නිඩස් හි ඇෆ්‍රඩයිටී

ග්‍රීක ප්‍රතිමා ශිල්පී ඇතැන්ස් හි ප්‍රැක්සිටිලීස් විසින් නිර්මිත ප්‍රතිමාව

නිඩස් හි ඇෆ්‍රඩයිටී යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 4වන සියවස අවට කාලයේ ඇතැන්ස් හී ප්‍රැක්සිටිලීස් විසින් නිර්මාණය කරන ලද ඇෆ්‍රඩයිටී නම් දෙවඟන නිරූපිත පුරාතන ග්‍රීක ප්‍රතිමාවකි. මෙය ග්‍රීක ඉතිහාසය තුළ නිර්මාණය වූ මුල්ම ජීව ප්‍රමාණයේ නග්න ස්ත්‍රී ප්‍රතිමාවලින් එකක් ලෙස සැළකේ. ප්‍රැක්සිටිලීස්ගේ ඇෆ්‍රඩයිටී නග්න අයුරින් නිරූපණය කොට ඇති අතර, සිය යුනික පෙදෙස ආවරණය කරගනිමින් සළුවක් අරගන්නට තැත්කරන අයුරු මෙමඟින් නිරූපිත ය. එහි දී ඇගේ පයෝධර නිරාවරණය වී ඇත. මෙහි මුල් ග්‍රීක ප්‍රතිමාව වර්තමානයේ දක්නට නොමැත. එහෙත් මෙහි ආභාසය ලද රෝම අනුරූ ගණනාවක්ම දක්නට ලැබේ. මෙවන් වීනස් පුඩිකා (පයෝධර ආවරණය කරගන්නට සැරසෙන ඉරියව්වක්) ප්‍රතිමා සඳහා නිදසුන් ලෙස වීනස් ඩි මෙඩිචි සහ කැපිටෝලයින් වීනස් ප්‍රතිමා දැක්විය හැක.

Aphrodite of Knidos
Venus Pudica
ශිල්පියාප්‍රැක්සිටිලීස් Edit on Wikidata
වර්ෂයක්‍රි.පූ. 4වන සියවස
ව්‍යාපාරයග්‍රීක පසුකාලීන සම්භාව්‍ය යුගය Edit on Wikidata
මාන205 cm (81 in)

සටහන්

ආශ්‍රේයයන්

  • Theodor Kraus. Die Aphrodite von Knidos. Walter Dorn Verlag, Bremen/Hannover, 1957.
  • Leonard Closuit. L'Aphrodite de Cnide: Etude typologique des principales répliques antiques de l'Aphrodite de Cnide de Praxitèle. Éditions Pillet – Martigny, 1978.
  • Francis Haskell and Nicholas Penny. Taste and the Antique: The Lure of Classical Sculpture, 1500–1900. Yale University Press, New Haven/London, 1981.
  • Christine Mitchell Havelock. The Aphrodite of Knidos and Her Successors: A Historical Review of the Female Nude in Greek Art University of Michigan Press, 1995.
  • Cyril Mango, "Antique Statuary and the Byzantine Beholder", Dumbarton Oaks Papers 17 (1963), pp. 53–75.

බාහිර සබැඳි

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ