රිදී විහාරය

ශ්‍රී ලංකාවේ රිදීගම පිහිටි බෞද්ධ සිද්ධස්ථානය

රිදී විහාරය යනු, ශ්‍රී ලංකාවේ, රිදීගම ගම්මානයේ පිහිටි, ක්‍රිපූයු 2වන-සියවසෙහි ථේරවාද බෞද්ධ සිද්ධස්ථානයකි. [1] කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙම විහාරය පිහිටා ඇත. මහාවංශයේ මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ "රජත ලෙන" යනුවෙනි. ජනප්‍රවාදවලට අනුව දුටුගැමුණු රජු රුවන්වැලි සෑය ඉදිකිරීමේදී රිදී ලැබුනේ මෙම ස්ථානයෙන් යැයි සඳහන් වේ. එබැවින් එය 'රිදී විහාරය' නම් විය.

රිදී විහාරය
රිදී විහාරය සංකීර්ණයෙහි මහා විහාරය. රජත ලෙන පසුබිමෙහි දක්නට ලැබේ.
විස්තර
සංස්ථාපනයක්‍රිපූයු 2වන-සියවස
පිහිටුවීම
නිර්මාතෘ දුට්ඨගාමිණී රජ
භික්‍ෂූන් වහන්සේ(ලා)තිබ්බාබාටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල තෙරණුවෝ
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°33′N 80°29′E / 7.550°N 80.483°E / 7.550; 80.483 80°29′E / 7.550°N 80.483°E / 7.550; 80.483
ද්වාරය:බුද්ධාගම

දැනට මෙහි දක්නට ඇති විහාර ආදිය මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සාදා ඇත. මෙහි වටිනා සුවිශේෂ අංගයක් නැතහොත් නිමැවුමක් වන්නේ ඇත් දළින් සකස් කරන ලද උළුවස්සයි. එහි මුදුන "පන්චනාරිඝටය" නම් කැටයමින් අලංකාර කර ඇත. මෙහි ඇති බුද්ධ ප්‍රතිමාව දොළොස් රියනක් උස වේ. එහි මැද මකර තොරණකි.

දුටුගැමුණු රජතුමාගේ කාලයේ අනුරාධපුරයේ සිට මලය රටට තිබුණු ප්‍රධාන මාර්ගය වැටි තිබුනේ මෙම ස්ථානය අසළිනි. ජනප්‍රවාදයේ මෙම විහාරයට "වරකා වැළඳු විහාරය" යනුවෙන් ව්‍යවහාර වේ. මේ පිලිබඳව ඓතිහාසික ග්‍රන්ථවල ද සඳහන් වේ. චෛත්‍යය පිහිටා ඇත්තේ ගල මතය. ගලට පහළින් මහා විහාරයයි. මේ විහාරයේ දොරටුවලට අල්ලා ඇති යතුරු සිංහල රජ දවස යොදන ලද ඒවාය. උඩ විහාරයේ බිතු සිතුවම් දැකිය හැකිය. මෙම චිත්‍රවල සත්සතිය දක්වා ඇත.

ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=රිදී_විහාරය&oldid=493193" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි