සූනන් ඇඟ වැටීමේ ඵලාඵල

සූනන් ඇග මතට වැටෙනා ස්ථානය අනුව පුද්ගලයෙකුගේ අනාගතය පිලිබද අනාවැකියක් ලබාගන්නා ක්‍රමයකි
(මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)

හූනු සාස්තරේ[1], හූනු සාත්තරේ[2] එසේත් නැත්නම් සූනන් ඇඟ වැටීමේ ඵලාඵල[3] යනුවෙන් සිංහල සමාජය තුළ සළකා බැලෙන කාරණයක් පවතියි.

විශ්වාසයන්, මතයන්, ඇදිහිලි යනු ශ්‍රී ලාංකික සංස්කෘතියේ මෙන්ම සම්ප්‍රදායේද ඉතා කැපී පෙනෙන අංගයකි. පොරොන්දම්, ලග්ණ, ඇස්වහ කටවහ, කැප අකැප, ඵල අඵල, කෙම් ක්‍රම වැනි දෑ උදාහරණ ලෙස දැක්විය හැක. මෙවා පාරම්පරිකව පැවතන් එන දෑ වන අතර මේවායේ සත්‍ය අස්ත්‍ය බාවය නිශ්චිතවම කිව නොහැකිවන්නේ ඒවායින් බොහෝමයක් අහම්බයක් ලෙස සිදුවිය හැකි දෑ බැවිනි. නමුත් අතීතයේ මෙන්ම වර්තමානයේද මේවා තදින් විශ්වාස කරන, මේ මත පදනම්ව තම එදිනෙදා කටයුතු කරන ජන කොට්ඨාසද ශ්‍රී ලංකාව තුල ජීවත් වේ.හූනන් වැටීමේ ශාස්ත්‍රය සියයට පනහකි ් ශාස්ත්‍රයක සියයට පනහක් යනු වී හෝ නොවෙයි එය සාමාන්‍ය ජීවිතයේදීත් අපට සිදුවන දෙයකි.


සූනන්/හූනන් ඇඟට වැටීම

  1. හිස - කලහ
  2. මුහුණ - බන්ධු දර්ශන (ඥාති/මිතුරු හමුවක්)
  3. බැම මැද - බන්දු නාශ (සමීපතමයන්ට විපත්)
  4. බැම - රජුන්ගෙන් ගෞරව
  5. ඇස - සිර භය
  6. නාසය - ව්‍යාධි (රෝග/අසනීප)
  7. උඩුතොල - වස්තු හානි
  8. මුඛය - භය
  9. යටිතොල - වස්තු ලැබීම
  10. නිකට - රාජ දඬුවම්
  11. දකුණු කණ - දීර්ඝායු
  12. පපුව - ධන ලාභ
  13. තනය - උතුම් ගෞරවයන්
  14. නළල - මරණ
  15. බඩ - ධන ලාභ
  16. දකුණු ඇල - දියුණු වීම
  17. වම් ඇල - මරණය
  18. පිට කොන්ද - ද්‍රව්‍යය ලාභ
  19. පිට - සුභ සම්පත්
  20. මුඛය - භය
  21. ලිඟුව - දරිද්‍ර (ආර්ථික හානි)
  22. යටිතොල - වස්තු ලැබීම
  23. යෝනිය - පුරුෂයාට මරණය
  24. නිකට - රාජ දඩුවම්
  25. වම් අත ඇඟිලි - මිත්‍රයන් කළහ
  26. දකුණු කණ - දීර්ඝායු
  27. ගුදය - වස්තු ලාභ
  28. වම් කණ - වෙළඳ ලාභ
  29. කලව - දියුුුුණුව
  30. හිසකෙස් - මරණය
  31. දකුණු කෙන්ඩ - බොහෝ පාඩු
  32. බෙල්ල - සතුරු හානි
  33. වම් කෙන්ඩ - කලහ
  34. දකුණු උර - නිරෝගි
  35. ඇස්ව‍ට - සැප
  36. වම් උර - ස්ත්‍රී සැප
  37. වම් අතේ අල්ල-පෙම්වතිය වෙන්වීම
  38. වම් වළලුකර - කීර්ති
  39. දකුණු පාදයේ ඇඟිලි - රාජ භය
  40. දකුණු අත - පෙම්වතියට මරණය
  41. වම් පාදයේ ඇගිලි - රුදු සහිත‍ රෝග
  42. වම් අත - ශෝක මරණ
  43. නියපොතු - ධන හානි
  44. දකුණු අත ඇගිලි - රාජ සම්මාන
  45. ශරීරයේ දිව්වේ නම් - දීර්ඝායුෂ

සටහන්

මූලාශ්‍ර

භාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සූනන්_ඇඟ_වැටීමේ_ඵලාඵල&oldid=656936" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි