ද වෝල් ස්ට්‍රීට් ජර්නල්


ද වෝල් ස්ට්‍රීට් ජර්නල් යනු, වෙළෙඳ ව්‍යාපාරික සහ ආර්ථික පුවත් පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කර ඇති, ඇමරිකානු ඉංග්‍රීසි-භාෂා ජාත්‍යන්තර දිනපතා පුවත්පතකි. නිවුස් කෝර්ප් සමාගමෙහි කොටසක් වන, ඩවු ජෝන්ස් සහ සමාගම විසින්, සතියකට දින හයක් තුල එය ප්‍රකාශයට පත් කෙරෙන්නේ, ජර්නල් හී ආසියානු සහ යුරෝපියානු සංස්කරණයන් හා සමගිනි.

ද වෝල් ස්ට්‍රීට් ජර්නල්
අප්‍රේල් 28, 2008 ඉදිරි පිටුව
වර්ගයදිනපතා පුවත්පත
ආකෘතියපුළුල්පත්‍ර
අයිතිකරුනිවුස් කෝර්ප් ( ඩවු ජෝන්ස් සහ සමාගම ඔස්සේ)
ප්‍රධාන කර්තෘජෙරාඩ් බේකර් (සංස්කාරක)
මතවාද සංස්කාරකපෝල් ඒ. ජීගො
ඇරඹුනේජූලි 8, 1889; වසර 134 ක් පෙර (1889-07-08)
භාෂාවඉංග්‍රීසි
මූලස්ථානය1211 ඇවනියු ඔෆ් දි ඇමරිකාස්
නිව්යෝර්ක්, NY 10036
සංසරණයදිනපතා 2,378,827
(ඩිජිටල් 900,000 ඇතුළුව)
2,406,332 සතිපතා
(මාර්තු 2013)[1]
ISSN0099-9660
OCLC අංකය781541372
නිල වෙබ්අඩවියwsj.com


ජර්නල් යනු සංසරණය අනුව එක්සත් ජනපදයෙහි විපුලතම පුවත්පත වෙයි. . අලායන්ස් ෆෝ ඔඩිටඩ් මීඩියා ප්‍රකාර, 2013 මාර්තු වන විට, යූඑස්ඒ ටුඩේ පුවත්පතෙහි 1.7 මිලියන ප්‍රමාණය හා සැසඳු කල, 2.4 මිලියන පමණ පිටපත් ප්‍රමාණයක සංසරණයක් එය සතුවෙයි (900,000 පමණ වන ඩිජිටල් ග්‍රාහකත්වය ඇතුළුව)[2]. වෙළෙඳ ව්‍යාපාර පුවත්පත් ක්ෂේත්‍රයේ එහි ප්‍රධාන විරුද්ධකාරයා වන්නේ ලන්ඩනය-පදනමැති ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත වන අතර, එය විසින්ද ජාත්‍යන්තර සංස්කරණ කිහිපයක් ප්‍රකාශයට පත් කරයි.

ජර්නල් විසින් ප්‍රාථමික වශයෙන් ආවරණය කෙරෙන්නේ ඇමරිකානු ආර්ථික සහ ජාත්‍යන්තර වෙළෙඳ ව්‍යාපාර මාතෘකා සහ, මූල්‍යමට ප්‍රවෘත්ති සහ වාද විෂයයන් වෙති.

ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි