අකිටා

අකිටා යනු ජපානයේ උතුරැ කදුකර ප්‍රදේශ වලින් සම්භවය වුනු උසස් සුනඛ මුහුමකි.ජපන් අකිටා සහ ඇමෙරිකානු අකිටා ලෙස අකිටාවන් විශේෂ 2ක් හදුනාගත හැකිය.මොවුන්ගෙන් ජපන් අකිටාවන් වර්ණ කීහිපයකින් පමණක් දැක ගත හැකි වුවද ඇමෙරිකානු අකිටාවන් සුනඛයන් දැකිය හැකි සියලුම වර්ණයන්ගෙන් දැකගත හැක.සයිබීරියන් හස්කිනමැති උතුරැ කලාපෙය් වෙසෙන සුනඛ විශේෂෙයේ මෙන් අකිටා විශේෂයේ ඇත්තේ කෙටි ලෝම ස්ථරයකි.නමුත් නිලීන ජාන වල ප්‍රථිඵලයක් වශයෙන් දිගු ලෝම ස්ථරයක් සහිත අකිටාවන්ද ඇතැම් විට දක්නට හැක.

අකිටා
ඇමරිකානු අකිටා (වම්පස) සහ ජපන් අකිටා (දකුණු පස)
වෙනත් නම්ජපන් අකිටා, ඇමරිකානු අකිටා
රටජපානය
Traits
බරපිරිමිAmerican:100–145 pounds (45–66 kg);
ගැහැණුAmerican:80–120 pounds (36–54 kg);
උසපිරිමිJapanese: 64–70 cm (25 ¼–27 ½ in); American:26–28 inches (66–71 cm);
ගැහැණුJapanese: 58–64 cm (22 ¾–25 ¼ in); American:24-26 inches (61-66 cm);
ලෝම ආවරණයdouble coat
වර්ණයAmerican: All colours; Japanese: Red, fawn, sesame, brindle, pure white, all with whitish coat on the sides of the muzzle, on the cheeks, on the underside of jaw, neck, chest, body and tail and on the inside of the legs (Urajiro)
පැටවුන් ප්‍රමාණය3–12 puppies, avg. 7–8
ජීවිත කාලය10 years[1]
Dog (Canis lupus familiaris)

අකිටා විශේෂය ඉතා ශක්තිමත්, ස්වාධීන සත්ව විශේෂයක් වන අතර ආගන්තුකයින්ගෙන් වෙන්ව සිටීමට කැමති නමුත් පවුලේ සමාජිකයන් සමග ඉතා සමීපව හුරතල් වීමට කමැත්තක් දක්වයි.වංශයක් වශෙයන් අකිටා වංශය ඉතා ශක්තිමත් වුවද මොවුන්ට ජානමය රෝග සදහා බහුලව මුහුණ දීමට සිදුවන අතර ඇතැම් ඖෂධ සදහාද දැඩි ලෙස සංවේදී වේ.

ඕස්ට්‍රෙලියාව, ඇමෙරිකාව හා කැනඩාව වැනි රටවල අකිටාවන්ගේ දැකිය හැකි සැළකිය යුතු විශේෂතා නිසා වර්තමානෙය් ලොව ඇතැම් රටවල ඇමරිකානු අකිටාවන්, ජපන් අකිටාවන්ගෙන් වෙන්වු විශේෂයක් ලෙස සළකනු ලැබේ‍.... කෙටි කාලසීමාවකදී ඇතැමි රටවල ඇමරිකානු අකිටාවන් ශ්‍රේෂ්ඨ ජපන් අකිටා "Great Japanese Dog" ලෙසද හදුන්වනු ලැබුවේය.මෙම විශේෂ 2කම ලොවපුරා අතිශය ජනප්‍රිය වුයේ දෙවන ලෝක යුද්ධයට පෙර ජපානෙය් ජීවත් වු Hachiko හචිකෝ නම් සුනඛයාගේ සත්‍ය කථාව නිසාය.

පෙළපත් නාමය ආශ්‍රිත ගැටලු : ඇමරිකානු අකිටා, අකිටා සහ අකිටා ඉනු

,

American style Akita
An American-Style Akita

ප්‍රදර්ශනය සදහා සුනඛයන් ඇති කරන පිරිස් අතර ඇමරිකානු අකිටා සහ ජපන් අකිටා ලෙස අකිටා වන් වර්ග 2ක් ඇත්ද යන් පිළිබදව මතවාද පවතී.අද වන විට,American Kennel Club[2], Canadian Kennel Club[3],and the Australian National Kennel Council[4] යන සුනඛ සමාජ පමණක් ඇමරිකානු අකිටාවන් සහ ජපන් අකිටාවන් එකම වංශයක සුනඛයින් වර්ග 2ක් ලෙස සළකන අතර එම දෙවර්ගය අතර නිදහස් අන්තර් අභිජනනය සදහා ඉඩදී ඇත. නමුත් Federation Cynologique Internationale,[5], The Kennel Club,[6][7] New Zealand Kennel Club[8][9], සහ Japan Kennel Club[10]යන සුනඛ සමාජ ජපන් අකිටා සහ ඇමරිකානු අකිටාවන් එකිනෙකට වෙනස් වංශ 2ක් ලෙස සළකයි. ඇතැම් රටවල් ඇමරිකානු වර්ගයේ අකිටාවන් සදහා ඇමරිකානු අකිටා යන්න වෙනුවට "අකිටා" යන නාමය පමණක් භාවිතා කරයි.මෙම ගැටලුව වඩාත් මතභේදකාරී වී ඇත්තේ ජපානය තුළයි. 1999 ජුනි මස FCI සංවිධානය විසින් ඇමරිකානු අකිටාගේ නම "ශ්‍රේෂ්ඨ ජපන් අකිටා" The great Japanese Dog ලෙස වෙනස් කිරීමට තීරණය කළවිට FCI සංවිධනායේ රටවල් 84 අතර මෙම අකිටාවන් වර්ග පිළිබදව මත භේදයක් ඇති විය.පසුව මෙම නාමය ඇමරිකානු අකිටා ලෙස 2006 ජනවාරි මස සංශෝධනය විය.

ඉතිහාසය

ජපන් ඉතිහාසය

Japanese style Akita

ජපන් ඉතිහාසයේ වාචික හා ලිඛිත මුලාශ්‍ර වල අකිටාවන්ගේ මුතුන් මිත්තන් පිළිබදව විස්තර කරන අතර මතාගි සුනඛයා Matagi පැරණිම දේශීය සුනඛයා ලෙස එම මුලාශ්‍ර වල සදහන් කර ඇත.අද සිටින අකිටාවන් ප්‍රධාන වශයෙන් සම්භවය වී ඇත්තේ අකිටා ප්‍රාන්තයේ , හෝන්ෂු දුපතේ උතුරැ ප්‍රෙද්ශ වලිනි.මේනිසාම ඔවුන්ට අකිටා යන පෙළපත් නාමයද ලැබී ඇත. මතාගි සුනඛයා වල් ඌරන්, සිකා මුවන් හා ආසියානු කලු වලසුන් දඩයම් කරයි. මෙම පුරෝගාමි සුනඛයා විශාල ගොදුරැ අල්ලා ගෙන ඒවා කලපු වල රදවා ගනිමින් දඩයම් කරැවන් පැමිණ ගොදුර මරා දමන තුරැ බලා සිටි. මෙම වංශයේ සුනඛයින් ඉතා වේගයෙන් වර්ධනය වන සටන්කාමී සුනඛයින් ලෙස 20 වන සියවසේ ඕඩේට් නගරයේ [11] දක්නට ලැබෙන සුනඛ සටන් ක්ෂේත්‍රයට යොදා ගැනීමේ අරමුණින් යුතුව ඉංග්ලිෂ් මස්ටීෆ් [12],ග්‍රේට් ඩේන් [13], සේන්ට් බර්නාඩ් [14] යන ආසියාවේ හා යුරෝපයේ සිටින ප්‍රමාණයෙන් විශාල සුනඛ වංශ සමග දෙමුහුම් කර ඇත. දෙවන ලෝක යුද්ධ සමයේදී රජය විසින් හමුදාවට අයත් නොවන දුර්වල සුනඛයින් මරා දැමීමට අණ ලබා දුන් අතර එයින් අකිටා වර්ගයේ සතුන් බේරා ගැනීම සදහා ඔවුන් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ [15] සුනඛයින් සමග දෙමුහුන් කරන ලදී. ඇමරිකානු අකිටාවන් ආරම්භයේදී ජපන් අකිටාවනගේ ප්‍රෙභ්දයේම වු අතර එම ස්වරෑපය නිසා ඔවුන් තරග හා ප්‍රදර්ශන සදහා සුදුස්සන් නොවුහ.හචිකෝ [16] නමැති ඉතා සම්මානනීයත්වයට පත්වු අකිටා වර්ගයේ සුනඛයා නිසා අකිටාවන්ට ජාත්‍යාන්තර තලයට ඇතුල් විමට හැකි විය. හචිකෝ 1923 දී උපත ලැබු අතර ටෝකියෝ නුවර [17] මහාචාර්ය හිඩෙසාබියුරෝ [18] ඔහුගේ හිමිකරැ විය. මෙම මහාචාර්යවරයා ෂිබුයා දුම්රිය ස්ථානය [19] ආසන්නයේ ජිවත් වු අතර දිනපතා දුම්රියෙන් රැකියාවට පිටත් විය. හචිකෝද තම ස්වාමියා සමග දිනපතාම එම ගමනට හවුල් විය. 1925 මැයි මස 25 හචිකොගේ වයස මාස 18ක් වනවිට ඔහු තම ස්වාමියා එන තුරැ දුම්රිය ස්ථානයේ රැදි සිටියද මහාචාර්යවරයා රැකියා ස්ථානයේදී ඇතිවු මාරාන්තික හෘදායාබාධයක් නිසා මරණයට පත්විය. නමුත් හචිකෝ දිගින් දිගටම තම ස්වාමියා එනතුරැ බලා සිටියේය.ඔහු අවරැදු 9ක් යනතුරැ සෑම දිනකම දුම්රිය ස්ථානයට පැමිණ ගියේය. මහාචාර්ය වරයාගේ ඥාතීන් ඔහුව රැක බලා ගත්තද ඔහු තම ස්වාමියා එනතුරැ බලා සිටීම අත් හැරියේ නැත. මොහුගේ මෙම බලා සිටීම 1934 දී ලෝකයේම ප්‍රසිද්ධ වු අතර ඔහුට ගෞරවයක් ලෙස ඔහු මියගිය පසු එම දුම්රිය ස්ථානයේ හචිකෝගේ ලෝකඩ ප්‍රතිමාවක් දුම්රිය ස්ථානයේ ඉදි කරවීය.යුද්ධ කාලසීමාවේදී එම ප්‍රතිමාව යුද්ධෝපකරණ නිසා විනාශ වී ගිය අතර නැවතත් එම ප්‍රතිමාව යුද්ධය අවසන් වු පසු ඉදිකරන ලදී.1936න් පසු සෑම අප්‍රෙල් 8 වෙනිදාම හචිකෝගේ කැප කිරීම මහත් ගරැ ගාම්භීරව ටෝකියෝ දුම්රිය ස්ථානයේදී අනුස්මරණය කෙරේ.හචිකෝගේ ඓත්හාසික විශ්වාසනීයත්වය ජාතියේම විශ්වාසනීයත්වය හා පක්ෂපාතීත්වය සදහා සංකේතයක් බදු විය. 1931දී අකිටාවන් ස්වභාවික ජපන් ස්මාරකයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී.1934 දී අකිටා ඉනු වංශය සදහා ජපන් ප්‍රමිතීන් ලයිස්තු ගත කරන ලදී.1967දී අකිටාවන් සංරක්ෂණය කිරීමේ සංගමයේ 50 වන සංවත්සර සැමරැමේදී අකිටා සුනඛයින් සදහා කෞතුකාගාරයක් ඉදි කෙරිණි. 1937 දී Hellen Keller [20] ජපානයේ සංචාරය කළාය.ඇය අකිටා වංශය කෙරෙහි විශාල උනන්දුවක් දැක්වු අතර ඇය නැවත එක්සත් ජනපදය වෙත යනිවිට ඇයට අකිටාවන් දෙදෙනකු තෑගි වශයෙන් පිරිනැමුනී. ඔගසවේරා මහතා විසින් ඇයට පිරිනැමුනු ලැබු එක් සුනඛයකු නමින් Kamikaze-go වන අතර ඔහු මාස 5දී සිත් තැවුල නිසා මියගියේය.ඇය නැවත එක්සත් ජනපදයට පැමිණියේ මාසයකට පසුය. ඒ අනුව Kamikaze-go ගේ සහෝදරයා Kenzan-go වු අතර ඔහුද 1940 මැද භාගයේදී මිය ගියේය. 1939 වන විට මෙම වංශයේ ප්‍රමිතීන් ස්ථාපනය වුනු අතර සුනඛ සංදර්ශනද පැවැත්විණි. නමුත් එවැනි සංදර්ශන දෙවැනි ලෝක යුද්ධයේ ආරම්භයත් සමග නැවතිණි. Hellen Keller විසින් වරෙක සගරාවකට මෙසේ ලීවේය.

කෙදිනක හෝ ලොම් වලින් පිරැණ සුරදුතයෙක් සිටියේ නම් ඒ Kamikaze-go ය.ඔහු කෙරෙහි මා තුළ වු කරැණාවන්ත බව වෙනත් කිසිදු සුරදුතවකු කෙරෙහි ඇති නොවන බව මම දනිමි.අකිටා තුළ මාගේ සිත් ඇදගන්නා සියලු ගති ලක්ෂන පැවතුණි. ඔහු ආචාර සම්පන්න, ප්‍රිය මනාප හා විශ්වාසනීය සුනඛයෙකි.

[21][22]

තම උපන් භූමිය තුළ බෝවීමේ ස්ථාවර වීම ආරම්භ වීමත් සමගම දෙවන ලෝක යුද්ධය නිසා අකිටාවන් වද වීමට ලක්විය. දෙවන ලෝක යුද්ධයේ ආරම්භයත් සමගම පෝෂ්‍යදායී ආහාර අඩු වීම නිසා සුනඛයින් මහත් පීඩාවට පත්විය. ඉන්පසු සාගතයෙන් පෙලුනු ජනයා විසින් ඔවුන්ව ආහාර වශයෙන් හා ඔවුන්ගේ සම් ඇදුම් වශයෙන් යොදාලන්නා ලදී. අවසානයේ රජය විසින් රෝග ව්‍යාප්තිය පාලනය සදහා ඉතුරැ වී සිටින සුනඛයින්ද මරා දමන ලෙස නියෝග කළේය.තම ආදරණිය අකිටාවන් රැක ගැනීමට ඔවුන් කෙරහි ආදරයක් දක්වන හිමිකරැවන්ට කළ හැකි එකම දෙය වුයේ ඔවුන් තම මුතුන් මිත්තන් සමග කදුකර ප්‍රෙද්ශ වල නිදහසේ සැරිසැරීමට ඉඩ හැරීමයි.

මුලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=අකිටා&oldid=496781" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි