ජාවා හි ප්රඥාපාරමිතා
Tools
Actions
General
මුද්‍රණය/නිර්යාත කෙරුම
වෙනත් ව්‍යාපෘති තුල
ප්රඥාපාරමිතා | |
---|---|
මාධ්‍යය | ඇන්ඩසයිට් පාෂාණය |
ප්‍රමාණය | උස 126 cm, පළල 50 cm |
නිර්මාණය වූයේ | 13වන සියවස පමණ |
සොයාගනු ලැබූයේ | සිංහසාරි විහාරය අසල චුන්ග්කුප් පුත්‍රී, මලාන්ග්, නැගෙනහිර ජාවා, ඉන්දුනීසියාව (1818) |
වර්තමාන පිහිටුම | ඉන්දුනීසියාවේ ජාතික කෞතුකාගාරය, ජකර්තා |
ජාවා හි ප්රඥාපාරමිතා යනුවෙන් හැඳින්වෙන්නේ 13වන සියවසේ ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා හි සිංහසාරියෙහි නිර්මාණය වූ ප්රඥාපාරමිතා බෝධිසත්ත්වදේවිය නිරූපිත මූර්තියකි.[1] ඉහළ කලාත්මක සහ ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ප්‍රතිමාව පුරාතන ජාවා හි සම්භාව්‍ය හින්දු-බෞද්ධ කලාවේ අග්‍රකෘතියක් ලෙස සැලකේ.[2] වර්තමානයේ, මෙම ප්‍රතිමාව ජකර්තාහි ඉන්දුනීසියානු ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.