කරන් පටෙල්

කරන් පටෙල් (උපත 23 නොවැම්බර් 1983) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නළුවෙකි. කරන් පටෙල් සිය රංගන වෘත්තිය ආරම්භ කළේ 2000දී කහානි ඝාර් ඝාර් කි වැඩසටහන ඔස්සේ ය. වර්තමානයේ ඔහු ඒක්තා කපූර්ගේ රූපවාහිනී කතාමාලාවක් වන යේ හේ මොහබ්බතයින් කතාමාලවේ දිව්‍යංකා ත්‍රීපති සමග ප්‍රධාන චරිත නිරූපණයෙහි නියැළෙමින් සිටියි. මෙම කතාමාලාවේ රමන් කුමාර් භල්ලා ලෙස ඔහු නිරූපණය කළ චරිතය හේතුවෙන් සී ස්වර්ණ සම්මාන උළෙලේ දී හොඳම නළුවා (ජනප්‍රිය) සම්මානය පිට පිට වසර තුනක්ම (2014-2016) හිමි කරගැනීමට ඔහු සමත් විය. එසේම 2015 හොඳම සරාගී නළුවා සඳහා ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය සහ ප්‍රධාන චරිතයක හොඳම නළුවා සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය ද ඔහුට හිමි විය.

කරන් පටෙල්
කරන් පටෙල් 2015 ITA සම්මාන උළෙලේ රතු පලස මත දී
උපත23 නොවැම්බර් 1983 (1983-11-23) (වයස 40)
රැකියාවනළුවකු, නිවේදකයකු
සක්‍රීය වසර2005–වර්තමානය
කලත්‍රයා(යන්)අංකිතා කරන් පටෙල් (2015–වර්තමානය)

2015 මැයි 3 මුම්බායිහි දී කරන් අංකිතා භාර්ගවා සමග විවාහ විය.[1][2]

මුල්කාලීන දිවිය

පටෙල් උපත ලැබූයේ 1983 නොවැම්බර් 23 දින කල්කටාවේ ය.[3][4] ඔහුගේ පියාගේ නම රාශේෂ් පටෙල් ය.[5] ඔහු සිය පාසල් අධයාපනය හදාළේ මුම්බායේ ජූහු උපනගරයේ උත්පල් ෂංඝවි පාසලේ දී ය. ඔහු සිය උපාධිය හදාරනු ලැබූයේ මුම්බායේ මිථිබායි කොලීජියෙනි. කිෂෝර් නමීක් කපූර් රංගන ආයතනයට ඇතුළත් වූ ඔහු ලන්ඩන් කලා විශ්විවිද්‍යාලයට ද ඇතුළත්ව තිබේ. මීට අමතරව ඔහු ෂියාමක් දාවර්‍ගේ නර්තන පන්ති සඳහා ද සහභාගී වී තිබේ.[6]

වෘත්තිය

පටෙල් සිය ප්‍රථම ප්‍රධාන චරිතය නිරූපණය කළේ ස්ටාර් ප්ලස් නාළිකාවෙන් විකාශය වූ කස්තුරි කතාමාලාවේ ය. මෙහි දී ඔහු විසින් රොබී සබර්වාල් නැමැති ප්‍රධාන චරිතය නිරූපණය කරන ලදී. මීට පෙර ඔහු විසින් බාලාජි ටෙලිෆිල්ම්ස් ආයතනයේ රූපවාහිනී කතාමාලා ගණනාවකට සිය දායකත්වය ලබා දී තිබිණි. ඔහු රංගනයෙහි යෙදුණු පළමු චරිතය වූයේ කහානි ඝාර් ඝාර් කී කතාමාලාවේ විග්‍යාත් නැමැති චරිතයයි. මීට අමතරව ඔහු කසෞතී සින්දගී කේ සහ කසම් සේ කතාමාලාව සඳහා ද සිය රංගන දායකත්වය සපයා ඇත.[7] 2008දී ඔහු නිවේදන වෘත්තිය වෙත පිවිසියේ කහෝ නා යාර් හේ නැමැති නව වැඩසටහනත් සමගයි.[8] වර්තමානය වන විට ඔහු යේ හේ මොහබ්බතයින් කතාමාලාවේ රමන් කුමාර් භල්ලාගේ චරිතය නිරූපණය කරනු ලබයි. ඉන්දියානු සෝප් ඔපෙරාවක් වන යේ හේ මොහබ්බතයින්[9] තුළ ඔහු නිරූපණය කළ මෙම චරිතය හේතුවෙන් සම්මාන රැසක් හිමි කරගැනීමට පටෙල්ට හැකි විය. මෙහි දී අඛණ්ඩව වසර තුනක් (2014-2016) සී ස්වර්ණ සම්මාන උළෙලේ හොඳම නළුවා (ජනප්‍රිය) සම්මානය හිමි කරගැනීමට ඔහු සමත් විය.[10][11][12] එසේම 2015 හොඳම සරාගී නළුවා සඳහා වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය,[13] ප්‍රධාන චරිතයක හොඳම නළුවා සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය ද ඔහුට හිමි විය.[14] ඔහු සහ දිව්‍යංකා ත්‍රීපති අඛණ්ඩව වසර තුනක් (2014-2016) ස්ටාර් පරිවාර් සම්මාන උළෙලේ හොඳම යුවළට හිමි සම්මානය හිමි කරගැනීමට සමත්ව තිබේ.[15][16][17]

රූපවාහිනිය

වර්ෂයකෘතියචරිතය
2000-2008කහානි ඝාර් ඝාර් කිවිග්‍යාත්
2005කසෞතී සින්දගී කේකරන්
2005කේසර්රයන්
2005කාව්‍යාංජලිකණිෂ්ක්
2006–2007කසම් සේරෝහිත් රන්විජේ චොප්රා
2006–2007කරම් අප්නා අප්නාවිවාන් කපූර්
2007–2009කස්තුරිරොබී සබර්වාල්
2007නාච් බාලියේ 3ඔහු ලෙසම
2008කහෝ නා යාර් හේනිවේදක
2010දිවාලි දිලෝ කිනිවේදක
2012Survivor Indiaඔහු ලෙසම
2012තේරි මේරි ලව් ස්ටෝරීස්යුග් සකසේනා
2013ජලක් දිඛ්ලා ජා (වාරය 6)ඔහු ලෙසම
2013–වර්තමානයයේ හේ මොහබ්බතයින්රමන් කුමාර් භල්ලා/ගුලා‍බෝ සිං
2014–2016බොක්ස් ක්‍රිකට් ලීගයඔහු‍ ලෙසම
2015Star Plus Valentine's dayනිවේදක
2015–2016ගුම්රා (වාරය 5)නිවේදක
2015නාච් බාලියේ 7නිවේදක[6]
2015ජලක් දිඛ්ලා ජාආරාධිත
2016I Don't Watch TVඔහු ලෙසම (අරේ තුළ විකාශය වේ)

චිත්‍රපට දායකත්වය

වර්ෂයමාතෘකාවචරිතය
2010City of Goldනාරු
2013Shootout at Wadalaජමාල්

සම්මාන

වර්ෂයඋළෙලප්‍රවර්ගයකෘතියප්‍රතිඵලය
2014ස්ටාර් පරිවාර් සම්මානප්‍රියතම නායා සදස්‍යා - පිරිමියේ හේ මොහබ්බතයින්දිනාගති[15]
ප්‍රියතම ජෝඩි
(දිව්‍යංකා ත්‍රීපති සමග)
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි
(දිව්‍යංකා ත්‍රීපති සමග)
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානGR8! වසරේ තිරයේ යුවළ
(දිව්‍යංකා ත්‍රීපති සමග)
නිර්දේශිත
13වන ඉන්දියානු ටෙල්ලි සම්මානහොඳම තිරයේ යුවළ
(දිව්‍යංකා ත්‍රීපති සමග)
දිනාගති[18]
7වන සී ස්වර්ණ සම්මානහොඳම නළුවා (ජනප්‍රිය)දිනාගති[10]
2015ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානහොඳම සරාගී නළුවාදිනාගති[13]
ස්ටාර් පරිවාර් සම්මානප්‍රියතම පතිදිනාගති[16]
ප්‍රියතම ජෝඩි
(දිව්‍යංකා ත්‍රීපති සමග)
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි
(දිව්‍යංකා ත්‍රීපති සමග)
ප්‍රියතම ඩිජිටල් සදස්‍යා - පිරිමි
14වන ඉන්දියානු ටෙල්ලි සම්මානප්‍රධාන චරිතයක හොඳම නළුවාදිනාගති[14]
හොඳම ජෝඩි
(දිව්‍යංකා ත්‍රීපති සමග)
දිනාගති[19]
8වන සී ස්වර්ණ සම්මානහොඳම නළුවා (ජනප්‍රිය)දිනාගති[11]
2016ස්ටාර් පරිවාර් සම්මානප්‍රියතම පතිදිනාගති[17]
ප්‍රියතම ඩිජිටල් සදස්‍යා (පිරිමි)
ප්‍රියතම ජෝඩි
(දිව්‍යංකා ත්‍රීපති සමග)
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි
(දිව්‍යංකා ත්‍රීපති සමග)
9වන සී ස්වර්ණ සම්මානහොඳම නළුවා (ජනප්‍රිය)දිනාගති[12]

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කරන්_පටෙල්&oldid=659248" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි