බුදුරුවගල

බුදුරුවගල යනු ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය පිහිටි ඓතිහාසික පුදබිමක් වේ.

බුදුරුවගල විහාරයේ බුද්ධ පිළිමය

ගල් පර්වතයෙන් මදක් ඉස්මතු වන සේ නෙලා තිබෙන මෙම මූර්ති ක්‍රි. ව. 7-9 ශතවර්ෂයන්ට අයත් මහායානික මූර්ති ලෙස පිළිගැනේ. මෙහි ප්‍රධාන බුදුරුව උසින් අඩි 51ක් පමණ වන අතර ඒ දෙපස ප්‍රථිමා තුන බැගින් ප්‍රතිමා හයකි. බුද්ධ ප්‍රථිමාවේ දකුණු පසින් අවලෝකිතේෂ්වර නාථ බෝසතුන් මැදිකොට ගෙන තාරා දේවියගේ සහ සුධන පෝසතුන්ගේ ප්‍රථිමා වේ. එසේම වම් පසින් මෛත්‍රී බෝසත් රුවක් සහ දෙපසින් වජ්‍රපාණී බෝසත් රුවක්ද, හදුනාගැනීමට අපහසු වෙනත් රුවක්ද වේ.

මීට අමතරව බුදුරුවගල සංඝාරාමයට අයත් ගොඩනැගිලි හා නටඹුන් රැසක් හාත්පස භූමියේ විසිර පවතියි.

ප්‍රථිමා සමූහය

බුද්ධ ප්‍රථිමාව

බුදුරුවගල පිහිටි ප්‍රථිමා සංකීර්ණයෙහි මධ්‍යගතව පිහිටි ප්‍රථිමාව වේ. උසින් මීටර 15ක් පමණ වන මෙම හිටි බුද්ධ ප්‍රථිමාව සමභංග ඉරියව්වෙන් යුක්ත වේ. අර්ධ උන්නතට පිහිටි ගලෙහි ඉස්මතු කොට ඇති ප්‍රථිමාව බදාමයෙන් පූර්ණ කොට රතු, කහ, සුදු හා දුඹුරු වැනි වර්ණයන්ගෙන් හැඩ කොට තිබූ බවට සාධක දැකගත හැකිවේ.

තාරා ප්‍රථිමාව

බුද්ධ ප්‍රථිමාවට දකුණු පසින් පිහිටා තිබේ. ත්‍රිභංග හිටි ඉරියව්වෙන් නිර්මිත මෙහි දකුණු අත ඉහලට ඔසවා ගෙන සිටින අතර කටක හස්ත මුද්‍රාව දක්වයි. වම් අත පහලට හෙලා පුන් කළසක් දරා සිටියි.

අවලෝකිතේෂ්වර ප්‍රථිමාව

තාරා ප්‍රථිමාවට දකුණු පසින් පිහිටි මෙම උඩුකය නිරුවත් ප්‍රථිමාව මහභංග ඉරියව්වෙන් නිර්මිත වේ. යටිකය දෝතියකින් සරසා ඇත. සිරසෙහි වූ ජටා මකුටයෙහි ධ්‍යාන මුද්‍රාවෙන් යුතු බුදුරුවක් දැකගත හැකිවේ.

සුධන කුමාර ප්‍රථිමාව

අවලෝකිතේෂ්වර ප්‍රථිමාවට දකුණු පසින් පිහිටා තිබේ. ප්‍රථිමාව උසින් මීටර 6ක් පමණ වේ. වම් අතින් යම්කිසි මුද්‍රාවක් පෙන්නුම් කරයි.

හඳුනා නොගත් දේව ප්‍රථිමාව

බුද්ධ ප්‍රථිමාවට වම් පසින් පිහිටි ප්‍රථිමාව හඳුනා නොගත් දේව ප්‍රථිමාවක් සේ සැළකේ. සමභංග හිටි ඉරියව්වෙන් නිර්මිතය. දෑත් ඉහලට යොමුව පවතින අතර උඩුකය නග්න වේ. දකුණ කණෙහි මකර කුණ්ඩලාභරණයක් දැකගත හැකිය.

මෛත්‍රී බෝසත් ප්‍රථිමාව

හඳුනා නොගත් දේව ප්‍රථිමාවට වම් පසින් පිහිටි මෙම ප්‍රථිමාව උසින් මීටර 7.5ක් පමණ වේ.

වජ්‍රපානී ප්‍රථිමාව

මෛත්‍රී බෝසත් ප්‍රථිමාවටව වම් පසින් පිහිටා තිබේ. සමභංග හිටි ඉරියව්වෙන් යුක්ත වේ.

වැව් පාමුල නටඹුන් සංකීර්ණය

බුදුරුවගල මාර්ගයේ කිලෝ මීටර 2ක් පමණ දුරින් මාර්ගයේ දකුණු පස මෙම නටඹුන් පිහිටා තිබේ. වැව් බැම්මේ සිට මීටර 125ක් පමණ නැගෙනහිර දෙසින් වූ අක්කරයක පමණ භූමි ප්‍රමාණයක මෙම නටඹුන් විසිර පවතියි.

ස්තූප ගොඩැල්ල

විෂ්කම්භය මීටර 30ක් හා උස මීටර 5ක් පමණ වූ නටඹුන් ස්තූප ගොඩනැගිල්ලක් වේ. 2007 වර්ෂයේදී සිදුකල කැණීම් මගින් වර්ථමානය වන විට සංරක්ෂණය කොට තිබේ.

සීමා පවුර

ස්තූප ගොඩනැගිල්ලේ සිට මීටර 38ක් පමණ උතුරු දෙසින් පිහිටා තිබේ.

මේවාද බලන්න

මූලාශ්‍ර

  • ඓතිහාසික බුදුරුවගල - කේ.බී.එච්. නිමල්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික උරුමයන් පිළිබද අමාත්‍යංශය - ISBN-978-955-9159-79-7
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=බුදුරුවගල&oldid=399911" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ