කහ ගඟ දිගේ සැතපුම් දස දහසක්

කහ ගඟ දිගේ සැතපුම් දස දහසක් (චීන: 清 佚名 黃河萬里圖 卷) යනුවෙන් හැඳින්වෙන්නේ නොහඳුනන චිත්‍ර ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද චීන ලුළි සිතුවමකි. ක්විං රාජවංශ යුගයට අයත් මෙම සිතුවම ක්‍රි.ව. 1690 සිට 1722 දක්වා වූ කාලය අතරතුර නිර්මාණ වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම සිතුවම මගින් කහ ගංගා පද්ධතිය නිරූපණය වේ. වර්තමානයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ තබා ඇති මෙම සිතුවම මිලදී ගන්නා ලද්දේ 2006දී ඩබ්. එම්. කෙක් පදනම, ද ඩිලන් පදනම සහ වෙනත් දායකයන්ගේ සහාය ඇතිව ය.[1][2][3][4][5]

කහ ගඟ දිගේ සැතපුම් දස දහසක්
චීන: 清 佚名 黃河萬里圖 卷
ශිල්පියානොහඳුනන සිත්තරෙක්; චීන, පසුකාලීන 17වන–මුල්කාලීන 18වන සියවසේ ක්‍රියාකාරී වූ
වර්ෂය1690–1722
වර්ගයසිතුවම
මාධ්‍යයතීන්ත, වර්ණ, සහ සේද මත රත්රන්
මාතෘකාවකහ ගඟ
මාන78 cm × 1285 cm (31 in × 506 in)
පිහිටීමමෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය, නිව් යෝක් නගරය
ප්‍රවේශනය2006.272a, b

කහ ගංගාවේ නිරන්තර ජල ගැලීම් නිසා එල්ල වූ තර්ජනය හේතුවෙන් ගංගා පද්ධතිය පිළිබඳ අධ්‍යයනය සහ කළමනාකරණය කිරීම ක්විං රාජ සභාවේ එක් ප්‍රමුඛතාවක් විය. මෙම ස්මාරක සිතියම මගින් ප්‍රස්තාරිකව සහ ගංගා මාර්ගය පාලනය කිරීමේ ඇති සංකීර්ණ බව සහ එය ගලාබසින කලාපයේ නගර සහ ගම්මාන කෙරෙහි ඉන් ඇතිවන අවදානම නිරූපණය ිකරීමට උත්සාහ දරා ඇත.[1]

මෙම සිතුවම නිර්මාණය කොට ඇත්තේ කාංෂි අධිරාජයාගේ (රාජ්‍ය. 1662–1722) රාජ්‍ය සමයේ ය. මෙම සිතියම මගින් යුරෝපීය තාක්ෂණ ක්‍රම හඳුන්වා දීමට පෙර ස්වදේශික සිතියම්කරණය ලබා තිබූ දියුණුභාවය හඳනාගත හැකි ය. (කාංෂි අධිරාජයා සිය අධිරාජ්‍යය පිළිබඳ පරිග්‍රහ සමීක්ෂණයක් සිදු කිරීම සඳහා කෙටි කාලීනව ජේසුයිට් මිෂනාරිවරුන්ගේ සහාය ද ලාබගෙන ඇත) මෙම සිතියමට වැදගත් ස්ථානයක් හිමිව ඇත්තේ එහි සිතියම් විද්‍යාත්මක නිරවද්‍යතාව නිසා නොව අවට පරිසරය රූපකාත්මක් ලෙසින් අලංකාරව නිරූපණය කොට ඇති නිසායි. මෙම සිතියම තුළ සර්වදිශාදර්ශන භූමි දර්ශන සිතුවම් කලාව සහ සිතියම් කලාව හක්තැන් කොට ඇත: මෙහි ජලමාර්ග තලමිතිකව (එනම් පින්තූර පෘෂ්ඨය මත ඒවා පැතලි අයුරින් නිරූපණය කොට ඇත) දක්වා ඇති අතර, කඳු පූර්වදර්ශීව නිරූපණය කොට ඇත; එසේම ගෘහනිර්මාණ ශිල්පය සැලකූ විට යාබද නගර සහ පුරවර සමාංශික ප්‍රක්ෂේපණ ලෙසින් නිරූපණය කොට ඇත. පූර්වහුස්නය (foreshortening), පර්යාලෝකය, වායුගෝලික විකෘතිය, හෝ පරිමාණයේ කුඩා වීමක් දක්නට නොලැබෙන හෙයින්, අවකාශික පසුබෑමක් ඇති බැව් පෙනේ. ඇතැමෙකුට මෙම සංරචනයේ ඉහළ හා පහළ පිළිබඳ කථා කළ හැක. නමුත් පෙරබිස සහ ඈත පසුබිම අතර මිනුම් කළහැකි වෙනස්කමක් දක්නට නොලැබේ. මෙම සිතියම දෘශ්‍යමය වශයෙන් සංගත ය. එහි ඇති නොබැඳි දර්ශනය නිසා නරඹන්නාට ඇසට පෙනෙන දර්ශනයට වැඩි දෙයක් මින් ග්‍රහණය කරගත හැක. මෙම සිතුවම නැරඹීම තුළින් නැගෙනහිර චීන මුහුදේ සිට මකර දොරටුව දක්වා කහ ගංගාවේ ගලා යාම අවබෝධ කරගත හැක.[1]

ගැලරිය

ආශ්‍රේයයන්

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි