එඩියුලංකා

එඩියුලංකා ලෙසින් හදුන්වන්නේ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන විශාලතම අධ්‍යාපන [1] සහ විශාල පිරිසක් දෛනිකව සේවා සහ තොරතුරු ලබාගන්නා [2] වූ ඔන්ලයින් අධ්‍යාපන සේවාව වේ. මෙහි ප්‍රධානතම නිර්මාණය එඩියුලංකා ලෙසින් ත්‍රි භාෂා මගින්ම සේවා ලබා දෙන වෙබ් මුහුණතයි. මෙහි ඉංග්‍රීසි නාමය edulanka ද සිංහල නාමය එඩියුලංකා ද දෙමළ නාමය எடியுலங்கா ද වේ. එඩියුලංකා සිය සේවාව ලබාදෙනුයේ මුදලක් අයකිරීමෙන් තොරවය. එඩියුලංකා සංකල්පය බිහිවූ කාලය ලෙස 2006 වසරේ අගභාගය හැදින්විය හැකි[3] අතර ප්‍රධාන වශයෙන් සේවාව ක්‍රියාත්මක වූ දිනය ලෙස 2007 වසරේ මැයි 15 ගත හැක[4]. 2010 වසරේදී විශාල වෙනස්කම් කිහිපයකට භාජනය වූ මෙය ශ්‍රී ලංකාවට අනන්‍ය වූ වසම නාමයකින් සහ ශ්‍රී ලංකාව තුල භාවිතා වන භාෂා වසම නාමයන්ගෙන් සපිරි විය. ඉන් පසුව පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, ගුරුවරුන් ඇතුලු බොහෝ දෙනාගේ [5] සහභාගීත්වයෙන් විශාල [6] ජනප්‍රිය තාවයක් ලැබීය. සාමාන්‍ය පෙළ ගණිතය [7], උසස් පෙළ විද්‍යා ගණිත [8], පරිපාලන සේවා විභාග උදවු[9], රජයේ රැකියා තොරතුරු[10]යනාදී ක්ෂේත්‍ර සදහා පළකල ලිපි සදහා ඉහල පාඨක නැරඹුම් වාර්තා විය.

එඩියුලංකා ආයතනය
ස්ථාපිතය2007-05-15
කර්මාන්තයඅන්තර්ජාලය
වෙබ්අඩවියනිල වෙබ් අඩවිය
එඩියුලංකා
URLwww.edulanka.lk
අඩවි වර්ගයඔන්ලයින් අධ්‍යාපනය
අඩංගුභාෂා(ව)සිංහල, දෙමළ, ඉංග්‍රීසි
දැනට තත්‍වයපවතී
සිංහල වෙබ් අඩවිය
URLඑඩියුලංකා.ලංකා
අඩංගුභාෂා(ව)සිංහල
දැනට තත්‍වයපවතී


දෙමළ වෙබ් අඩවිය
URLஎடியுலங்கா.இலங்கை
අඩංගුභාෂා(ව)දෙමළ
දැනට තත්‍වයපවතී

මේ ගැන

මෙය ප්‍රධාන වෙබ් අඩවියක ශාඛාවක් සහවසම ලෙසින් ආරම්භ වී 2007 දී පමණ තනි වෙබ් අඩවියක් ලෙස නිල වශයෙන් ආරම්භ විය. 2010 වසරේදී eduLanka.lk නම් රටකට අදාල වසම නාමය ශ්‍රී ලාංකීය ඩොමේන් නාමයක් ලබාගත් අතර 2010 වසර අවසානයේදී සහ 2011 වසරේදී සිංහල සහ දෙමල වසම නාමයන් හෙවත් භාෂා වසම නාමයන් නාමයන් ලබාගැනිනි. ඇලෙක්සා වර්ගීකරණයට අනුව - 100,645 (2012-09-12) වන ස්ථානයට පිවීසීමටද හැකිවිය. එම වර්ගීකරණය අනුව සලකා බලන කල ශ්‍රී ලංකාවේ පුද්ගලයන් කරඹන ප්‍රධාන වෙබ් අඩවි 150 තුල නිරන්තරයෙන් පවතී. අද වන විට ශ්‍රී ලංකාව තුල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා 3න් ම ලිපි ලබා දීම සිදුවේ.

සේවාවන්

එඩියුලංකා මගින් අ.පො.ස සාමාන්‍ය පෙළ පාඩම්, අ.පො.ස උසස්පෙළ පාඩම්, තොරතුරු තාක්ෂණය පාඩම්, ඉංග්‍රීසි භාෂාව පාඩම් ,විශ්ව විද්‍යාල වලට අදාල පාඩම්, පස්චාත් උපාධි පාඩම්, පර්යේෂණ සහය පාඩම් යනාදිය මූලික වශයෙන් ලබාදේ. ඊට අමතරව රජයේ රැකියා විස්තර, විභාග උදව්, පොතපත දැනුම, ගුරුවරු, ආයතන, සහ අධ්‍යාපනයට සම්බන්ධ බොහෝ තොරතුරු ලබාදේ. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පිහිටි පාසල් හා ටියුෂන් පන්ති පිළිබද තොරතුරු පිහිටීම සහිත සිතියම් මගින්ද ලබා දෙනු ලැබේ. මෙම කිසිදු සේවාවක් සදහා මුදල් අයකිරීමක් නොමැත.

තොරතුරු පල කිරීම

මෙම සේවාව වෙත අධ්‍යාපනය යන විෂයයට සම්බන්ධ ඕනෑම තොරතුරක් ඕනෑම පුද්ගලයෙකුට ලබා දිය හැකිවේ. අධ්‍යාපන පාඩම්, අධ්‍යාපන වීඩියෝ, ටියුෂන් පන්ති, ටියුෂන් ගුරුවරු සහ පාඨමාලා තොරතුරු මෙසේ ලබා දිය හැකි තොරතුරු වේ.

ත්‍රි භාෂා වසම නාම

භාෂා වසම නාමයන් ශ්‍රී ලංකාව තුල ආරම්භයත් සමගම සිංහල බසින් එඩියුලංකා.ලංකා ලෙසින්ද දෙමළ බසින් எடியுலங்கா.இலங்கை ලෙසින්ද රටක භාෂාවකට අනන්‍ය වූ වසම නාමයන් ලැබූ මුල්ම [11] වෙබ් අඩවි අතරටද එඩියුලංකා පැමිණේ. මෙවැනි වසම නාමයන් භාවිතය තවමත් ශ්‍රී ලංකාව තුල එතරම් ජනප්‍රිය වී නොමැති නමුත් වෙබ් බ්‍රවුසරයන් කිපියක් මගින් මෙම ආකාරයේ භාෂා වසම නාමයන් වෙත පිවිසිය හැකිය.

මේවත් බලන්න

භාවිත

අමතර ලිපි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=එඩියුලංකා&oldid=591532" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි