අර්ත් සෝං

මයිකල් ජැක්සන්ගේ හිස්ට්‍රි:පාස්ට්, ප්‍රසන්ට් ඇන්ඩ් ෆියුච' , බුක් I යන ගීත ඇල්බමයේ තෙවන ඒකළ ගීතය වන්නේ මෙම "අර්ත් සෝං" නම් ගීතයයි. මෙම ඇල්බමයේ දෙවන සී.ඩී තැටියේ පස්වන ගීතය වන්නේද මෙයයි.කතා කාව්‍යයමය ගීතයක් වු මෙය බ්ලු සංගීතය,ගොස්පල් සංගීතය සහ ඔපෙරා සංගීතයන්ගේ එකතුවකි. ජැක්සන් සමාජයට පණිවුඩයක් ලබාදෙන ගීත ගායනය සම්බන්දව දිගුකාලීන ස්ථාවරයක් ගොඩනගා ගෙන ඇත. ඔහුගේ "වී අර් ද වර්ල්ඩ්", "මෑන් ඉන් ද මිරර්" සහ "හීල් ද වර්ල්ඩ්" ගීත මෙයට කදිම උදාහරණයන්ය. කෙසේ වෙතත් සොබාදහම සහ සත්ව සුබසිද්ධිය වෙනුවෙන් ඔහු ගායනා කල ප්‍රථම ප්‍රසිද්ධ ගීතය වන්නේ මෙම "අර්ත් සෝං". මෙම ගීතය "ඩෙන්ජරස්" ඇල්බමය වෙනුවෙන් නිර්මාණය වුවත් ඒ සදහා යොදාගත නොහැකි විය.ගීතයේ පද රචනය සහ තනු නිර්මාණය ජැක්සන්ගේම වන අතර ඩේවිඩ් ෆොස්ටර් සහ බිල් බොට්‍රෙල් යන අය එහි නිෂ්පාදනයේ දායකයන් විය.

"අර්ත් සෝං"
ගීතය ගයන්නේ මයිකල් ජැක්සන්
හිස්ට්‍රි:පාස්ට්, ප්‍රසන්ට් ඇන්ඩ් ෆියුච' , බුක් I ඇල්බමයෙනි
මුදාහැරුණේනොවැම්බර් 27, 1995
ආකෘතියCD single, 12"
පටිගත කළේ1995
ගණයබ්ලු සංගීතය​, ගොස්පල් , ඔපෙරාරූපී පොප් සංගීතය
දිග6:46 ( ඇල්බම් පිටපත ​)
5:02 ( ගුවන්විදුලි සංස්කරණය ​)
ලේබලයවීරකාව්‍යය​
ගීතරචක(යන්)මයිකල් ජැක්සන්
Producer(s)මයිකල් ජැක්සන්
ඩේවිඩ් ෆෝස්ටර්
බිල් බොට්‍රෙල් ( සම නිෂ්පාදනය ​)

"අර්ත් සෝං" ගීතයේ රූප රචනය සදහා භූගෝලීය වශයෙන් වෙනස්කම් ඇති ප්‍රදේශ හතරක් යොදාගෙන ඇති අතර මේ සදහා අධික වියදමක් දරාඇත. මිහිතලය විනාශවිම සහ එහි නැවත ඉපදිම මුල්කරගෙන ගොඩනැගුනු රූප රචනය නිසාම මෙය 1977දි ග්‍රැමී සදහා තේරීපත් විය. බොහෝමයක් යුරෝපීය රටවල ජනප්‍රියම ගීතයක් වු මෙය එක්සත් රාජධානිය තුල මයිකල් ජැක්සන්ගේ වැඩිමක් ඉල්ලුමක් ලද ගීතයක් බවට පත්විය."අර්ත් සෝං" එක්සත් ජනපදය තුලදි ඒකළ ගීතයක් ලෙස නිකුත් නොකිරුණී. කෙසේ වුවද මෙම ගීතයත් සමග මයිකල් ජැක්සන් වෙත විවිධ සත්ව සහ පරිසර සංවිධානයන්හි පිළිගැනිම සහ ගෞරවය ලැබුණි.

"අර්ත් සෝං" නව යුගයක් ආරම්භ වන්නේ 2011 වසරේදීය. ඒ "Planet Earth" නම් කාව්‍යය(මුල් නිකුත් කිරීම මයිකල් ජැක්සන්ගේ This Is It) සහ එය ගීතයක් ලෙස නැවත සංකලනයවී ඉමෝටල් තුලින් නැවත නිකුත් කිරීම හේතු කොටගෙනය.මෙම ඒකළ ගායනයේ අලවි වූ පිටපත් සංඛ්‍යාව මිලියන දහය ඉක්මවිය.

පසුබිම

සමාජහිතවාදි නිර්මාණකරුවෙකු වශයෙන් මයිකල් ජැක්සන්ගේ දිගු ඉතිහාසය ගොඩනැගි ඇත. ඔහු ළමා ගායෙකයෙකු ලෙසින් "In Our Small Way" ගීතය පටිගත කරන ලද්දේ තම ප්‍රථම ඇල්බමය වු Got to Be There සදහාය.වැඩිහිටි ජැක්සන් විවිධ අවස්ථාවන් සමග මුහුවිමට තම කීර්තිය,ධනය යොදගත් බව දක්නට ලැබේ. 1985 වසරේදි,ජැක්සන් සහ ලයනල් රිචීඑක්ව රචනා කරන ලද "We Are the World" ගීතය ලෝවපුරා ප්‍රචලිත කරන ලද්දේ ඇමරිකානු සහ අප්‍රිකානු දුගී ජනතාවට අත්වැලක් වීම අරමුණු කොටගෙනය.මෙය ඔහුගේ වැඩිම අලවියක් ලද ගීතයක් වු අතර එහි අලවිය පිටපත් මිලියන 20ට අධික විය. එම ආදායමෙන් ඩොලර් මිලියන ගණනින් ආධාර famine relief සදහා ලබාදුනි.ජැක්සන්ගේ මිනිසත්කම ඉස්මතුවු මොහොතක් ලෙසින් මෙම අවස්ථාව හදුන්වාදිය හැකිය. එමෙන්ම ඔහුගේ "Man in the Mirror" ඒකළ ගීත ගායනයෙන් ලද මුළු ආදයමද සමාජ සුබසාධනය උදෙසා යොදාගනු ලැබීය.

එක්වරකදි ඒඩ්ස් ආසාදිතව මරණාසන්නව සිටි රයන් වයිට් වෙනුවෙන් ජැක්සන් සමාජයේ උපකාරය ලබාගැනිමට විශාල උත්සහායක් දෑරු අතර එය බොහෝ විවේචනයන්ටද භාජනය විය. බිල් ක්ලින්ටන්ගේ සමාරම්භක උත්සවයකදි මේ ගායකයා ප්‍රසිද්ධියේ බිල් ක්ලින්ටන් පදනමෙන් ඉල්ලා සිටියේ එච්.අයි.වි/ඒඩ්ස් ආසදිතයන් වෙනුවෙන් වැඩි අරමුදලක් වෙන්කරන ලෙසය.වයිට් සහ අනෙකුත් මෙවැනි රෝගීන් සදහා ජැක්සන් "Gone Too Soon" ගීතය ඉදිරිපත් කරන ලදී.

නිෂ්පාදනය සහ සංගීතය

මෙම ගීතයේ පද රචනය මෙන්ම තනු නිර්මාණය මයිකල් ජැක්සන් අතින් සිදුකෙරුණි.ඔස්ට්‍රියාවේ හෝටලයක් තුලදි "What About Us" නාමය යටතේ මෙම අනගි ගීතය බිහිවිය.ගායනය අවසානයේදී ජැක්සන් මතුකරන ව්‍යජ හඬ පිළිබඳව පැහැදිලි කිරීමක් සහිත අමතර සී.ඩි තැටියක් 2001 වසරේදී ඇල්බමය සමඟ නිකුත් කිරීමට තිබුවත්,එය අවලංගු විය.නමුත්,ඇල්බමයේ ගීත අන්තර්ජාලයට මුදා හැරුණි. මෙම ගීතයේ රූප රචනය ජැක්සන්,ඩේවිඩ් ෆොස්ටර් සහ බිල් බොට්‍රෙල් යන අයගේ උත්සාහයන්ගේ විශිෂ්ට ප්‍රතිඵලයකි. Andrae Crouch's Choir and Jackson engage in a back and forth chant as the song reaches its climatic finale.[1] ජැක්සන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව වුයේ ප්‍රිතියෙන් ගායනා කළ හැකි සරළ ස්වර රටාවක් මෙම ගීතයට යොදාගැනිමටය.එමගින් ඉංග්‍රිසි භාෂාව දුර්වල රසිකයන් ඇතුලු සියලු දෙනාට මෙය රසවිදිය හැකිය.ඔහු මෙම ගීතය තුළින් භාවාත්මක පණිවුඩයක් සංකල්පනය කරනු ලබයි. "අර්ත් සෝං" කතා කාව්‍යයමය ගීතයක් වන අතර මෙය බ්ලු සංගීතය,ගොස්පල් සංගීතය සහ ඔපෙරා සංගීතයන්ගේ එකතුවකි.දෙවියන් හට කන්නලව් කරමින් යුද්ධයෙන් වන විනාශයන්,සතුන්ට සිදුවන අන්තරාවන් පෙන්වාදෙන මෙම ගීත රූප රචනය ජනතාවට සිතිමට යමක් ලබාදෙයි.

පිළිගැන්ම

විවේචනාත්මක ප්‍රතිචාර

මෙම ගීතය පිළිබඳව විවේචනාත්මක මතවාදයන් කිහිපයක්ද දැකිය හැකිය.රෝලිං ස්ටෝං,ජේම්ස් හන්ටර්ට අනුව බ්ලු-ඔපෙරා සංගීතයෙන් නිමවුණු 'අර්ත් සෝං'හි පුහු ආටෝපය පරම අභිප්‍රාය කරගත්තේකි.[2] ජැක්සන්ට වඩා වෙනත් පුද්ගලයෙකුගේ බලපෑම මත අර්ත් සෝං අවසාන ඇල්බමයට වාණිජ අරමුණු වෙනුවෙන් තෝරා ගැනුණු බව ඩේලි කොලිජිංපුවත්පතේ දීපිකා රෙඩි පැවසීය.[3]

ෆිඩෙල්පියා ඉන්කුඅරී පුවත්පත විස්තර කළ පරිදි මෙහි සංගීතය සිත සුවපත් කරන, රිද්මයානුකූල ආගමික හැඟිම් උපදවන කථා කාව්‍යයක් වැනි බවය..[4] "[සැක්‍රෝ මෙන්ටෝ බී පුවත්පත]" ජැක්සන්ට ප්‍රසාදය දක්වමින් දැක්වුයේ, 'සිත නිවුණු' හඬක් මොහුට ඇති බවය.[5] මෙම ගීතය ප්‍රබල ගොස්පල් ඔපෙරාවාක් වැනි බව මිච්ල් මෙහෙල් රොකී මවුන්ටන් පුවත තුලින් වාර්තා කරන ලදී.[6] ඉතා විචක්ෂණශිලි ලෙස ඇන්ඩ්‍රෙ කොව්ච් සංගීත කණ්ඩායම හා එක්ව නාට්‍යානුරුපීව මෙම ගීතය ගොඩ නගා ඇති බව ලෙජර් ඉන්ක්වර් පුවත්පත දක්වා තිබුනි. [1] මදක් ආටොපෙන් යුතු නමුදු මහ වීර කාව්‍යක් ලෙස අතිවිශාල ජනප්‍රියත්වයක් ලබන බව කොන්ට කොස්ට්‍රා ටයිම්ස් විචාරයක් මගින් දක්වා තිබුනි.[7]

වාණිජමය ක්‍රියාකාරීත්වය

මයිකල් ජැක්සන්ගේ ගීත අතරින් එක්සත් රාජධානිය තුල වැඩිම අලවියක් සහිත ගීතයක් ලෙසින් නම් දරා ඇත්තේ "අර්ත් සෝං"වේ.2012 නොවැම්බරය වන විට එහි පිටපත් මිලියන 1.16 විකිණී හමාරය. එය ප්‍රථම සතනයෙන්ම කරලියට පැමිණි අතර එලෙස 1995 දෙසැම්බර් පුරා සති 6ක් පැවතිනි,U2/බ්‍රයන් එනොගේ ප්‍රොජෙක්ට් පැසෙන්ජර් අභිබවමින් නත්තල් සමයේ සිට නව වසර දක්වාම පළමු තැන විය."අර්ත් සෝං" පළමු තැන පවතින කාලය තුල වසර 25ක් පුරා පළමු ස්ථානය හිමිකර ගෙන සිටි බීට්ල්ස්ලා විසින් නිකුත් කරන ලද "Free as a Bird" ගීතය එහි අංක එකේ ස්ථානය උදුරා ගැනිමට සමත් විය.දෙසැම්බර් මුල්භාගයේදි උගතුන්ගේ අනාවැකිය වුයේ ජැක්සන් බීට්ල්ස්ලා අභිබවමින් නත්තල් සමයේ පළමු තැන ලබා ගන්නා බවයි.

ස්පාඤ්ඤය, ස්විසලන්තය වැනි රට වලද මුල් තැන මෙම ගීතය දිනාසිටි අතර බොහෝමයක් යුරෝපීය රටවල පළමු ගීත පහ අතර මෙය රැදුණි.පළමු වතාවට ජැක්සන්ගේ ගීත අතරින් මෙම ගීතය ජර්මනියේ German Singles Chart හී ඉහළම ස්ථානයේ නොකඩවා සති පහක් පමණ රැදී පැවතුණි. මෙයට ස්තූතියි වන්න එරට සාර්ථකම භක්ති ගීතිකා අතර මිහිතල ගීතය දහවන ස්ථානය ලබාගෙන තිබුණි.

ඇමරිකාව තුල මෙය ගුවන් විදුලියේ Hot Dance Music/Club Play වැඩසටහන තුලින් පමණක් ප්‍රචාරය කිරීම සිදුවිය.2006 වසරේදී "අර්ත් සෝං" යුරෝපයේ European Hot 100 Singlesවැඩසටහනේ පනස් පස්වන ස්ථානයට ලඟාවිම සහ Visionary: The Video Singles සමුහය නිසා ජැක්සන්ගේ 1980-1990 කාල වල ජනප්‍රියවු ගීත විස්සක් පමණ යුරෝපයේ රටවල් කිහිපයක් අතර නැවත දියත් කිරීමක් සිදුවිය.

පාරිසරික වශයෙන් ලද පිළිගැනීම.

සත්ව සංවේදිතාවය වෙනුවෙන් මයිකල් ජැක්සන් හට ජෙනසිස් සම්මානය සහ 1995 දී ඩොරිස් ඩේ මියුසික් සම්මානය පිරිනමන ලදී. 2008 වසරේදි නයිජිරියානු ලේඛකයෙකුගේ සටහනක සදහන්ව ඇත්තේ මිහිතල ගීතය තුලින් මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා මිහිමව දුෂණය වෙමින් අවමානයට ලක්වන ආකාරය පිළිබදව ලෝක අවධානය ලබා ඇති බවයි.

රූප රචනය

"අර්ත් සෝං" රූප රචනය අධික වියදමක් දරා සිදුකල සාර්ථක නිමැයුමකි.මෙහි අධ්‍යක්ෂක ප්‍රවීන සෞන්දර්යාත්මක ඡායාරූප ශිල්පී නික් බ්‍රැන්ට් විය. මෙය 1996 වසරේදි Le Film Fantastique සම්මාන ප්‍රදනනෝත්සවයේදී හොදම රූප රචනයට හිමි සම්මානය දිනාගන්නා ලදි.තවද, 1995 වසරේදි ජෙන්සිස් සම්මාන ප්‍රදනනෝත්සවයේදී ඩොරිස් ඩේ මියුසික් සම්මානය සහ 1997 වසරේ ග්‍රැමී සම්මාන උළෙලේ කෙටි රූප රචන තරඟාවලිය යටතේ හොදම රූප රචනය සදහා නාමයෝජනා විය.මෙම නිර්මාණය පරිසරය විෂය කොටගෙන ගොඩනගා ඇත. එමගින් සතුන්ට සිදුවන හිරිහැර,වන විනාශය,පරිසර දුෂණය,දිළිඳු බව මෙන්ම යුද්දය වැනි අංශයන් ඉස්මතු කර ඇත. එහිදි,ජැක්සන් සහ ලෝවාසීන් එක්ව අධ්‍යාත්මික බැඳිමකින් "අර්ත් සෝං" ගායනා කරමින් ලෝකය සුවපත් කරදෙන ලෙසට බලකිරීමක් කරනබව පෙනෙයි.විශේෂ නිර්මාණ උපක්‍රමයන් යොදා ගනිමින් කාලය පසුපසට ගෙන මිනිස් ජීවිත නැවත ඉපදීම,යුද්ධය අවසන් කිරීම සහ වනාන්තරයන්ගේ නැවත හටගැනීම වැනි දර්ශනයන් මෙහි අඩංගුය.ජැක්සන්ගේ Heal the World පදනමට ආධාර ලබාගැනිමට මේ රූප රචනය තුලින් ආයාචනයක් සිදුවෙයි.එක්සත් ජනපදය තුල මෙම විඩීයෝව දැකිය හැක්කේ කලාතුරකිනි.මෙහි එන දර්ශනයන් විවිධ භූගෝලීය ප්‍රදේශ හතරක් තුල රූපගත කෙරුණි.මුලින්ම මේ සදහා ඇමසන් වැසිවනාන්තර ප්‍රදේශය යොදා ගත් අතර මෙම පටිගත කිරීම අවසන්ව සතියකට පසු එහි විශාල ප්‍රදේශයක් විනාශයට පත්විය.මෙම රූප රචනය සදහා නළු නිළියන් වෙනුවට එම ප්‍රදේශවාසීන්ම යොදාගෙන තිබුණි. විඩීයෝවේ දෙවන පටිගත කිරීම ක්‍රෝටීයාවේහි කාලෝවක් ප්‍රදේශයෙදි නිමකරන ලදි.මේ සදහා ජනප්‍රිය සර්බීයානු ජාතික ක්‍රෝටීයා රංගන ශිල්පී සොබෝඩන් දිමිත්‍රිජෙවික් සහ එම නගරවාසීහු රංගනයෙන් දායක විය. නීති විරෝධි සතුන් දඩයම ගැන පෙන්වන දර්ශනයන් රූගත වුයේ තෙවන දර්ශනතලය වු ටැන්සිනියාවේදීය. ලේඛනගත වාර්තාවන්ට අනුව "අර්ත් සෝං" රූප රචනයේදී,කිසිදු සත්වයෙකුට හානියක් සිදුවී නොමැත. කෙසේ වෙතත්, හොර දඩයම්කරුවෙකු විසින් දර්ශන තලයට සැතැම්මක් දුරින් අලියෙක් මරාදමා තිබුණි.අවසාන දර්ශනතලය වුයේ, නිව්යොර්ක් වල වෝවික් ප්‍රදේශයයි.එහිදි, ඉරිඟු වගා බිමක ආරක්ෂිතව ව්‍යාජ ලැව් ගින්නක් ඇතිකරන ලදි.

බ්‍රිට් සම්මානය

1977 ඉතිහස ගමනේදී ජැක්සන් අර්ත් සෝං ඉදිරිපත් කරමින්, ගායකයා බ්‍රිට් සම්මාන උලළේදි මෙන් දොඹකරයක් ආධාරයෙන් පහලට පැමිනෙයි

1996 වසරේදී ජැක්සන් විසින් "අර්ත් සෝං" ගීතය එක්සත් රාජධානියේ බ්‍රිට් සම්මාන උත්සවයේදී ඉදිරිපත් කරන ලදි. එම උත්සවයේදි ඔහු "පරම්පරාවක කලාකරුවා" යන සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු තම ගායනය අතරේදි දොඹකරයක ආධාරයෙන් ඉහල අහසේ එල්ලෙමින් මෙම ඉදිරිපත් කිරීම කරනු ලැබුවේ,ඊට වසරකට පෙර ජර්මනියේ Wetten Dass රූපවාහිනි වැඩහටහන තුලද ජැක්සන් සිදුකල එවැනිම රංගනයක් නැවත සිහිගන්වමින්ය.මේ අතරතුර මයිකල් පහළට පැමිණිමත් සමඟ පහල පිටුපස සහාය ගායනයේ යෙදුනු බොහෝ දෙනෙක්ද ලැජ්ජාවට පත්කරමින් "ජාවිස් කොකර්" නැමැත්තා අනවසරයෙන් වේදිකාවට පැන වාතය පිටකරන බවක් රඟ දැක්විය. පල්ප් ඉදිරිපෙල ගායකයා මේ සියල්ලෙහි ඇසින් දුටු සාක්ෂියකි.ඔහුද බ්‍රිට් සම්මාන තුනක් සදහා නිර්දේශ ලද්දේකි.මෙම සිදුවීම අප්‍රසන්නව හෙලාදැක්වු ඔහු කියා සිටියේ,ජැක්සන්ගේ ධනය,බලය අනුව ඔහුට දෙවියන්ට මෙන් සැලකිය යුතුබවයි. කෙසේවුවත් කොකර්ගේ මෙම බොලඳ ක්‍රියාව නිසා ඔහුට පොලිසියේන් පහර කෑමට සිදුවු නමුත් දඩ නියමයකින් තොරව ඔහු නිදහස් කරනු ලැබීය. මෙය හෙලා දකිමින් ජැක්සන් මෙම ක්‍රියාව බියගුළු සහ පිළිකුල් සහගත බව කියාසිටියේය. ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වු ජෝන් ස්ට්ට්‍රිට් මෙම සිදුවීම තම "දේශපාලන සහ ජනප්‍රිය සංස්කෘතිය" යන ග්‍රන්තයට ඇතුලත් කරමින් අදහස් කර සිටියේ,

" ජනප්‍රිය සංස්කෘතිය සරළ කියවිමක් ලෙස ගැනිමේදි දේශපාලනය පටු කියවීමක් බවට පත්වෙයි.වචනාර්ථය ඇහෙන,කියන ආකාරය අනුව තීරණය වෙයි.'අර්ත් සෝං' තුලින් මයිකල් ජැක්සන් උත්සහා කලේ දයාව පිළිබඳව ලෝකයට කියන්නයි.නමුත්, ජාවීස් කොකර් වැනි තවත් පිරිසක් මෙය වෙනස් ආකාරයකට දුටුවා.මෙවැනි විවිධ මත වලට එක් හේතුවක් වන්නේ,වචනාර්ථයට වඩා ප්‍රාසාංගික ලක්ෂණ ඉස්මතු වීමයි.".[8]

ආවරණය කිරීම්

2005 වසරේදි රුසියානු ගායක සර්ජි ලසාරිව් විසින් මෙම ගීතය තම Don't Be Fake ඇල්බමය සදහා යොදාගනු ලැබීය.

2005 වසරේ මිහිතල දිනය වෙනුවෙන් ෆොස්සිල්ස් මෙම ගීතය බෙංගාලයේ විශේෂ ප්‍රවෘත්ති නාළිකාවක් වු CNN IBN.[9] සදහා යොදා ගනුලැබීය.

හාලී රෙයින්හර්ට් විසින් මෙම ගීතය ඇමරිකන් අයිඩල් තරඟාවලියේ ඇමරිකන් අයිඩල් (දහවන)දහවන වැඩසටහන් මාලාව සදහා යොදාගත්තේය.

චාරිස් සහ නියෝ විසින් මෙම ගීතය ඉදිරිපත් කරන ලද්දේ ඩෙවිඩ් ෆෝස්ටර්ගේ "Hitman Returns: David Foster and Friends" චාරිකාව අතරතුරදීය.

2010 ග්‍රැමී උලළේ ඉදිරිපත් කිරීම

ජැක්සන්ගේ This Is It ප්‍රසංගයේදී 3D චිත්‍රපටයක් ලෙස ඉදිරිපත් කිරීමට තිබූ මෙම ගීතය ඔහුට උත්තමාචාරයක් ලෙස ග්‍රැමී සම්මාන උලළේදී ඉදිරිපත් කෙරුණි.සැබෑ 3D අකෘතියෙන්ම මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන් අතර වාරයේදී ජෙනිෆර් හඩ්සන්,කැරී අන්ඩර්වුඩ්,ස්මෝකී රොබින්සන්,සෙලීන් ඩියොන් සහ උෂර් යන පිරිස වේදිකාව මත ගීතය ගායනා කළෝය.

ටර්ගර්ට් මඟින් 2010 ග්‍රැමී උත්සවයට සතියකට ප්‍රථම තමන්ගේ පරිභෝගිකයින්ට 3D කණ්ණාඩි සපයාදී තිබුණි. පැරිස් සහ ප්‍රින්ස් ජැක්සන් මෙන්ම ජැක්සන්ගේ මුල්ම දරුවන් විසින් එම සභාව කෙටි කථාවක් පැවැත්විමෙන් පසු ජැක්සන්ගේ ලයිෆ් ටයිම් ඇචිවුමන්ට් සම්මානය භාර ගන්නා ලදි. 2009 ජුලි 7 දා පැවති ජැක්සන් අණුස්මරණ උත්සවයෙන් පසු මෙම දරුවන් ප්‍රසිද්දියේ කථාකල පළමු අවස්ථාව මෙයවිය.

ගීත දර්ශක සහ සහතික කිරීම්

ගීත දර්ශක

ගීත දර්ශකය (1995)හිමිවු
ස්ථානය
ඕස්ට්‍රේලියානු ARIA කේවල ගීත දර්ශකය[10]15
ඕස්ට්‍රියානු කේවල ගීත දර්ශකය[10]2
බෙල්ජීයානු (ෆැලැන්ඩර්ස්) කේවල ගීත දර්ශකය [10]1
බෙල්ජීයානු වෝලෝනියා කේවල ගීත දර්ශකය[10]1
ලන්දේසි කේවල ගීත දර්ශකය [10]1
යුරෝපීය හොට් 100 ගීත දර්ශක[11]4
ෆින්ලන්ත කේවල ගීත දර්ශකය[10]1
ප්‍රංශ කේවල ගීත දර්ශකය[10]2
ජර්මනි කේවල ගීත දර්ශකය1
ඉතාලි කේවල ගීත දර්ශකය[10]6
නවසීලන්ත RIANZ කේවල ගීත දර්ශකය[10]4
නෝර්විජීයානු කේවල ගීත දර්ශකය[10]4
ස්පාඤ්ඤ් කේවල ගීත දර්ශකය[10]1
ස්වීඩන් කේවල ගීත දර්ශකය[10]4
ස්විට්සලන්ත කේවල ගීත දර්ශකය[12]1
එක්සත් ජනපද කේවල ගීත දර්ශකය[10]1
U.S. බිල් බොර්ඩ් ඇමරිකානු හොට් ඩාන්ස් මියුසික්/ක්ල්බ් ප්ලේ[13]11
ගීත දර්ශකය (2009)හිමිවු
ස්ථානය
ඩෙන්මාර්ක කේවල ගීත දර්ශකය[10]1
යුරෝපීය හොට් 100 ගීත දර්ශක[14]1
ප්‍රංශ කලා කේවල ගීත දර්ශකය[15]20
ස්වීඩන් කේවල ගීත දර්ශකය[16]44
ස්විට්සලන්ත කේවල ගීත දර්ශකය[12]4
එක්සත් රාජධානි කේවල ගීත දර්ශකය[17]33

සහතික කිරීම්

රටසහතික කිරීමඅලවිය
ජර්මනිය2× ප්ලැටිනම්1,000,000+[18]
ස්විට්සලන්තයප්ලැටිනම්50,000+[19]
එක්සත් රාජධානියප්ලැටිනම්[20]1,160,000[21]

තනු ලැයිස්තුගත කිරීම

Visionary single
  • CD side:
  1. "Earth Song" (radio edit) – 5:02
  2. "Earth Song" (Hani's Club Experience) – 7:55
  • DVD side:
  1. "Earth Song" (music video) – 7:29
Austria CD single
  1. "Earth Song" (album version) – 6:46
  2. "Earth Song" (Hani's Radio Experience) – 3:33
  3. "Earth Song" (Hani's Around the World Experience) – 14:28
  4. "You Are Not Alone" (Knuckluv Dub Version) – 9:40
  5. "MJ Megaremix" – 10:33
LP version
  • A#. "Earth Song" (Hani's Around the World Experience) – 14:28
  • B#. "Wanna Be Startin' Somethin'" (Brothers in Rhythm Mix) – 7:36
  • B#. "Wanna Be Startin' Somethin'" (Tommy D's Main Mix) – 7:41

UK CD #1
  1. "Earth Song" (radio edit) – 5:02
  2. "Earth Song" (Hani's Club Experience) – 7:55
  3. "MJ DMC Megamix" – 11:18
UK CD #2
  1. "Earth Song" (radio edit) – 5:02
  2. "Earth Song" (Hani's Radio Experience) – 3:33
  3. "Wanna Be Startin Somethin'" (Brothers in Rhythm Mix) – 7:36
  4. "Wanna Be Startin Somethin'" (Tommy D's Main Mix) – 7:41
Spain promo CD
  1. "Earth Song" (radio edit) – 5:02
  2. "Greatest Hits Classic Megamix" – 4:32

කාර්ය මණ්ඩලය

  • රචනය, තනු නිර්මාණය සහ ගායනය මයිකල් ජැක්සන් විසිනි
  • නිෂ්පාදනය මයිකල් ජැක්සන් සහ ඩේවිඩ් ෆොස්ටර්
  • සම නිෂ්පාදනය බිල් බොට්‍රෙල්
  • සමුහ ගායනයෙන් ඇන්ඩ්‍රේ ක්‍රෝච් ගායක කණ්ඩායම සහාය විය
  • ඔර්ගන් වාදනය : ඩේවිඩ් පෙයිච්
  • බේස් ගිටාර වාදනය: ගායී ප්‍රර්ට්
  • සමස්ත වැඩසටහන් සම්පාදනය: ස්ටීව් පෝකරෝ
  • සහාය ඉදිරිපත් කිරීම London Philharmonic Orchestra (Orchestral Mix only) විසිනි
  • වාදනවෘන්දය සංවිධාන සහාය ජේම්ස් හොර්නර් විසිනි

ආශ්‍රිත

ග්‍රන්ථ නාමාවලිය
  • George, Nelson (2004). Michael Jackson: The Ultimate Collection booklet. Sony BMG.
  • Taraborrelli, J. Randy (2004). The Magic and the Madness. Terra Alta, WV: Headline. ISBN 0-330-42005-4.

බාහිර සබැඳි

  • සැකිල්ල:MetroLyrics song

සැකිල්ල:Michael Jackson singlesසැකිල්ල:UK Christmas No. 1s in the 1990s

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=අර්ත්_සෝං&oldid=591303" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි