පරංගි

පරංගි යනු කුමක්ද?

1656 පෘතුගීසී‍ සංරක්ෂණය කළ පිටපත 2022-12-12 at the Wayback Machineබලය බිඳවැටී ලන්දේසීන් බලවත්වෙමින් ආ කාලයේදී රට තුළ පැවති චර්ම රෝගයක් සඳහා ලන්දේසී ආණ්ඩුුව භාවිතා කරන ලද නාමය වනුයේ 'පරංගි' යන්නයි. මේ වචනය හින්දියේ එන "ෆිරංගි" කියන වචනයෙන් බිඳී ආ එකක් බවට විශ්වාස කරන්න පුළුවන්.[1]

පෘතුගීසී කොටුව ලෙස හැදින්වු කොළඹ බළකොටුව තුළ වසූරිය, අතීසාරය, කුෂ්ඨ රෝග ආදිය බහුලව පැවතුණි. කොටුව තුළ සාගින්න ඉතා සිඝ්‍රයෙන් වැඩිවෙමින් පැවතුණි. කොටුව තුළ පටු මාර්ගවල මළමිනී පිරී තිබුණ අතර ඒවා කුණුවී දුඟද හමන්නට විය. පරංගි රෝගය ඇතිවූයේ මේ කාලයේදීය. ‌මේකට හේතුව වුණේ ටිකිරි කුමාරයා එහෙම නැත්තං සීතාවක රාජසිංහ රජතුමා කොලඹ කොටුවෙ පරංගි බලකොටුව වටලන්නට කටයුතු කිරිම. ‌මොක‍ද ඔහුට අවශ්‍ය වෙලා තිබුණා පෘතුගීසින්ව රටින් ඉවත් කරන්න. කුමාරයා පෘතුගීසි සේනාව ‌කොටුව ඇතුලට පමණක් සීමා කරට පස්සේ ඔවුන්ට ‌කොටුවෙන් පිට යෑමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ සම්බන්ධව ධර්මදාස වල්පොළ මහතා ගායනා කරන සිංහල සිංදුවක ‌පද පේළියක් තියෙනවා. "කොළඹ කොටුවෙ බළල් මසුත් ගිනි ගණන් වුණා. පරංගි දේසේ රජුටත් මර උණ ගැනුණා"[2] සංරක්ෂණය කළ පිටපත 2022-12-12 at the Wayback Machine කියලා.

ශරීරයේ අධික උෂ්ණාධික බව නිසා හටගන්නා මෙම චර්ම රෝගය ස්පර්ශයෙන් බෝවෙන එකකි. පෘතුගීසීන් කොළඹ හා වෙනත් බළකොටුවල හිරවී ජලය ආහාර පාන වාතාශ්‍රය නොමැතිව එකගොඩේ ගුළිවී සිටියදී පරංගි රෝගය ඇතිවූ බව සඳහන්වේ. පෘතුගීසීන්ගෙන් මෙම රෝගය බෝවූ නිසා ලාංකිකයෝ එම ජාතියම හැඳින්වුණේ පරංගි යන නාමයෙනි.  

ඒ අනුව පෘතුගිසීන් මාර්ගයෙන් මේ චර්ම රෝගය ‌රට තුළ ව්‍යාප්ත වීමත් සමඟ සිංහල ජනතාව ඔවුන් හැදින්වීමට ‌පරංගි යන නාමය භාවිතා කර ඇත.

ඉහත සඳහන් බෝවන රෝගය පරංගි නමින් හැඳින්වුවද කුෂ්ඨ යනු සමෙහි මතුවෙන රෝග සමූහයකි. බාහිර කුෂ්ඨ සමෙහි යමක් ආලේප වීමෙන් හට ගන්නා අතර අභ්‍යන්තර කුෂ්ඨ ඇතිවෙන්නේ යම් ද්‍රව්‍යයක් ශරීර ගතව රුධිරය මගින් සංසරණය වීමෙනි. මෙය ලේ නරක්වීමක් ලෙසටද හඳුන්වති. මේ රෝගය ස්පයිරොකීට් නම් බැක්ටීරියා වර්ගයෙන් හටගන්නේ. අපිරිසිඳු ප්‍රදේශ ස්ථාන වල මේ රෝගය බහුලව සෑදේ. මේ රෝගයට කියන ඉංග්‍රිසී නාමය වන්නේ "yaws / pinta" කියල. මේ රෝගය වැඩිපුරම තියෙන්නේ අප්‍රිකානු රටවල සහ ඉන්දියාවේ. ලංකාවේත් 19 වෙනි ශතවර්ශය වන තෙක් තිබුණු බවට සාක්ෂි ඇතත් අද වන විට දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින්.[3]

ගාලු කොටුව (galle fort )

පෘතුගීසින් (Portuguese) යනු ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ ජනවර්ගයකි. මොවුන් ඉතා සූක්ෂම ලෙස ලංකාව තම පාලනයට ගත් බව කියැවේ . පෘතුගීසි බලපෑමෙන් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය වෙනස් වීම් වලට ලක් විය. ඒ වගේම ලන්දේසීන්ගේ සතුරන් වු පෘතුගීසින්ව [4] හදුන්වන්න පරංගි යන නාමය වැඩි වශයෙන් භාවිතා කර ඇත්තේ ලන්දේසීන් වීම විශේෂත්වයක්.

පරංගි යනු රෝගයක් වීම හා ලංකාව තුළ තවමත් පෘතුගීසි අනන්‍යතාවය සහිත පුරවැසියන් ‍‍‍‍‍‍ජීවත් වීම හේතුවෙන් මේ වන විට මේ නම භාවිතා කිරිම ඔවුන්ට වචික හිංසාවක් හා අපහසුතාවක් වන බැවින් භාවිතයෙන් ඉවත් කර ඇත. එයට හේතූව මෙය භාවිතා කරනු ලබන්නේ හුදෙක් යම් පුද්ගලයෙකුව හෝ සමාජ කණ්ඩායමක් අපහසුතාවයට පත් කිරිම සඳහා වන නිසාය.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=පරංගි&oldid=629261" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි