රිදී විහාරය
Tools
Actions
General
මුද්‍රණය/නිර්යාත කෙරුම
වෙනත් ව්‍යාපෘති තුල
රිදී විහාරය | |
---|---|
විස්තර | |
සංස්ථාපනය | ක්‍රිපූයු 2වන-සියවස |
පිහිටුවීම | |
නිර්මාතෘ | දුට්ඨගාමිණී රජ |
භික්ෂූන් වහන්සේ(ලා) | තිබ්බාබාටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල තෙරණුවෝ |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 7°33′N 80°29′E / 7.550°N 80.483°E / 7.550; 80.483 80°29′E / 7.550°N 80.483°E / 7.550; 80.483 |
ද්වාරය:බුද්ධාගම |
රිදී විහාරය යනු, ශ්‍රී ලංකාවේ, රිදීගම ගම්මානයේ පිහිටි, ක්‍රිපූයු 2වන-සියවසෙහි ථේරවාද බෞද්ධ සිද්ධස්ථානයකි. [1] කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙම විහාරය පිහිටා ඇත. මහාවංශයේ මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ "රජත ලෙන" යනුවෙනි. ජනප්‍රවාදවලට අනුව දුටුගැමුණු රජු රුවන්වැලි සෑය ඉදිකිරීමේදී රිදී ලැබුනේ මෙම ස්ථානයෙන් යැයි සඳහන් වේ. එබැවින් එය 'රිදී විහාරය' නම් විය.
දැනට මෙහි දක්නට ඇති විහාර ආදිය මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සාදා ඇත. මෙහි වටිනා සුවිශේෂ අංගයක් නැතහොත් නිමැවුමක් වන්නේ ඇත් දළින් සකස් කරන ලද උළුවස්සයි. එහි මුදුන "පන්චනාරිඝටය" නම් කැටයමින් අලංකාර කර ඇත. මෙහි ඇති බුද්ධ ප්‍රතිමාව දොළොස් රියනක් උස වේ. එහි මැද මකර තොරණකි.
දුටුගැමුණු රජතුමාගේ කාලයේ අනුරාධපුරයේ සිට මලය රටට තිබුණු ප්‍රධාන මාර්ගය වැටි තිබුනේ මෙම ස්ථානය අසළිනි. ජනප්රවාදයේ මෙම විහාරයට "වරකා වැළඳු විහාරය" යනුවෙන් ව්‍යවහාර වේ. මේ පිලිබඳව ඓතිහාසික ග්‍රන්ථවල ද සඳහන් වේ. චෛත්‍යය පිහිටා ඇත්තේ ගල මතය. ගලට පහළින් මහා විහාරයයි. මේ විහාරයේ දොරටුවලට අල්ලා ඇති යතුරු සිංහල රජ දවස යොදන ලද ඒවාය. උඩ විහාරයේ බිතු සිතුවම් දැකිය හැකිය. මෙම චිත්රවල සත්සතිය දක්වා ඇත.