කළු ජනතාව

කළු ජනතාව හෝ කළු ජාතිකයන් යනු බොහෝවිට මධ්‍යම හෝ තද දුඹුරු පැහැති සමක් ඇති පුද්ගලයින් හැඳින්වීමට භාවිත කෙරෙන ජනවාර්ගික වර්ගීකරණයකි. "කළු" යැයි සැළකෙන සෑම පුද්ගලයෙක්ටම තද පැහැ සමක් නොමැති අතර, ඇතැම් රටවල, විශේෂයෙන්ම බටහිර ලෝකයේ, "කළු ජාතිකයෙක්" යැයි සළකනු ලැබෙන්නේ අනෙක් ජන කණ්ඩායම් වලට වඩා තද පැහැ සමක් ඇතැයි සැළකෙන පුද්ගලයන් ය. මෙම යෙදුම බහුලව භාවිතා වන්නේ උප-සහරානු අප්‍රිකානු ජනයා සහ ඕෂියානා කලාපයේ ජිවත්වන ආදිවාසී ජනයා සහ ඔවුන්ගෙන් පැවතගෙන එන්නා වූ අය සඳහා වුවද, වෙනත් සන්දර්භයන්හිදී වෙනත් ජන කණ්ඩායම් හැඳින්වීම සඳහා ද භාවිත කෙරී ඇත. බටහිර සංස්කෘතීන්ගෙන් ලැබුනු බලපෑම් නිසා හැරුනු විට, අප්‍රිකානු ආදිවාසී සමාජයන්හී "කළු" යන යෙදුම ජනවාර්ගික අනන්‍යතාව හැඳින්වීමට භාවිත නොකෙරුනි. ඇතැම් අප්‍රිකානු රටවල, විශේෂයෙන්ම යටත්විජිතවාදීන්ගේ වාර්ගික වෙන්කිරීම් වලට ලක් නොවූ රටවල, "කළු" යන යෙදුම පරිභවාත්මක හෝ යල් පැනගිය ලේබලයක් ලෙස සැළකේ.

නූතන මානවවිද්‍යාඥයන් සහ වෙනත් විද්‍යාඥයන් මිනිස් ජනගහණ අතර ජෛවවිද්‍යාත්මක වෙනස්කම් ඇති බව පිළිගන්නා නමුත්, එක්සත් "කළු ජාතිය" ක් යන සංකල්පය හුදෙක් සමාජය විසින් නිර්මිත සංකල්පයක් මිස විද්‍යාත්මක සංකල්පයක් නොවේ යැයි පිළිගනියි. "කළු ජනයා" ලෙස සැළකෙන්නේ කවුද යන්න තීරණය කිරීමට විවිධ සමාජයන් විවිධ නිර්ණායක යොදාගන්නා අතර, මෙම සමාජ නිර්මිතීන් කාලයත් සමග වෙනස්වීම් වලට ද භාජණය වී ඇත.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කළු_ජනතාව&oldid=549274" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි