සිංහල ජනකවි

ජන කවි
ගොනුව:Kawi maduwa.jpgවර්තමානයේ කවිය සීග්‍රයෙන් අභාවයට යමින් පවතී. කවිය අවියකි. සියල්ලෝටම කවි කල නොහැක. සිංහලයන්ටම උරුමවූ ලොව අන් තැනක දැකිය නොහැකිය. කවිය මරාදැමීමට වර්තමානයේ නිසදැස් පැමිණ ඇත, කවිය සහ කවියා රැකගැනීම සිංහල ජාතියේ සහ සියල්ලන්ගේම වගකීමකි. විශේෂයෙන් නව පරම්පරාව මේ පිළිබද දැනුවත් කිරීම උදෙසා මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත.
පොත පත පරිහරණයෙන් හෝ ඔබගේ දැනුමෙන් මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, අලුත් කරුණු එක්කිරීමෙන් සහ සංශෝධනයෙන් හෝ කරුණාකර දායකවන්න.

අතීත ජනයා තමන්ගේ මහන්සියත්, වෙහෙසත් නිවා ගැනීම සඳහා යොදා ගත් ජන කවිය විවිධ ක්‍ෂේත්‍රයන්, වෘත්තීන් ඔස්සේ නිර්මාණය වී ඇත.මෙම ජන කවි ගැමියාගේ ස්වයං නිර්මාණ වශයෙන් දැක්විය හැකිය.සෑම සහිත්‍යයකම ම වාගේ උගත් කවීන්ගේ මෙන්ම ම ජන කවීන් ගේ නිර්මාණ ද දක්නට ලැබේ. සිංහල කවින්ගේ ද මේ ස්වභාවය ඇත. උගත් කවීහු සම්මත වියරණ රීති හා ඡන්දස් අලංකාර රීතීන් ට අනුගත බවමින් නිර්මාණකරණයේ යෙදෙති. සම්භෞය ගණයේ ලා සැලකෙන සිළුමිණ, සසදාවත, මුවදෙව්දාවත යන ගී කාව්‍යයන්ගේ පටන් සන්දේශ කාව්‍ය, උපදේශ කාව්‍යාදී බොහෝ පැරණි කෘතීන් හි නිරූපණය වන්නේ මේ විවිධ කාවය රීතිය යි.ජන කවිය බිහි වූයේ විධිමත් අධ්‍යාපනයක් නොලබනලද සාමාන්‍ය ගැමි ජනයා අතුරිනි. යම්කිසි ජන කොට්ඨාසයක සිතුම් පැතුම්, සැප දුක් මෙන් ම ඔවුන්ගේ ඇදහීම්, ඇගයීම්, ජීවනෝපාය ආගමික පෝෂණය හා ගැමි සෞන්දර්යය ද ජන කවිය මගින් හෙළි කරයි.ජන කවි ජන ශ්රුති විශේෂයක් ලෙස සැලකේ. ඊට හේතුව වන්නේ කාලාන්තරයක් මුළුල්ලෙහි මේ නිර්මාණ පොදු ජනයා අතර පරම්පරාවෙන් පරම්පරාවට කටින් කට පැවත ඒමයි. පැල් කවි, පාරු කවි, නෙළුම් කවි, පතල් කවි ආදී විවිධ ජන කවි ලෙස බේද අද ලිඛිත ව ඇතත් මේවා අපට උරුම ව ඇත්ට්තේ කටින් කට පැවතෙමින් පරපරපුරෙන් පරපුරට ආරක්‍ෂා වූ නිසා ය.සිංහල ජන කවි අතරට ගැනෙන ලිඛිත ජන කාවය ග්‍රන්ථ කිහිපයක් ද ඇත. යසෝදරා වත, වෙස්සන්තර ජාතක කාවයය, තුන්සරණය යනු ඒවා ය.එඩ්මන් ගජමන් නෝනා, රංචාගොඩ ළමයා, අන්දරේ ආදි පැරණි ජන කවීන් ගැන ද අසන්ට ලැබේ.උගතුන් විසින් උගතුන් සඳහා රචනා කරන ලද විවිධ ජන කවිය වෙනස් වනුයේ ජන කවි තුළ දක්නට හැකි අවයාජත්වය, පුනරුක්තිය, අනුබේදනීයත්වය, සංයමය ආදී ලක්‍ෂණ නිසා ය.වී ගොවිතැන ජිවනොපය කර ගත් සරල කෘෂිකාර්මික සමාජය ජන කවිය සඳහා උල්පත විය. ගොයම් කවි, නෙළුම් කවි, පැල් කවි, කුරක්කන් කවි ආදී වශයෙන් ජන කවියෙහි විවිධ ස්වරූප අපට දැකිය හැක්කේ බම් බකත,හේන් හා පැල ඇසුරු කොට බගන ය. ගැමි කතුන් එක් ව බ ගායම් පැළ සිටුවීම, වල් පැළ ඉදිරීම බහෝ ගෝයම් නෙලීම දර්ශනයක් ගැමි කවියාබේ සිත පිබිදවීමට තුඩු බදන සුන්දර අත්දැකීමකි. එය සහජ කුසලතාබවන් පිරිපුන් ජන කවියකුගේ අතින් රසවත් කවියකට පෙරළී ඇති අයුරකි බම්. දුම් ර බකබත් වැට ැඳලා රැකුම් ැලුම්මහවැලි ගබේ දිය ැඳලා බකතට ගිලුම්බ ාළඳ ලියන් කර ඔසවා ලන ැලුම්තුන්පත් රටාවයි දුම් ර බකබත් බනළුම් බකත බහවත් කුඹුර ගැමියා බේ ස්වයංබපෝෂිත ආර්ිකබේ බක්න්රසථ්ානයයි. බසෞන්දර්යබේ නවාතැන් බපාළ ය. බකත ආශ රිත වැඩ කටයුතුවල දී ගන්බන් උත්සවශ රීයකි. බකත මඟින් ත සපයා ගැමියන්බේ කුසගිනි දුරු කරනවා පමණක් බනාව ඔවුන්බේ අබන්ක විධ්‍ දුක් බදාම්නස් හා ජීවන සරතස පළවා හැර සන්තෘප්තිය ළඟා බකබර්. බකබතහි සුන්දරත්වය ගැමියා දැක ඇති ආකාරය බම් කවිබයන් කියැබවයි. බකතක බගායම් පැළ නිල දිලිබසන වාවිබටක ඉඳන් මල් වඩම් තනන වාබකතක ඉඳන් මල් මාල බගාතන වාමලක මරු බස් වට නද බදන වා බගායම් බනළීම යනු ගැමියන් බේ සියලු පාර ර්ථනා මල්පල ගැන්වීමකි. බමතුවක් කල් වැගිරූ දහඩිය රන් අස්වනු වට පත් වූ බමාබහාබතහි ඔහු ල න අහිංසක වූ ද, අසමිීත වූ ද සතුට වචනයට බනානැඟිය හැකි තරම් ය. එ ැවිනි බගායම් බනළීම ජනකවියා නැටුම්, ගැයුම්, වැයුම්වලින් සපිරි බන්බරෝත්සවයක් බලස ඉදිරිපත් බකාට ඇත්බත්. බතල් ගාලා හිස ීරන් නෑබනෝඇට වැල ඇරබගන ැඳගන් නෑබනෝබසබ්ල් ඇරබගන ඇඳගන් නෑබනෝබගායම් බනළන්නට යමු අපි නෑබනෝ සැබදමු කදීමට රන් පැළ විලසටඅඳීමු කදීමට බස්බල් ඉණ වට ඳිමු කදීමට බකාණ්බේ මුදුනටකියමු කදීමට සින්දු ලතාවට බම් කවිවලින් කියැබවන පරිදි බගායම් බනළනා ළඳුන් ඒ සඳහා සැරබසන අයුරු බනත් සිත් ඇදගන්නාසුලු ය.වී බගාවිතැබන් දී බමන් ම බවනත් ජීවන වෘත්තීන්හි දී ද ජීවිතබේ සුව ර පැත්තට වඩා දුක් ර ජීවන අත්දැකීම්වලට මුහුණ දීමට ගැමියාට සිදු බවයි. තම කුඹුර විපතට පත්ව තිබ නු දුටු ගැමියකු තුළ හටගත් කම්පනය අවයාජ ව පළ බකබරන අවස්ථාවකි. බම්.පාට හොඳයි පැළ බවන ගොයම්නිඤල්ලඊට උඩින් ගැසුවා වැනි මඬ බරාල්ලයාල බදබගාඩ හඬනා මැ¾ඩියන් බගාල්ලබදවියනි, බුදුනි පාළුයි තංගලු මුල්ල බකත පිළි ඳ අබප්ක්‍ෂා භංගත්වය දුක හා කම්පනය ජන කවියා සංබක්තාත්මක ව දක්වා ඇති අයුරු බගායබම් නිල්ල, මඬබරාල්ල, මැඬියන් බගාල්ල හා පාළුයි යන බයදුම් මගින් ඉස්මතු බවයි.කෘෂිකාර්මික ජන ජීවිතබයහි තමා බපළන සමාජ පන්තිවලට ඇතුළත් පුේගලයන් බකබරහි උපදනා බනෝක්කඩුව හා විබරෝධ්‍ය වබරෝක්තිබයන් පර කාශ වන තැන් ද ජන කවියාබේ නිර්මාණ අතර දැකිය හැකි ය. මැණිබක් ඇවිත් අද තිසබ් ස් නියර පිටමඩ ඩිංගක් ඉසුණයි බනරි තුරැල්ලටසමාබවලා මාතින් වුණු වැරැේදටමැණිබක් ඉතින් යනවාබකෝ වලේවට ඇතැම් කවීන් මඟින් ගැමියා විඳින අබන්ක විධ්‍ දුක් බදාම්නස් අනුබේදනීය අයුරින් පළ බකබර්. කාබවයෝක්තීන් රසවත් ව කියා පෑබම්දී ජන කවියා විදේධ්‍ කවියාට බදබවනි බනාබේ. බරාත්බතන් බරාත්ත එන වලි කුකුළු පැටියබන්නිත්බතන් බගා ලු බදපතුල් රතු බකාබ යියබන් බමහි බයදී ඇති “නිත්බතන් බගා ලු බදපතුල් රතු බකාබ යියබන්” යන්න ාල නඟාබේ ළපටි ව හා සිත් ගන්නා ව ඉස්මතු කිරීමට ඉවහල් බවයි.රැය පුරා පතල් බදෝනා තුළ අපමණ බවබහස වී වැඩ කරන ගැමියන්ට රාති ්්රය ඉතා දිගු වූවක් බලස බපනී යයි. නව දවසකට හිරු පායා ඒම පිළි ඳ අබප්ක්‍ෂා ඔවුන්බේ සිත් තුළ ලියලන්බන් එ ැවිනි. එබහත් හිරු පායන්නට පමා වීම ඔවුන්බේ බනාමනාපයට බහ්තු වූ අයුරු ජන කවියා වයංගයාර්ථවත් ව පළ කරන්බන් බමබස ් ය.සූරිය සුබනර වට බදවරක් ගියාබදෝසූරිූූය යබනන රත ඇණ ඉගිලුණාබදෝවීරිය කරන රාහුට අසු වුණාබදෝසූරිය උදා නබූූන් එම නිසා බදෝ පහත දැක්බවන කවිය ද ජන ජීවිතය පිළි ඳ ගැඹුරු දර්ශනයක් බහළි කරන්නකි. මන්දාරමට උඩ ඉගිලෙන වැහි බල්නිබගානුබේ පිටට දැම්මා වැනි ර බගෝනිබවල මැද අම් ලම කාටත් පරබේණිමට තනි නැත උඹ නාඬන් උලබල්ණි ලවත් දුක් කම්කබටාලු උසුලමින් ගැමියා බගවන දිවිය බමමඟින් සංබක්තාර්ථවත් ව පළ කිරීමට ජනකවියා බපාබහාසත් වී ඇතජන කවිය හා ගැමි දිවිය.

කුරක්කන් කවි

1.හේනේ පැළේ මා විඳිනා සුරුක්කන්

ඌරෝ ඇවිත් වටපිට කරති සක්මන්

වැටටත් උඩින් උන් අල්ලන මලක්කන්

අපොයි මගෙ කිරි වදිනා කුරක්කන්


2.එපෙති දෙපෙති මහ හේනේ කුරක්කන්

මඟ යන්නෝ මට සරදම් කරක්කන්

එපෙති වෙන්ඩ කවුදැයි කළ නරක්කන්

කපා ගනිමු එක පෙත්තේ කුරක්කන්


3.දුරුතු මහෙදී කැලයට වැදීලා

මසක් පමණ කල් කැලවල් කොටාලා

මැදින් දිනේ දී වල් ගිනි තබාලා

කුරහන් ඉසිමුව කළුවර බලාලා


4.එල්ල වෙන්ට කවි කර කීවෙමි බෝම

කොල්ල කන්ට එති සිව්පාවෝ බොහොම

ගොල්ල සමඟ එති ඌරෝ සැමදාම

නිල්ල අබති සත් දවසින් බැලුවාම

රබන් පද

01. සඳුන් කැලේ අපි යනකොට රිලව් පනිනවාඑක රිලවෙක් බඩ බැඳගෙන පිනුම් ගහනවාතක දොං පිනුම් ගහනවා

02. දොන්ත බබක්කට දෙන්න දෙයක් නැතපෙට්ටගමක් උඩ තුටිටු දෙකක් ඇත

03.උඩ පල ගත්තත් වට්ටක්කාබිම පල ගත්තත් වට්ටක්කාඋඩ පල ගත්තත් බිම පල ගත්තත්පුංචි පුංචි ගෙඩි වට්ටක්කා

04.තරිකිට දොං දොං අවුරුද්දයිරබාන දැන් දැන් හරි සද්දයිතකිට දොදොං තකිට දොදොං තකිට දොදොං දොංඅපට අරන් කැවුම් කොකිස් නැන්ද එනව දොංඅක්කෙ වරෙන් නෑනේ වරෙන් නැන්දත් කැඳවන්අවුරුද්දට අපි හැමෝම රබන් ගහමු දැන්

05.රුං රුං රුඳ ගතරුංද ගතත් ගතරුංද ගතත් ගත තෙයිඅපේ ගෙදර තුන් දෙනයිඋඩහ ගෙදර තුන් දෙනයිපහළ ගෙදර තුන් දෙනයිතුන් පොළේම නව දෙනයිගසට පලච්චෙයි විමනාගසින් වැටිච්චෙයි විමනාවිමනා කුන්ද මනා කුකඳ මනාකුඳං මනා දොං

06. වත්ත කතත් කතත්තාගෙදර ගතත් කතත්තාවත්ත කතත් ගෙදර කතත්දෙකම කතත් කතත්තා

07.මිටක් අරගෙන විහාරෙට ගොසින් නංගියෙපූජකර වරෙන් නංගියෙ පූජකර වරෙන්බුදුන් දම් සඟුන් වැඳ-ලා දෙගුරු ගුරුවරන් සිහිකර පූජකර වරෙන් නංගියෙපූජකර වරෙන් තක තෙයි පූජකර වරෙන්

08.වංගගිරි මැද වෙස්සන්තර රජ දනක්දුන් සැටි අසන් දොං දොංරංග බබළාබබළ බබළානමින් අදිපති සුරන් දොං දොරංබ රඹ ගස යටට වී හැමකොළොම්පුරයේ ඉඳන් දොං දොංමේ ලංකාවේ නිරින්ඳුන් ඉදිරියේගසමුව රබන් දොං දොං

09.රෑන ගිරවු නටතෙයි ගුඳං ගුඳපේර දොඩම් වැටෙතෙයි – විටිං විටපේර දොංම් වැටෙටතයි

10.උඩින් උඩින් වර පෙත්තප්පුබිමින් බිමින් වර පෙත්තප්පුඋඩින් උඩින් වර බිමින් බිමින් වර කැවුම් කන්න වර පෙත්තප්පු

11.රාන් කිරිල්ලිය රාන් කිරිල්ලියරාන් කුරුල්ලට එන්න කියාපියරන් පුටුවක් උඩ ඉන්න කියාපියනූලක් මතුරල දේන කියාපිය

12.රන් රඹුටන් ගස් දෙකයිවළි කුකුළන් පස් දෙනයිඋන්ගෙ කරේ බොත්තමයිබලන්න හරි ලස්සණයි

13.අත්තක රතු මල් අත්තක සුදු මල්වලූ මල් බෙලි මල්නැන්දගෙ වත්තේ රෑණ කිතුල් මල්තකදොං තරිකිට තකදොං තරිකිටතකදොංතා තකදොංතා

14.තාක්ක දොං දොං තාක්ක දොං දොංතේක්ක මල් පිපිලාඔන්න බලන් සකි මෙන්න බලන් සකිපාරට අතු නැමිලා

15.ඉද්ද මලයි මල් වඩමයි දොංත තකිට තානෙලූම් මලයි මල් වඩමයි දොංත තකිට තාදොං ත තකිට දොංත තකිට දොංත තකිට තා

16.ඉර බසිනා කල ගසකට කුකුළන්පියාසරින් නගිතෙයිදෙපතුල් කටුවන් කරමල් රතුවන්රිංද ගුඳන් තකතෙයිඑළිවෙන යාමෙට ඌ ඉඳ එතනින්හීන් හඬින් හඬතෙයිකුකුළගෙ සවුදම ඔන්න ගසනවාකොක කොක් ගහිති ගතෙයි

17.වත්තෙ නැන්දගේ රෙද්දෙ තුත්තිරිසිද්ද පත්තිනි දෙයියනේතිත්ත තිබ්බටු තෙලෙන් බැද්දත්තිත්තමයි හැම දෙයියනේතෙලෙන් බැද්දත් කොබෙයියාකිරෙන් බැද්දත් කොබෙයියාතෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත්දෙකෙන් බැද්දත් කොබෙයියා

18.රුහුණු දනව්වෙහි කරොංචි නයිදෙටගෑනු හරක් බඳිතෙයි – තෙතෙයි තෙයිගෑනු හරක් බඳිතෙයිමදු කොළ අහුරක් මිටට කඩාගෙනඉදොඃ ඉදොඃ කියතෙයි – තෙතෙයි තෙයිඉදොඃ ඉදොඃ කියතෙයිබාන් පොටක් ගෙන කර දමාගෙනකදුරු ගහේ බඳිතෙයි – තෙතෙයි තෙයිකදුරු ගහේ බඳිතෙයිමෙච්චර මේ රටේ පිරිමි සිටිද්දිත්ගෑනු හරක් බඳිතෙයි – තෙතෙයි තෙයිගෑනු හරක් බඳිතෙයි

19.රන් කුඹලයි රන් කුඹලියි රටක පලච්චීගෙදර හිටිය වකුටු කෙල්ල දීග පලච්චීදොන්ත බබක්කට දෙන්න දෙයක් නැතවන්ඩු දෙකක් උඩු පිට්ටු දෙකක් ඇතතන තන්න තන තන්න තන තන්න කීවාළැම පැත්ත උස් වෙන්න කිරි මැට්ටා ගෑවා

20.බච්චො ආත්තත් ගොඬේ ආත්තත්කොත්තන් මුත්තත් – බබියානත්යකදුරු මුත්තත් පේදුරු මුත්තත්ඉලූක් කනත්තත් – කිරි එතනත්යද්දෙහි මුත්තත් ගෝසක මුත්තත්සලමන් මුත්තත් – කළු මුත්තත්මේ හැම මුත්තල අපේ ආත්තලකොහේ ගියත් දැන් – සුර පුරයේ

21.තකිට දොං දොං - තකිට දොං දොංතකිට දොං දොං දොං - අපිට අරන් කැවුම්, කොකිස්නැන්දා එනවා දොංතරිකිට දොං දොං අවුරුද්දයිරබාන දැන් හරි - හරි සද්දයිතකිට දොං දොං - තකිට දොං

22.පිලවක්කේ කැත්ත දො දොංපිලවටකර කැත්ත දො දොංගුදං ගතං කැත්ත දො දොංරාං රූං කැත්ත දො දොං

23.එගොඩ ගොඩෙත් රත්තරන්මෙගොඩ ගොඩෙත් රත්තරන්එගොඩ ගොඩෙත්, මෙගොඩ ගොඩෙත්ඇතෙක් බරට රත්තරන්...........

24.රන් තැඹිලි ගස් දෙකයිගොන් තැඹිලි ගස් දෙකයිගස් දෙකට මල් දෙකයිමල් දෙකට ගෙඩි දෙකයි

25.බුබුල් බුබුල් බණ්ඩක්කාතුට්ටු දෙකට මං ගත්තාතුට්ටු දෙකට මං අරගෙනතුට්ටු දෙකට මං වික්කා

26. බබරගලේ බබරගලේ බබර බදිනවා බබරගලේ බබර සුවද ගෙටම වදිනවා තක දොන් ගෙටම වදිනවා

27.තේක්ක නැන්දේ තේක්ක නැන්දේ තේක්ක මාමා කොයි අන්න බලන් සකි මෙන්න බලන් සකි ගහ උඩ සිට පෙරලෙයි

28.ඉහල ගෙදර තුන් දෙනයි

පහල ගෙදර තුන් දෙනයි

අපේ ගෙදර තුන් දෙනයි

මුලු වත්තෙම නව දෙනයි

වස් කවි

බහින ජලය මෙන් සියගත      ඇදීයන්

නගින ගහෙන් උගුරේ උල     ඇනීයන්

බඳින බැම්ම වල වරපට        කැඩීයන්

කෙමින ගත් හොරා හතරට    පැලීයන්

ඔන්චිලි වාරම් කවි

සිංහල අවුරුදු කාලයේ ඔංචිලි පැදීමේ ක්‍රීඩාව ඉතාජනප්‍රිය කාර්යයකි.බාල මහලු තරුණ කවුරුත් මෙම කවි ගායනා කරමින්මෙම ජනප්‍රිය ක්‍රීඩාව කරනු ලබයි.මෙසේ ගායනා කරන ගී ඔන්චිලි වාරම්ගී ලෙස හැදින්වේ.

01.ඔන්චිලි චිලි චිල්ල මලේවැල්ල දිගට නෙල්ලි කැලේකඩන්න බැරි කටු අකුලේකඩා දියන් මගේ මලේ

02.පදිනා කල විත් වැල් ඔංචිල්ලාඅඳිනා වත තද කර ඇදගල්ලාපදිනා වැල් දෙක බුරුල් නොදෙල්ල‍ාසොඳිනා ගී කියමින් පැදපල්ලා

03.උඩයන රවුමට පපුවයි දන්නේපාතට එනකොට නිවිලයි එන්නේපොල්ලක් පැන්නට බය නොසිතන්නේපත්තිනි දෙවිඳුට පින් දීපන්නේ

04.සතර දෙනයි අපි ආවේ ඔක්කොමසතර වටට සොඳ කැරකෙන ගෙත්තමසතර අතට අල්ලා මාලක්කමකතර ගමට බාරයි අපි ඔක්කොම

05.ඉඳ ගත්තෙමි උස පුටුවක ගුවනාබැඳ ගත්තෙමි ජය කොන්ඩය මුදුනාඇඳ ගත්තෙමි වතකුත් ආබරණාවැඳ ගත්තෙමි නාරායණ සරණා

06.පදිනා කල විත් වැල් ඔංචිල්ලාඅඳිනා වත තද කර ඇදගල්ලාපදිනා වැල් දෙක බුරුල් නොදෙල්ලාසොඳිනා ගී කියමින් පැදපල්ලා

07.මිතුර මෙනුඹ අපි එක්ව සියල්ලාකතුර ලෙසට බැඳි රන් ඔංචිල්ලානතර වෙවී ගුවනේ ඔංචිල්ලාමෙවර පදිමු අපි රන් ඔංචිල්ලා

08.විසි තුරු කර බැඳි රන් ඔංචිල්ලාරිසි රිසි අය අරගෙන පැදපල්ලාඇසි පිය නො හෙළා බලා සිටිල්ලාකිසි තැන නැත මේ ලෙස ඔංචිල්ලා

09.පුර වර මැද බැඳි රන් ඔංචිල්ලාදුර යන තරමට පුදුම නො වෙල්ලාවවුලන් ලෙෂ කැරකෙයි ඔංචිල්ලාඅපිත් පදිමු දැන් රන් ඔංචිල්ලා

10.රනේ රුව සේ ඇති බාල ළදුන් නේකණේ තොඩු දෙක දෙපිට වැනෙන්නේඉනේ සළුව තද කර ඇද ගන් නේඅනේ ළදුනි ඔංචිලි පැදපන් නේ

11.අත්ත උසං උසං උසංජම්බු පොකුරු සිලිං බිලිංලොකු අක්කේ පදිං පදිංජම්බු කඩං බෙදං බෙදං

12.වවුල් දහයි දහයි දහයිකොක්කු දහයි දහයි දහයිඅහසේ උඩ නගියි නගියිපදිමු අපිත් එහෙයි මෙහෙයි

13.ඉරු දෙවියෝ යන්නේ උඩින්සඳ දෙවියෝ යන්නේ උඩින්තරු බැබළෙන අහස උඩින්නඩා ගහමු අපිත් උඩින්.


කමත් කවි

1. ඉර දෙවියෝ වැඩිය තැනේ
බොල් පිනි නොතිබෙයි එතැනේ
සඳ දෙවියෝ වැඩිය තැනේ
කරුවල නොතිබෙයි එතැනේ
2.
ගොනු යන්නේ කඳු බොඩලු
අප යන්නේ පා බොඩලු
පලදින්නේ මුතු පබළු
වලඳන්නේ කිරි කබලු
3.
මේ කාගේ මේ කමතා
ඉරු දෙවියන්ගේ කමතා
ඉරු දෙවියෝ බිම් බඳිතා
බිම් බැඳි තැන කොළ බඳිතා
For More-:සැකිල්ල:Https://youtu.be/Zd-W7TdGkpw


කරත්ත කවි

සසඳ සසඳ හඳ පානේ අපි           යනවා

මම්මල බඳව ගොන් බානක්    දක්කනවා

සකිය සගව්ව‍ට රෝදය කැර     කෙනවා

දත් කැකුළට අපි කුරුණෑගල්      යනවා

සසඳ සසඳ සඳ පානේ අපි යනවා
මක්කොලි බඳට ගොන් බානක් බැඳ යනවා
සකිය සගව්වට රෝදේ කැරකෙනවා
දත් කැකුළට  නාරම්මල ලතැවෙනවා

කොළඹ කො‍ටුවෙ කො‍ටු දොරකඩ තාප්පේ
ඩකු ඩුකු ගගා බිම පෙරළෙන පීප්පේ
එගොඩ ගොඩේ රා විකුණන කෝප්පේ
දෙනවද අක්කෙ ඔය පුච්චන ආප්පේ

බත උයලා කාබී අපි සිත අයුර
තණ කවලා ගොන් දෙන්නට දී වතුර
නතර වෙලා අද රෑ ගාලෙහි වැතිර
එළිවෙන ජාමෙ පිටවී යමු හිත මිතුර

බැඳලා විය බාන ගොන් දෙන්නගෙ කරට
මැනලා ගනිමු බෝතලයක් සිලිමකට
බෙදලා බොමුව හැම දෙන එක්ක හරියට
කොතලාවල පසුකර මිතුර හනිකට

සසඳ සසඳ සඳ පානේ අපි යනවා
මක්කොලි බඳට ගොන් බානක් බැඳ යනවා
සකිය සගව්වට රෝදේ කැරකෙනවා
දත් කැකුළට  නාරම්මල ලතැවෙනවා



හඳපානේ නරක ද මීගමු යන්න
එමපානේ නරකද වෙළඳම් යන්න
බැරි රාලේ කරවල ගඳ උහුලන්න
මතුවාරේ නොපතන් මීගමු යන්න

පැල් කවි

පැලේ පැදුර සුළඟට වැනි      වැනීයෝ

වැවේ වතුර රැල්ලට සිඳි           සිඳීයෝ

වෙලේ ගොයම පින්නට පැසි   පැසීයෝ

‍අපේ මෙවන් දුක දෙවිඳුට     පෙනීයෝ


පිලේ පැදුර හේනට අරගෙන එනවා

එලා පැදුර මැස්සේ එහි බුදියනවා

රටා වියපු අත් දෙක මට සිහි වෙනවා

හිතේ දුකට එතකොට කවි කියවෙනවා


අන්දරේ උඹ ද ඔය පැල් රකින්නේ

         ගින්දරේ නැතිව මදුරන්  තලන්නේ       යන්තරේ නොවෙද පපුවේ ගැහෙන්නේ     අන්දරේ කියන් ඇයි දුක්    විදින්නේ

පාරු කවි

ගමන් යන්ඩ නැකතින් පාරු පැද   ගෙනේ

සමන් දෙවියන්ඩ පුද පඬුරු බැඳ   ගෙනේ

මෙවන් කළු ගගේ කඳු මුල් බලා    ගෙනේ

අපිත් යමුව සැම දෙවියන්ට වැඳ   ගෙනේ


ඔන්න මලේ ඔය නා මල නෙලා වරෙන්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
සාදුකාර දී ඔරුවක නැගී වරෙන්.


නෙළුම් කවි

01.

දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්

මාවැලි ගඟේ දිය බැඳලා කෙත‍ට ගිලුම්

බොළඳ ළියන් කර ඔසවා බලන බැලුම්

තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්


02.
සෙතක් ලැබේවා තිසරණ සරණේ අවසර
මෙලක් දිවට අධිපති සැම දෙවිඳුන් සිහිකර
දොසක් ඇතත්දුරු කර සෙත සලසා නිරතුර
මදක් කියමි නෙළුම් තහංචිය අපි කවි කර

03.
සැමට කියමි වදනක් සිතුසේම අසන් නට
සතුටු සිතින් පිළිගනු එය සමාවෙලා මට
කෙතට බසින්නට පළමුව බුදු ගුණ සිහි කොට
පිහිට පතා දෙවියන්ගේ බසිමුකො කුඹුරට

04.
උදේ සිටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා
අතේ තියෙන නෙලාපු වල් විසි කරපල්ලා
ඉනේ තියෙන ලේන්සු පොඩි අතට ගනිල්ලා
බුදුන් දහම් සඟ සරණින් ගොඩට යමල්ලා


01.

දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්

මාවැලි ගඟේ දිය බැඳලා කෙත‍ට ගිලුම්

බොළඳ ළියන් කර ඔසවා බලන බැලුම්

තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්

02.

සෙතක් ලැබේවා තිසරණ සරණේ අවසර

මෙලක් දිවට අධිපති සැම දෙවිඳුන් සිහිකර

දොසක් ඇතත්දුරු කර සෙත සලසා නිරතුර

මදක් කියමි නෙළුම් තහංචිය අපි කවි කර

03.

සැමට කියමි වදනක් සිතුසේම අසන් නට

සතුටු සිතින් පිළිගනු එය සමාවෙලා මට

කෙතට බසින්නට පළමුව බුදු ගුණ සිහි කොට

පිහිට පතා දෙවියන්ගේ බසිමුකො කුඹුරට

04.

උදේ සිටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා

අතේ තියෙන නෙලාපු වල් විසි කරපල්ලා

ඉනේ තියෙන ලේන්සු පොඩි අතට ගනිල්ලා

බුදුන් දහම් සඟ සරණින් ගොඩට යමල්ලා


01.
දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්මාවැලි ගඟේ දිය බැඳලා කෙත‍ට ගිලුම්බොළඳ ළියන් කර ඔසවා බලන බැලුම්තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්02.
සෙතක් ලැබේවා තිසරණ සරණේ අවසර
මෙලක් දිවට අධිපති සැම දෙවිඳුන් සිහිකර
දොසක් ඇතත්දුරු කර සෙත සලසා නිරතුර
මදක් කියමි නෙළුම් තහංචිය අපි කවි කර

03.
සැමට කියමි වදනක් සිතුසේම අසන් නට
සතුටු සිතින් පිළිගනු එය සමාවෙලා මට
කෙතට බසින්නට පළමුව බුදු ගුණ සිහි කොට
පිහිට පතා දෙවියන්ගේ බසිමුකො කුඹුරට

04.
උදේ සිටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා
අතේ තියෙන නෙලාපු වල් විසි කරපල්ලා
ඉනේ තියෙන ලේන්සු පොඩි අතට ගනිල්ලා
බුදුන් දහම් සඟ සරණින් ගොඩට යමල්ලා

පතල් කවි

මහ බෝගලට අපි ඇවිදින් විඳිනදුකා
ගැට්ට නැති මුට්ටි පොඩියේ උයාකකා
පනන් විස්ස ණය වෙනකොට සිතේදුකා
සතර වරම් දෙවි පිහිටෙන් නොවන්දුකා
**
දුම්බර කන්ද පාමුල මිනිරන්පතළේ
බැහැලා බඹ තිහක් කලුගල සිදුරුකළේ
බස්නාහිරට දෝනා දෙක ගමන්කළේ
විස්තර කියමි දුම්බර මිනිරන්පතළේ
**
ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පිය දකින්නට

සංවාදාත්මක කවි

රජතුමා

ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක් නැත

තිරුවා මෙමන් අඹගමුවට යවා ඇත

බොරුව කියා තී රවටා යයි නොසිත

හරුව දොර මෙපුර මහරජ මමය කත

තිරුවා

ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක් නැත

ඔරුව ලඟට තොට පදිනා කෙනෙක් නැත

පියානන්ට බොරු කියනා කෙනෙක් නැත

තිරුවා මමයි මම අඹගමු ගියේ නැත

තරුණයා

අල්ලගෙන නෙරිය අතකින් කිම්ද නගෝ

වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ

හිමියෙක් නැති ගමන තනි මග කිම්ද නගෝ

අම්බලමේ ඉඳලා අපි යමුද නගෝ

තරුණිය

අල්ලගෙන නෙරිය මඩ තැවරෙන හින්දා

වසාගෙන දෙතන බිලිඳුගෙ කිරි හින්දා

බාල මස්සිනා පස්සෙන් එන හින්දා

යන්නම් අයියන්ඩි ගම රට දුර හින්දා

උපමා කවි

දිරන තුරු වහල පොල් අත්ත නොබඳිති

ඉරෙන තුරු රෙද්ද තවෙකක් නොම ගනිති

කෙරෙන තුරු යමක් එහි තරම නොදනිති

මැරෙන තුරු ඉගෙන ගන්න දේ තිබෙති

උපදේශ කවි

ගඟ දිය බොරවුණත් කූනිස්සන්ටයි වාසී

ඒ දිය බොරවුණත් කඩයටමයිවාසී

නිල තල වැඩිවුනත් මහතුන්ටයිවාසී

කුලමල නැති වෙන්ඩ අවුසදයක් කාසී


පීහිල්ලේ දියට කළයක් නැමූවත්

නොපිරේ කලය හැට පැයකින් බැලූවත්

ගුණ නැති එකා බණ දහමින් වෙලූවත්

උගේ ගතිය ඌ නාරී මැරූවත්


බස්සා නිදිමරයි කිසි හොරකමක් බැරි

බල්ලා සෙමින් නොගියත් කිසි වැඩක් බැරි

ඌරා මඩ හෑරු මුත් වැපරුමක් බැරි

සිවලා සිංහ වෙස් ගත්තද නාද බැරි


ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ

මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ

අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ

හානා හීය පානා අඬහැරෙන් දැනේ


අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා

විදුලි එළිය දැක ගිනිහුළ දියේ හෙලා

අනුන් ලියන් දැක තම ලියටතල තලා

දුවනමුවන් දැක නොදමන් නෙළුව පලා

කවට කවි

මාමයි මමයි වැලි කුඹුරේ හානකොට.

දත්කො‍ට ඇතෙක් එනවා අපිමරන්නට.

වටපිට බැලිමි ගසකුත් නැතනගින්නට.

පිටපට ගසා පැන්නෙමි මාමගෙ කරට.

සොකරි කවි

යාලක් විතර වී අව්වේ වනාලා.

දොළසක් විතර ඇඟ ගෝමර ඉසීලා.

අතක් දිගට නිල් වරලස මිදීලා.

සොකරි සිටිති වී අව්වේ වනාලා.

සෙත් ශාන්ති යාතිකා කවි

  • කළු කපුටා සුදු වන තුරු

මෝල් පිල්ල ලියලන තුරු

ඉඟුරු ඇස්ස පැලවෙන තුරු

එකසිය විස්සට දෙසිය විස්සක්

ආයුබෝ වේවා !

  • සිරස සවන් යුග මුඛ තුළ බෙල්ලේ

දෙවුර දෙවැලමිට අත දසැඟිල්ලේ

බඩ උකුලද දන කෙන්ඩ වලල්ලේ

දොස හැර පලයන් පතුලේ සියල්ලේ

තේරවිලි කවි

ප්‍රශ්නය

දෙපා දෙකෙන් දුර ගමනක් බෑ හේමා

නෙත් දෙකකුත් ඇත නිදිමත නැත හේමා

කුස තුල බඩගිනි උන්දෑට නැත හේමා

මෙතුන් පසේ තෝරන්නට බෑ හේමා

පිළිතුර

වනන්ත‍රේ ගල් උණූවනවා හේමා

ගමේ කම්මලේ මිටියෙන් වැඩ ‍හේමා

ජල බොර දියෙන් පණ රැකුණා හේමා

මෙතුන් පදේ ගිරයට කිව්වා හේමා

තල මල් කවි

  • සඳ විලසින් සඳ මඩල ලෙසින් එම රැස් විලසින් මල් වට දිලෙනා

දඹ ගෙතුමෙන් මුතු පබලු පෙලින් පෙළ කිනිති බරින් මල් වට දිලෙනා

නද කරමින් වීණාව නදින් බිඟුරොන් ගනිමින් ගුවනේ තිබුනා

සොඳ රුවනින් තලමල මෙලෙසින් සක්වල සතොසින් ඒ මල පිපුනා

  • ලෙල දෙමිනේ මල උඩු ගුවනේ මුතු කුඩ ලෙසිනේ සුළඟට වැනුනේ

සොඳ ලෙසිනේ මිනි වර්ණ ලෙසේ ඈතට පෙනුනෙ රන්කොත ලෙසිනේ

අප තොසිනේ මල දැක නෙතිනේ සිත පිරිය වුණේ නිම්නැති ලෙසිනේ

මෙම ලෙසිනේ තල මල පිපුනේ සකි විය සකිනේ සොඳ ගල මුදුනේ

උඩැක්කි කවි

‍පෙර බුදු මඟුලට ගැසූඋඩැක්කිය
ඒ බුදු මඟුල‍ට ගැසූඋඩැක්කිය
සතර වරම් සැමටා දෙවි   සක්කිය
ගුරුනි දෙවන් මට බුද්ද   උඩැක්කිය


❗ජන ගී වල නිර්මාණාත්මක ලක්ෂණ❗
  • ශ්‍රැති ගෝචර රිද්මයක් ඔස්සෙ රස උත්පාදනය කිරීම.
  • සෞන්දර්යාත්මක චින්තනය ප්‍රකාශයට පත් වීම.
  • ගැමි වහරේ අපූර්වාලංකාර භාවිතයන් සහිත වීම.
  • ජන දිවියෙ හා පරිසරයේ රිද්මය අව්‍යාජව ගැබ්කර තිබීම.
  • ගැමියන්ට හුරු පුරුදු උපමා, රූපක භාවිතයෙන් ව්‍යංග්‍යර්ථ දැනවීම.
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සිංහල_ජනකවි&oldid=658248" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි