්‍රන්ථයෙහි තවත් චෝදනා 2ක් දක්වා ඇත.

  1. පිරිනිවන් පෑමට සිටියදී බුදුරදුන් පිපාසිතව වතුර ස්වල්පයක් ඉල්ලූ අවස්ථාවෙහි පැන් නොදී සිටීම.

පළමු සංගායනාවේ ප්‍රතිඵල:

1.එක් එක් ධර්ම කොටස් භික්ෂු පරම්පරාවන්ට ආරක්ෂා කොට පවත්වා ගෙන යාම සඳහා පැනවීම.

  • දීඝ නිකාය- ආනන්ද හිමි ඇතුළු ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට
  • සංයුත්ත නිකාය- මහා කාෂ්‍යප හිමි ඇතුළු ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට
  • අංගුත්තර නිකාය -අනුරුද්ධ හිමි ඇතුළු ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට
  • මජ්ඣිම නිකාය- සැරියුත් හිමි​ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට (මේ වන විට සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් වදාරා ඇත)
  • ඛුද්දක නිකාය -සියලුම වහන්සේලා එක්ව මුඛ පරම්පරාගතව

2.ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද වෙනස් නොකිරීම.

3.අනඳ තෙරුන්ට තිබූ චෝදනා වලින් නිදහස් වීම

දෙවන ධර්ම සංගායනාව.

බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට පසුව මෙම සංගායනාව පවත්වා ඇත.

දෙවන ධර්ම සංගායනාව පැවැත්වීමට හේතුව;

වජ්ජිපුත්තක භික්ෂූන් විසින් ඉදිරිපත් කළ දස අකැප වස්තුවචුල්ලවග්ග පාලියේ සඳහන් දස අකැප වස්තුව

  1. සිංගිලෝන කප්ප-ආහාර වලට මිශ්‍රකර ගැනීම සඳහා අඟක දමා ලුණු තබා ගැනීම සුදුසුය.
  2. ද්වංගුල කප්ප-ඉර හැරී සෙවනැල්ල අඟල් දෙකක් වන තුරුත් ආහාර වැළදීම කැපය.
  3. ගාමන්තර කප්ප-එක් ගමකින් තව ගමකට ආහාර රැගෙන යාම කැපය.
  4. ආවාස කප්ප-මහා සීමාව තුළ පිහිටි කුඩා කුඩා ආවාසයන්හි වෙන වෙනම පොහොය කිරීම කැපය.
  5. අනුමති කප්ප-එක සීමාවක් ඇතුළත වාසය කරන භික්ෂූන්ගේ කැමැත්ත නොගෙන වෙන් වෙන්ව පොහොය කොට නැවත කැමැත්ත ගැනීම කැපය.
  6. ආචිණ්ණ කප්ප-කැප අකැප දෙයක් ගැන නොසලකා චිරාගත දේ පිළිගැනීම කැපය.
  7. අමථිත කප්ප-කිරිත් නොවූ දීත් නොවූ කිරි වැළදීම කැපය.
  8. ජලෝගි කප්ප-රා බවට නොපැමිණි මීරා බීම කැපය.
  9. අදසක නිසීදන කප්ප-දාවලු නැති ඇතිරිලි පරිහරණය කැපය.
  10. ජාත රූප රජත කප්ප-රන් , රිදී හා කහවණු පිළිගැනීම කැපය.

මහාසාංඝික දශ වස්තුව

  1. අලල යයි කීම කැපය;
  2. තමාම විනෝද වීම කැපය;
  3. තමාම පොළව සෑරීම කැපය;
  4. දුර හුදෙකලාවාසීන්ට ලුණු තැන්පත් කිරීම කැපය;
  5. තම ආරාමයෙන් යොදුන් අඩ යොදුන් දුර ගමන් යන භික්ෂුවට ආහාර ගෙනයාම කැපය;
  6. ඉර අවරට ගොස් සෙවනැල්ල අගල් දෙකක් ගිය පසු වැළදීම කැපය;
  7. රෝගීන්ට මධ්‍යපානය කැපය;
  8. කිරිත් නොවු දීත් නොවූ කිරි බීම කැපය;
  9. දාවලු නැති ඇතිරිලි කැපය;
  10. රන් රිදී මසු කහවනු කැපය;

සර්වාස්ථිවාදීන්ගේ විනය ක්ෂුද්‍රක ග්‍රන්ථයෙහි දශ වස්තුව මෙලෙස දක්වා ඇත.

  1. යාවජීවක ලුණු යාවකාලික ආහාර හා මිශ්‍රකර වැළදීම කැපය;
  2. අතිරික්ත නොවූ ආහාර ඇඟිලි දෙකින් ගෙන වැළදීම කැපය;
  3. යොදුනක් හෝ අඩ යොදුනක් හෝ ගොස් එකට ආහාර ගැනීම කැපය;
  4. කිරි ද්‍රෝනයක් පමණ ගෙන දී කිරි හා මිශ්‍ර කර විකාලයේ වැළදීම කැපය;
  5. ලෙඩකුට කූඩැල්ලන්සේ උරා සුරා පානය කිරීම කැපය;
  6. පැරණි නිසීදනයේ සුගත් වියතක් පමණ කෑල්ලක් නොඅළලා අලුත් ඇතිරිල්ලක් පරිභෝග කිරීම කැපය;
  7. සුවඳවත් කළ පාත්‍රයක් මහාජනයා නිතර ගැවසෙන තැනක තබා පින් පිණිස රන් රිදී වලින් පාත්‍රය පුරවන ලෙස දන්වා සිටීම කැපය;
  8. සියතින් පොළව කැණීම කැපය;
  9. ආගමික කාර්යයන් කිරීමෙන් පසු පැමිණි සංඝයා ඒ පිළිබඳ සතුටුවන ලෙස පෙළඹවීම කැපය.
  10. ආගමික කාර්යයන්ගෙන් පසු "අහෝ" යයි හඬ නඟා ප්‍රකාශ කිරීම කැපය;

මෙලෙස ථෙරවාද, මහාසාංඝික, මූලසාර්වස්ථිවාදී යන සම්ප්‍රධායන්වල දශ වස්තුව අතර සුළු සුළු වෙනස්කම් පැවතියද මේවායෙහි එක්තරා පොදු බවක් විද්‍යමාන වෙයි.

සංගායනාව පැවැත්වූ ස්ථානය,විස්තර

විශාලා මහනුවර වාලුකාරාමයේදී.

සංගායනාව සඳහා සහභාගිත්වය

ධර්මධර, විනයධර තෙරවරුන් 700නමකගේ සහභාගිත්වය ඇතුව සබ්බකාමී මහරහතන්වහන්සේ ප්‍රධානත්වය ගෙන ක්‍රීයා කළහ.(භික්ෂූන් වහන්සේලා හත්සිය නමකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සංගායනාවට සත්තසතිකා සංගීති යැයි ද කියනු ලැබෙ.)

රාජ්‍ය අනුග්‍රහය

කාලාශෝක රජතුමා දෙවන ධර්ම සංඝායනාවට රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ය.

සංගායනාව පැවැත්වීම හා ප්‍රතිඵල

අට මසක් පුරාවට පැවැත්වූ මෙම සංගායනාවේ ප්‍රතිඵල වූයේ සංඝ සමාජය ප්‍රථම වතාවට නිකායවලට බෙදීම.

මුල්ම සංඝ සමාජය ථෙරවාදී හා මහා සාංඝික ලෙස ප්‍රධාන නිකායන් දෙකකට බෙදුණි.පසුව මෙය තවත් අනු නිකායන් කිහිපයකට බෙදී ගියහ.එය පහත සටහනින් නිරූපණයවේ.දස වස්තුව පිලිගත් විශාල හික්ෂූ පිරිසක් වූ අතර වුන වහන්සේලා විසින් මහා සාංගික නමින් වෙනම නිකායක් පිහිටුවා ගැනිම හා එකග වූ ශික්ෂාකාමී වූ පැරණි භික්ෂූ සම්ප්‍රදාය තේරිය නමින් පෙනි සිටී ම

තුන්වන ධර්ම සංගායනාව

බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසීය තිස්හයකට පසුව (බු.ව.236) ධර්මාශෝක මහරජතුමාගේ අනුග්‍රහයෙන් මාස නවයක් පුරා සිදු කළහ.

ධර්ම සංගායනාව පැවැත්වීමට හේතු,

සංඝයා අතර අසමගිය ඇතිවීම් හා ධර්මය විකෘති වීම.

සංගායනාව පැවැත්වූ ස්ථානය

පැළලුප් නුවර අශෝකාරාමය

සංගායනාව සඳහා සහභාගිත්වය

රහතන් වහන්සේලා දහස් නමකගේ සහභාගිත්වය ඇතිව මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙනි.(රහතන් වහන්සේලා 1000 නමකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු බැවින් මෙයට සාහස්සිකා සංගීති යැයි ද කියනු ලැබෙ)

ධර්ම සංගායනාවේ ප්‍රතිඵල

  1. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසින් කථාවත්ථුප්පකරණය රචනා කිරීම.
  2. අභිධර්ම පිටකය සප්තප්‍රකරණයෙන් යුතුව සම්පූර්ණ කිරීම.
  3. ථෙරවාද සම්ප්‍රදාය සතු පාලි ත්‍රිපිටකය සම්පූර්ණ කිරීම.
  4. ධර්ම දූත සේවාව ආරම්භ කිරීම.

ධර්ම විනයධර ප්‍රබල තෙර නමකගේ නායකත්වය යටතේ රටවල් නවයකට ධර්මදුත පිරිස් පිටත්කර යැවූ බව වංස කතාවල සඳහන් වෙයි.රට, ප්‍රධානත්වය, සුත්‍රය

  1. කාශ්මීර ගන්ධාර -මජ්ඣන්තික තෙරණුවෝ-ආසිවිසෝපම සූත්‍රය
  2. මහිස මණ්ඩලය- මහාදේව තෙරණුවෝ-දේවදූත සූත්‍රය
  3. වනවාස දේශය -රක්ඛිත තෙරණුවෝ-අනමතග්ග සංයුත්තය
  4. අපරන්ත දේශය- යෝනක ධම්මරක්ඛිත තෙරණුවෝ-අග්ගික්ඛන්ධෝපම සූත්‍රය
  5. මහාරට්ඨය -මහාධම්ම රක්ඛිත තෙරණුවෝ-මහානාරද කස්සප ජාතකය
  6. යෝනක දේශය- මහාරක්ඛිත තෙරණුවෝ-කාලකාරාම සූත්‍රය
  7. හිමවන්ත ප්‍රදේශය -මජ්ඣිම තෙරණුවෝ- ධම්මචක්කප්පවත්තන සූත්‍රය
  8. ස්වර්ණභූමිය-සෝණ,උත්තර යන තෙරුන් වහන්සේලා-බ්‍රහ්මජාල සූත්‍රය
  9. තම්බපණ්ණිය(ශ්‍රී ලංකාව)-මිහිඳු මහ රහතන් වහන්සේ- චූලහත්ථිපදපම සූත්‍රය

සිව්වන, පස්වන, හයවන සංගායනා

4. සිව්වන සංගායනාව: ශ්‍රී ලංකාවේ ක්‍රි.පූ. 29 දී පවත්වන ලද මෙම රැස්වීම ත්‍රිපිටකය (බෞද්ධ ග්‍රන්ථවල කූඩ තුන) සජ්ඣායනය කිරීම හා සංරක්ෂණය කිරීම අරමුණු කර ගෙන ඇත.මේ සදහා වසර 2කුත් මාස5කුත් ගතවිය.

5. පස්වන සංගායනාව: බුරුමයේ (දැන් මියන්මාරයේ) මැන්ඩලේහි ක්‍රි.ව. 1871 දී පවත්වන ලද එය බුරුම අක්ෂරවලින් බෞද්ධ ග්‍රන්ථ ලිවීම සහ සංරක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කළේය.

6. හයවන සංගායනාව: ක්‍රි.ව. 1954 දී බුරුමයේ රැංගූන් (වර්තමානයේ යැංගොන්, මියන්මාරය) හි සංවිධානය කරන ලද එය බුරුම අක්ෂරවලින් සමස්ත බෞද්ධ ග්‍රන්ථය සංශෝධනය කර ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධ විය.

මුලාශ්‍ර

  1. "ශාසන ඉතිහාසය",බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව,රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව,පාදුක්ක.
  2. Dinamina
  3. " චුල්ලවග්ග පාලිය- පඤ්ච සතිකක්ඛන්ධකය (නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය,2005)
  4. දහම් පාසල් පොත් (6-13)

සබැදි පිටු

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ධර්ම_සංගායනා&oldid=627269" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්එස්‌. මහින්ද හිමිවැදි ජනයාමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිසූනන් ඇඟ වැටීමේ ඵලාඵලක්ෂුද්‍ර ජීවීන්රබින්ද්‍රනාත් තාගෝර්අනගාරික ධර්මපාලගොංගාලේගොඩ බණ්ඩාශ්‍රී ලංකාවේ ආදි වාසීන්විර පුරන් අප්පුසිංහල අලුත් අවුරුද්දආදිවාසීන්ශ්‍රී ලංකා ජාතික කොඩියමොණරවිල කැප්පෙටිපොළජයන්ති කුරු උතුම්පාලඩී.එස්. සේනානායකතොටගමුවේ ශ්‍රී රාහුල හිමිසීගිරියසුනාමිසී.ඩබ්.ඩබ්. කන්නන්ගරරණතුංග කරුණානන්දබෝපත් ඇල්ලසිංහල ප්‍රස්ථාව පිරුළුසිංහල සහ හින්දු අලුත් අවුරුද්දසුසන්තිකා ජයසිංහශ්‍රී ලංකාවේ ජාතික සංකේතශ්‍රී දළදා මාළිගාවක්ෂුද්‍ර ජීවීන් සහ රෝගනව අරහාදී බුදුගුණශ්‍රී ලංකාවප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ ජාතික වීරයෝවැලිවිට සරණංකර හිමිඅධ්‍යාපනයමාර්ටින් වික්‍රමසිංහසිංහල අක්ෂර මාලාවසෞරග්‍රහ මණ්ඩලය