සුසන්තිකා ජයසිංහ

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවූ ශ්‍රී ලාංකේය මළල ක්‍රීඩිකාව

සුසන්තිකා ජයසිංහ (උපන්දිනය - 1975/12/17, උපන් ස්ථානය අත්නාවල, ශ්‍රී ලංකාව) මීටර 100 හා මීටර 200 ඉසව් ප්‍රගුණ කර ඇති කෙටි දුර ධාවන ශූරියකි. ඇය ඔලිමිපික් පදක්කමක් දිනා ගත් එකම සිංහල පුද්ගලයාය. 2000 වසරේ ඔලිම්පික් උළලේදී ඇය ලෝකඩ පදක්කමක් (පසුව එහි රිදී පදක්කම ඇයට හිමිවිය) දිනා ගත්තාය.

පදක්කම් වාර්තාව

සුසන්තිකා ජයසිංහ
 ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගකරු
කාන්තා මලල ක් at the 2000 Summer Olympics|2000 Sydney

පදක්කම්තරගය|World Championships}}

රිදී1997 Athens200 m
ලෝකඩ2007 Osaka200 m
Asian Athletics Championships
රන්2007 Amman100 m
රන්2007 Amman200 m
රන්2002 Colombo100 m
රන්2002 Colombo200 m
රන්1995 Jakarta200 m
රන්2000 Jakarta4 x 100 m
රිදී1995 Jakarta100 m
Asian Games
රන්2002 Busan100m
රිදී2006 Doha100m
රිදී1994 Hiroshima200m
ලෝකඩ2006 Doha200m
Continental Cup
ලෝකඩ2002 Madrid100 m
Lusophony Games
රන්2006 Macao100 m
රන්2006 Macao100 m

කොළඹින් කිලෝ මීටර 60 පමණ උතුරින් පිහිටි කුඩා ගම්මානයක දිළිඳු පවුලකට දාව සුසන්තිකා උපත ලැබුවාය. ඇයට දිවීමට අවශ්‍ය සපත්තුවල මිල තම පවුලේ මාසික ආදායමටද වඩා මිලෙන් අධික වූ අතර, ඇයට සුදුසු පුහුණුකරුවන් හෝ උපකරණ කුඩාකල නොතිබිණ. එසේවුවත් මෙම බාධක සියල්ල පරදවා ඇය ග්‍රීෂ්ම ඔලිම්පික් තරඟ හා IAAF ලෝක ශූරතා තරඟවල පදක්කම් ලබාගැනීමට තරම් තත්වයකට ඇය පත් වූවාය. ඇය මෙම ජයග්‍රහණ ලබාගත්තේ ස්ව-උත්සාහයෙන් පැමිණි ගමන තුළදීය. ඇයට 1997දී IAAF හි ලද ජයග්‍රහණයෙන් අනතුරුව, ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණු වීම් සදහා යාමට අවස්ථාව උදාවිය.

ශ්‍රියත් සුභාෂ් දිසානායක, දමයන්ති දර්ශා හා සුගත් තිලකරත්න වැනි අනිකුත් දක්ෂ ශ්‍රී ලාංකික ක්‍රීඩාකරුවන් සමඟ එකතුව වසර 2000 දී පැවති ඔලිම්පික් තරඟවලදී ශ්‍රී ලාංකිකයන්ට අන්තර්ජාතික තරඟකරුවන් සමඟ හොඳින් තරඟ කිරීමට හැකි බව ඇය ලොවට පෙන්වූවාය. වර්ෂ 1948 න් පසුව පළමු වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 200 කාන්තා ඉසව්වෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගැනීමට එම තරඟාවලියේදී ඇයට හැකිවිය. එහිදී ඇය මේරියන් ජෝන්ස් (Marion Jones) හා පවුලින් ඩේවිස්-තොම්සන්(Pauline Davis-Thompson) ට පිටුපසින් තරඟය නිමකර ලෝකඩ පදක්කම දිනාගත්තාය. නමුත් පසුව මේරියන් ජෝන්ස් හට තහනම් උත්තේජක චෝදනා එල්ල වීම හේතුවෙන් තරඟයෙන් ඉවත් කෙරුනු බැවින් පවුලින් ඩේවිස්-තොම්සන් හට රන් පදක්කමත්, ඇය හට රිදී පදක්කමත් හිමි වූවාය.

සුසන්තිකාගේ ක්‍රීඩා දිවිය මතභේදාත්මක හා දුෂ්කර එකකි. වසර 1998 දී ඇයට තහනම් උත්තේජක භාවිතා කරන ලදැයි පවසා තරඟ තහනමක්ද පනවන ලදී. ඇයගේ දේශපාලනික ස්ථාවරයත්, ක්‍රීඩා නිලධාරීන් සමඟ ඇතිවූ ආරවුල් මේ තත්ත්වයට මුල්වූ බව සුසන්තිකා කියා සිටියාය.

පසුව ඇයව මෙම වරදින් නිදහස් කරන ලදී. ඇය ඔලිම්පික් පදක්කම දිනාගෙන සිය රටට පැමිණීමෙන් අනතුරුව පිරිමි ධාවන ක්‍රීඩකයෙකුගේ පහර කෑමකට ද ලක්විය. මෙයට හේතුව ඇය ඡන්ද ව්‍යාපාර කටයුතු වලදී කලින් පැවති රජයට සහය දීම බව ඇයගේ විශ්වාසයයි.

ජාතික මලල ක්‍රීඩා සංගමයේ සහයක් නොමැතිවූ හෙයින් ඇයට අගහිඟකම් වලට මුහණ දීමටත්, වසර 2000 ඔලිම්පික් තරඟ වලට සහභාගී වීමටත් සිදුවිය. එනමුත් වසර 2000 ඔලිම්පික් ජයග්‍රහණ‍යත් සමඟ ඇයට ජාතික වශයෙන් අරමුදල් එකතු කර සහය දැක්වීමක් සිදුවිණී. එසේ වුවත් ඇය රට අතහැර ඇමරිකාවේ Los Angeles නගරයේ පදිංචියට ගියාය. කෙසේ වුවත් නැවත ලංකාවට වර්තමානයේදී ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරයි.

ඇය නාගලිංගම් එතිර්වීරසිංහම් (ආසියානු ක්‍රීඩා උස පැනීමේ 1958 රන් පදක්කම් ලාභී හා දෙවරක්, 1952 හා 1956 දී, ඔලිම්පික් ක්‍රීඩක) සමඟ පුහුණුවීමට Los Angeles නගරයට ගියාය. ඉන් ටික කලකට පසුව ඇය වසර 2007 ජෝර්දානයේ (Jordan) හි පැවති මීටර 100 හා මීටර 200 ආසියානු මලල ක්‍රීඩා තරඟවල රන් පදක්කම් ලැබීමටත් හා එම වසරේම පැවති ලෝක ශූරතා තරඟාවලියේ දී ලෝකඩ පදක්කමක් ලැබීමටත් සමත් වූවාය. එම ලෝක ශූරතාවය ඇය ජයග්‍රහණය කරනු ලැබුවේ ලෝක ශූරතාවයක් දිනා දස වසරකට පසුවය. දැනට (2007 අගෝස්තු 13 දිනට පෙර) IAAF ශ්‍රේණිගත කිරීම් අනුව මීටර 100 ඉසව්වෙන් ලොව 18 වන ස්ථානයටත්, මීටර 200 ඉසව්වෙන් ලොව 20 වන ස්ථානයටත් පත්ව සිටියාය.

2009 වසරේ පෙබරවාරි 05 දින මවක් වීමේ බලාපොරොත්තුව සාර්ථක කරගැනීම සඳහා සිය විශ්‍රාම යාම ප්‍රකාශ කලාය. ඇය එම වසරේම මාර්තු 31 දින කුඩා පිරිමි දරුවෙකු බිහි කලාය.

සුසන්තිකා ජයසිංහ 2010 වසරේ නොවැම්බර් මස නැවත ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසෙන බව ප්‍රකාශ කලාය.


            Kuruppuarachchi

පෞද්ගලික හොදම ප්‍රතිඵල

දිනයතරගයස්ථානයකාලය
9,සැප්තැම්බර් 2000මීටර 100යොකොහමා, ජපානය11.04
28,සැප්තැම්බර් 2000මීටර 200සිඩ්නි, ඕස්ට්‍රේලියාව22.28

ජයග්‍රහන

වසරතරගාවලියස්ථානයප්‍රතිඵලයතරගය
1994Asian Games2nd200 m
1997IAAF World Championshipsඇතන්ස්, ග්‍රිසිය2nd200 m
1999IAAF Grand Prix Finalමියුනිච්, ජර්මනිය8th200 m
20002000 Summer Olympicsසිඩ්නි, ඕස්ට්‍රේලියාව3rd200 m
2001IAAF World Indoor Championshipsලිස්බො, පෘතුගාලය4th200 m
2002IAAF World Cupමැඩ්රිඩ්, ස්පාඤ්ඤය3rd100 m
2002Asian Championshipsකොළඹ, ශ්‍රී ලංකාව1st100 m
2002Commonwealth Gamesමැන්චෙස්ටර්, මහා බ්‍රිතාන්‍ය4th100 m
2002IAAF World Cupමැඩ්රිඩ්, ස්පාඤ්ඤය4th200 m
2002Asian Championshipsකොළඹ, ශ්‍රී ලංකාව1st200 m
2006Asian Gamesදෝහා, කටාර්2nd100 m
2006Asian Gamesදෝහා, කටාර්3rd200 m
2007Asian Championshipsඅම්මාන්, ජෝර්දානය1st100 m
2007Asian Championshipsඅම්මාන්, ජෝර්දානය1st200 m
2007IAAF World Championshipsඔසාකා, ජපානය3rd200 m

ආශ්‍රිත ලිපි

සටහන්


බාහිර සබැදි


🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්එස්‌. මහින්ද හිමිවැදි ජනයාමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිසූනන් ඇඟ වැටීමේ ඵලාඵලක්ෂුද්‍ර ජීවීන්රබින්ද්‍රනාත් තාගෝර්අනගාරික ධර්මපාලගොංගාලේගොඩ බණ්ඩාශ්‍රී ලංකාවේ ආදි වාසීන්විර පුරන් අප්පුසිංහල අලුත් අවුරුද්දආදිවාසීන්ශ්‍රී ලංකා ජාතික කොඩියමොණරවිල කැප්පෙටිපොළජයන්ති කුරු උතුම්පාලඩී.එස්. සේනානායකතොටගමුවේ ශ්‍රී රාහුල හිමිසීගිරියසුනාමිසී.ඩබ්.ඩබ්. කන්නන්ගරරණතුංග කරුණානන්දබෝපත් ඇල්ලසිංහල ප්‍රස්ථාව පිරුළුසිංහල සහ හින්දු අලුත් අවුරුද්දසුසන්තිකා ජයසිංහශ්‍රී ලංකාවේ ජාතික සංකේතශ්‍රී දළදා මාළිගාවක්ෂුද්‍ර ජීවීන් සහ රෝගනව අරහාදී බුදුගුණශ්‍රී ලංකාවප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ ජාතික වීරයෝවැලිවිට සරණංකර හිමිඅධ්‍යාපනයමාර්ටින් වික්‍රමසිංහසිංහල අක්ෂර මාලාවසෞරග්‍රහ මණ්ඩලය