අය්‍යාවළී

අය්‍යාවළී බලන්න.

අය්‍යාවළි (දෙමළ: அய்யாவழி, මලයාලම්: അയ്യാവഴി [1] ) යනු දකුණු ඉන්දියාවේ ආරම්භ වූ පරමාදර්ශී විශ්වාසයකි. [2] පුවත්පත් කිහිපයක්, රජයේ වාර්තා, සඟරා සහ ශාස්ත්‍රීය පර්යේෂකයන් විසින් එය ස්වාධීන ඒකාධිකාරී ආගමක් [3] ලෙස සඳහන් කර ඇත. කෙසේ වෙතත්, ඉන්‍දියානු ආගමික සංගණනවලදී, එහි අනුගාමිකයන්ගෙන් බහුතරයක් තමන් හින්‍දු භක්තිකයන් ලෙස ප්‍රකාශ කරගනිති. මේ අනුව, “අය්‍යාවාළී” ද හින්‍දු නිකායක් ලෙස සැලකේ.[4][5][6] කෙසේ වෙතත් නිල වශයෙන් (නීත්‍යානුකූලව) එය හින්‍දු ආගමික නිකායක් ලෙස හින්‍දු ආගම තුළ පවතී.අය්‍යාවළී නිකාය, ප්‍රධාන ව, ප්‍රධාන වශයෙන් කේන්‍ද්‍රගත වී ඇත්තේ “අය්‍යා වෛකුන්‍දර්”ගේ ජීවිතය හා දේශනා මත ය. එහි අදහස් හා දර්‍ශනය පදනම් වී ඇත්තේ “අකිලතිරට්ටු අම්මනෛ” සහ “අරුල් නූල්” යන ශුද්‍ධ ග්‍රන්‍ථ මත ය. ඒ අනුව, වෛකුන්‍දර් යනු නාරායනගේ පූර්ණාවතාරයයි. [7] අය්‍යාවළී, හින්‍දු ආගම සමඟ සහ එහි විශ්වාසයන් හා භාවිතයන් පිළිබඳ බොහෝ අදහස් බෙදාගනී, නමුත් එහි යහපත හා නපුර සහ ධර්‍මය පිළිබඳ සංකල්පවල සැලකිය යුතු ලෙස වෙනස්කම් පවතී. අය්‍යාවළී නිකාය, ධර්‍මය කෙරෙහි කේන්‍ද්‍රීය අවධානයක් යොමු කිරීම නිසා එය ධර්‍ම විශ්වාසයක් ලෙස වර්ගීකරණය කර ඇත.19 වන සියවසේදී අය්‍යාවළී හින්‍දු නිකායක් ලෙස මහජන අවධානයට ලක්‍විය. 19 වන ශතවර්‍ෂයේ ට්‍රැවංකෝරියානු සහ දෙමළ සමාජය තුළ දකුණු ඉන්‍දියානු වැඩවසම් සමාජ ක්‍රමය පුදුමයට පත් කරමින් වෛකුන්‍දර්ගේ ක්‍රියාකාරකම් සහ අනුගාමිකයින්ගේ සංඛ්‍යාව වැඩිවීම තුළින් මහත් විප්ලවයක් ඇති කළේය. එය “නාරායන ගුරු”[8] සහ “රාමලිංග ස්වාමිගල්” ඇතුළු ප්‍රතිසංස්කරණ ව්‍යාපාර ගණනාවක් ආරම්භ කළේය.අය්‍යාවළී අනුගාමිකයන් ඉන්‍දියාව පුරා ව්‍යාප්තව සිටියද, ඔවුන් මූලික වශයෙන් දකුණු ඉන්‍දියාවේ සිටින අතර, විශේෂයෙන් සංකේන්‍ද්‍රණය වී ඇත්තේ “තමිල්නාඩුව” [9] සහ කේරළය[10] යන ප්‍රාන්තවල ය. සංගණනවලදී අය්‍යාවළී හින්‍දු භක්තිකයන් ලෙස වාර්තා වී ඇති හෙයින් නිශ්චිත සංඛ්‍යාව නොදන්නා නමුත් වෘත්තිකයින්ගේ සංඛ්‍යාව 8,000,000 සහ 10,000,000 අතර යැයි ගණන් බලා ඇත. >[11]

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=අය්‍යාවළී&oldid=455021" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි