ටොලමි IX ලැතිරොස්

ටොලමි IX සෝටර් II[note 1] නැතහොත් ලැතිරොස් ("තණ මෑ") (ග්‍රීක:Πτολεμαῖος Σωτήρ Λάθυρος, Ptolemaĩos Sōtḗr Láthuros) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 116-110, ක්‍රි.පූ. 109-107 සහ ක්‍රි.පූ. 88-81 ලෙස තෙවරක් පාලනය ගෙන ගිය ඊජිප්තුවේ රජ කෙනෙකි. ඔහු සිය සිය සොහොයුරා වූ ටොලමි X ඇලෙක්සැන්ඩර් සමග මාරුවෙන් මාරුවට පාලනය ගෙන ගොස් ඇත.

ටොලමි IX ලැතිරොස්
ඊජිප්තුවේ ටොලමියානු රාජවංශයේ පාරාවෝ
බොස්ටන් ලලිත කලා කෞතුකාගාරයේ තබා ඇති IXවන ටොලමිගේ ප්‍රතිමා හිසක්
ඊජිප්තුවේ ටොලමියානු රජ
පූර්වප්‍රාප්තිකයාටොලමි VIII ෆිස්කන් සහ ඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රා
අනුප්‍රාප්තිකයාඊජිප්තුවේ IIIවන බෙරෙනිස්
උපතක්‍රි.පූ. 143 – 142 පමණ
මරණයක්‍රි.පූ. 81
භාර්යාවන්
දරුවන්ටොලමි XII (IVවන ක්ලියෝපැට්රාට දාව)
IIIවන බෙරෙනිස් (ක්ලියෝපැට්රා සෙලීන් Iට දාව)
සම්පූර්ණ නාමය
ටොලමි IX සෝටර් II
රාජවංශයටොලමයික
පියාටොලමි VIII ෆිස්කන්
මවඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රා

පළමුව ඔහුගේ මව වූ IIIවන ක්ලියෝපැට්රා විසින් ඔහුව සිය සහ-අනුරාජ පදවියට පත් කරගැනීමට තීරණය කරන ලදී. (ඔහුගේ පියා වූ VIIIවන ටොලමිගේ ආශාව වූයේ ඇය ඇගේ පුත්‍රයකු සමග හවුල් පාලනයක් ගෙන යනු දැකීමටයි) ඇලෙක්සැන්ඩ්‍රියානුවන් විසින් ඔහුව තෝරා ගැනීමට ඇයට බලකරන ලදී. ඔහු සිය සොයුරිය වූ IVවන ක්ලියෝපැට්රා සමග විවාහ වූ නමුත්, ඔහුගේ මව විසින් ඇයව ඉවත් කොට ඔහුගේ බාලම සොහොයුරිය වූ ක්ලියෝපැට්රා සෙලීන් එම තනතුරට පත්කරන ලදී. පසුව, ඇය විසින් ඔහු තමන්ව මරා දැමීමට උත්සාහ ගන්නේ යැයි චෝදනා නගමින් සාර්ථකව IXවන ටොලමිව සිහසුනෙන් නෙරපන ලදී. අනතුරුව ඇය සිය ප්‍රියතම පුත්‍රයා වූ ඇලෙක්සැන්ඩර් සිය සහ-අනුරාජ පදවියට පත්කළා ය. නමුත් පසුව Xවන ටොලමි සමග පාලනය ගෙනයාම අසීරු බව ඇයට වැටහිණි. අනතුරුව ඇය විසින් නැවත IXවන ටොලමි සිහසුනට පත්කළා ය. නමුත් මඳ කලෙකින් Xවන ටොලමි ඇයව මරා දමා සිහසුන පැහැර ගත්තේ ය. පසුකලෙක ඔහුව ද සටන් බිමෙක දී මරා දැමිණි. අනතුරුව IXවන ටොලමි සිය මරණය තෙක්ම රාජ්‍ය පාලනය ගෙනගියේ ය.

ඊජිප්තු පාරාවෝ ටොලමි IX සෝටර් IIගේ රිදී චතුර්ඩ්‍රැමා කාසියක්; ක්‍රි.පූ. 109
IXවන ටොලමිගේ ශිලා ස්තම්භයේ කොටසක්; ක්‍රි.පූ. 115; අස්වාන් වලිනි.

ඔහුගේ දියණිය වූ IIIවන බෙරෙනිස් ඔහුගේ මරණින් පසු සිහසුනට පත්වූ අතර, ඇය විසින් වසරක පමණ කාලයක් රාජ්‍ය පාලනය ගෙන යන ලදී. ඇයට ඇගේ සුළු පුත්‍රයා වූ ඇලෙක්සැන්ඩර් සමග විවාහ වීමට සිදු විය. ඇලෙක්සැන්ඩර්, ටොලමි XI ඇලෙක්සැන්ඩර් II යන නාමයෙන් රාජ්‍ය පාලනය කළ අතර, දින දහනවයකට පසු ඔහු විසින් ඇයව මරාදමන ලදී.

IXවන ටොලමිගේ නාමය මගින් ඔහුගේ මහා මැසිඩෝනියානු පූර්වජයා වූ ටොලමි I සෝටර් සිහි ගන්වයි. පැරණි මූලාශ්‍රවල සහ ජර්මන් ඉතිහාසඥ හස් විසින් සම්පාදනය කළ ග්‍රන්ථවල ඔහුව VIIIවන ටොලමි ලෙස අංකනය කොට ඇත.

පෙළපත

සටහන්

බාහිර සබැඳි

ටොලමි IX ලැතිරොස්
උපත: ක්‍රි.පූ. 143 – 142 පමණ මරණය: ක්‍රි.පූ. 81
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ටොලමි VIII
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 116-110
ක්ලියෝපැට්රා III සහ ක්ලියෝපැට්රා IV සමග
අනුප්‍රාප්තික
ක්ලියෝපැට්රා III සහ ටොලමි X
පූර්වප්‍රාප්තිකයා
ක්ලියෝපැට්රා III සහ ටොලමි X
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 110-109
ක්ලියෝපැට්රා III සමග
අනුප්‍රාප්තික
ක්ලියෝපැට්රා III සහ ටොලමි X
පූර්වප්‍රාප්තිකයා
බෙරෙනිස් III සහ ටොලමි X
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 88-81
අනුප්‍රාප්තික
බෙරෙනිස් III


"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ටොලමි_IX_ලැතිරොස්&oldid=659199" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි