කතරගම

ආගමික ස්ථාන නිසා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ ගම්මානයකි. කතරගම, ශ්‍රී ලංකාවෙ මැණික් ගඟ අසබඩ, යාල ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටා ඇති ඓතිහාසික ප්‍රදේශයකි. පුරාණ රුහුණේ ප්‍රධාන නගරයක්ව පැවති මෙම ප්‍රදේශය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ශ්‍රී ලංකවේ වාණිජ නගරය වන කොළඹ සිට කි.මී. 228ක් දුරින් පිහිටා තිබේ.

අතීතය

පුරාතන යුගයේ කතරගම ශ්‍රී ලංකාවේ ගිණිකොන දිග ප්‍රදේශයේ වනාන්තර වලින් වටවූ කුඩා නගරයක් ව පැවත තිබූ අතර වර්තමානයේ වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින නගරයක් බවට පත්වී ඇත. උෟව පළාෙත් ෙමාණරාගල දිස්ත්‍රික්කෙය් පිහිටි ෙඑතිහාසික කතරගම දකුණු පළාෙත් හම්බන්ෙතාට දිස්ත්‍රික්කයට අාසන්නෙය් පිහිටි එකකි. එහි ඉතා පැරණි බෞද්ධ ස්ථූපයක් වන කිරිවෙහෙර ද ස්ථානගතව පවතී. මෙම නගරයට ක්‍රිස්තු පූර්ව සියවස් වලටත් වඩා එහාගිය අතීතයක් ඇත. මෙය රෝහණ රාජධානි සමයේ බොහෝ සිංහල රජවරුන්ගේ රාජ්‍ය වාසස්ථානය වී තිබුණි. 1950 වර්ෂයේ පමණ සිට මෙම නගරය නිරන්තර රාජ්‍ය ආයෝජන හේතුකොටගෙන පොදු ප්‍රවාහනය, වෛද්‍ය පහසුකම් සහ ව්‍යාපාර සංවර්ධනය හා හෝටල් සේවා වල දියුණුවක් අත්කරගෙන තිබේ.මෙහි ප්‍රධාන නිළය දරන්නේ බස්නායක නිළමේ තුමා ය.

සංචාරක ආකර්ෂණ

කතරගම කිරිවෙහෙර

අධ්‍යාපනය

සිංහල මාධ්‍යයෙන් ප්‍රාථමික, ද්විතීක හා තෘතීක අධ්‍යාපනය ලබාදෙන රජයේ පාසල් ගණනාවක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.

ජනගහනය

1800දී පමණ එනම් ජනාවාසය අත්හැර දැමීමෙන් අනතුරුව 1950 තෙක් එහි වාසය කලේ පවුල් සීමිත සංඛාවක් පමණි. නමුත් 1950න් අනතුරුව ජනගහන වර්ධනයක් සිදුවිය. මෙහි ජනගහනයෙන් බහුතරය සිංහල ජාතිකයන් වන අතර සුළුතර ශ්‍රී ලාංකික දෙමළ ජනයා තත් ජනගහනයට ආශ්‍රිතව වාසය කරයි. කතරගම දෙවියන් උදෙසා වාර්ශික උළෙල පවතින ජූලි-අගෝස්තු සමයේ ජනගහනය දස දහස් ගණනකින් පමණ වැඩිවේ. කතරගම ස්ථිර ජනගහනය 20,000කට අධික වේ(2010).

ජනවර්ගයජනගහනය% ප්‍රතිශතය
සිංහල19,81294.64
ශ්‍රී ලාංකික දෙමළ9214.40
ඉන්දියානු දෙමළ560.27
ශ්‍රී ලාංකික යෝනක1080.51
වෙනත්( බර්ගර් , මැලේ )380.18
එකතුව20,935100

Source: Statistical Information of Kataragama Divisional Secretariat සංරක්ෂණය කළ පිටපත 2011-10-03 at the Wayback Machine

ප්‍රවාහනය

වර්ථමානයේ කතරගමට සංචාරය කරන බහුතරය භාවිතා කරන්නේ මෝටර් රථයි. නමුත් දියුණු ප්‍රවාහන මාධ්‍ය පවතින වර්තමානයේ පවා භක්තිමත් අනුගාමිකයන් පුරාතන චාරිත්‍ර අනුගමනය කරමින් පාගමනින්ම කතරගමට චාරිකා කරති.1992 දී කොළඹ සිට මාතර දක්වා වූ දුම්රිය මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමට යෝජනා කෙරින. මෙම දුම්රිය මාර්ග දිගුව අදියර තුනකින් සමන්විත වේ. පළමු අදියරෙන් රුපියල් මිලියන 60ක වියදමින් මාතර සිට බෙලිඅත්ත දක්වා කි.මී 27ක මාර්ගය ඉදිකිරීමට නියමිත අතර දැනටමත් රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව යටතේ නිල්වලා ගඟට ඉහලින් කරන ඉදිකිරීම් ආරම්භ කර ඇත. මුල් ව්‍යාපෘතිය වසර 6කදී සම්පූර්ණ කිරීමට නියමිත අතර සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රු බිලියන 3ක් වැයවනු ඇති බව ගණන් බලා ඇත.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කතරගම&oldid=598028" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ