ඇල්පිටිය

ඇල්පිටිය , ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරයකි.

ඇල්පිටිය, ශ්‍රී ලංකාව
අපනාමය(න්): ඇල්පිටිය
රටශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
දිස්ත්‍රික්කයගාල්ල දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලපය (UTC+5:30)

දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය මගින් ඇල්පිටිය වෙත පහසුවෙන් ලගා විය හැක. කුරුදුගහහැතැක්ම හුවමාරුවට කි.මි 3.8 දුරින් නගරය පිහිටා ඇත. කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගය ඔස්සේ ද ඇල්පිටිය වෙත ලගා විය හැකි අතර අම්බලන්ගොඩ සිට දුර කි.මි 16 කි. එමෙන්ම ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයෙන් තවත් පිවිසුම් මාර්ග 3ක් බෙන්තොට, කොස්ගොඩ සහ අහුන්ගල්ල යන නගර වලින් පවතී. ඇල්පිටිය එහි කදිම කුරුදු නිශ්පාදන සහ පහතරට තේ සදහා සුප්‍රසිද්ධ වී ඇත. තේ, රබර්, කුරුදු සහ සහල් මෙම ප්‍රදේශයේ ප්‍රධාන නිශ්පදන වේ.ප්‍රදෙශයේ තේ කර්මාන්තශාලා දුසිමකට වඩා ඇති අතර එක් රබර් කර්මාන්තශාලාවක් පිහිටා ඇත.

වැවිලි කර්මාන්තය නිසා නගරය බිහිවූ බවට පිළිගැනෙන අතර එතැන් සිට වර්තමාන තත්වය දක්වා ක්‍රම ක්‍රමයෙන් වර්ධනය විය. මේ වන විට එය දිස්ත්‍රික්කය තුල විශාලතම නගරයක් වන අතර තව දුරටත් ප්‍රධාන වශයෙන් දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය නිසාවෙන් සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. ඇල්පිටිය, ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ජනගහනයක් සිටින ඡන්ද බල කොට්ටාශයක් වන අතර ගාල්ල පොලිස් බල ප්‍රදේශයට අමතරව අලුතින් පොලිස් බල ප්‍රදේශයක් ද පිහිටුවන ලදී.

මූලික ආයතන

පාසල්

  • ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය
  • ආනන්ද ප්‍රාථමික විද්‍යාලය
  • නාලන්ද මහා විද්‍යාලය
  • නාලන්දා කනිටු විදුහල
  • ශාන්ත තෙරේසා කනිටු විදුහල
  • ශාන්ත තෙරේසා බාලිකා ම.වි
  • ශාන්ත මරියා විද්‍යාලය
  • රතනසිරි රාජකීය විද්‍යාලය
  • තුන්දූව මධ්‍ය මහා විද්‍යාලය
  • කහදූව මහා විද්‍යාලය
  • සරණංකර ක.වි
  • ගා/පෝද්දිවල මහා විද්‍යාලය(ජාතික පාසල)

රජයේ ආයතන

  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • ග්‍රාම නිලධාරී කාර්යාල
  • පොලීසිය
  • පොලිස් අභ්‍යාස විද්‍යාලය
  • මූලික රෝහල
  • දිස්ත්‍රික් උසාවිය
  • මහේස්ත්‍රාත් උසාවිය
  • රාජ්‍ය වැවිලි සංස්ථාව
  • ප්‍රධාන තැපැල් කන්තෝරුව (තැපැල් අoකය: 80400)
  • බස් ඩිපෝව සහ බස් නැවතුම්පළ
  • වෘත්තීය පුහුණු ආයතනය
  • ශ්‍රී ලංකා ටෙලිකොම්
  • ලංකා විදුලිබල මණ්ඩලය
  • ජතික ජල සැපයුම් සහ මළාපවහන මණ්ඩලය
  • මාර්ග සංවර්ධන අධිකාරිය
  • වන නියාමන කාර්යාලය

බැංකු

වෙනත් ආයතන

  • ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
  • ජනශක්ති රක්ෂණ ආයතනය
  • සෙලින්කෝ රක්ෂණ ආයතනය
  • සින්ගර් ආයතනය
  • අබාන්ස් ආයතනය
  • මහජන පුස්තකාලය

වැදගත් ස්ථාන

ආගමික

  • ගනේගොඩ රජ මහා විහාරය
  • රාහුල ලෙන් විහාරය
  • ශ්‍රී විජයරාම විහාරය
  • විහාරමහ දේවි පිරිවෙණ
  • පහල ඕමත්ත ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය
  • ශාන්ත මේරී දේවස්ථානය
  • ශාන්ත තෙරේසා දේවස්ථානය
  • අමුගොඩ ජයසුමනාරාමය

සංචාරක ආකර්ෂණ

  • අඩා හැලෙන ඇල්ල
  • කළු දොල

79°36′E / 6.25°N 79.60°E / 6.25; 79.60


"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඇල්පිටිය&oldid=494329" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ