පිලිප් ධර්ම දූතයා

ශාන්ත පිලිප් යනු ජේසුස් වහන්සේගේ ධර්ම දූතයින් දොළොස් දෙනාගෙන් එක් අයෙකි. ක්‍රිස්තියානි සම්ප්‍රදායේ , පිලිප්ව හඳුන්වනු ලබන්නේ ග්‍රීසියේ හා සිරියාවේ අන්‍යාගමකට හැරවූ දූතයා ලෙසයි. හයිරොපොලිස් නගරයේදී කුරුසයේ ඇණ ගැසීම නිසා ඔහු ආගම වෙනුවෙන් දිවි පිදූ කෙනෙකි. රෝමානු කතෝලික පල්ලියේ ශාන්ත පිලිප්ගේ මංගල්‍ය දිනය මැයි 1වෙනිදාය. මෙදිනට සාම්ප්‍රදායිකව ශාන්ත පිලිප්ව සමරනු ලැබ ඇත. නමුත් පසුව එම මංගල්‍ය දිනය මැයි 11 දිනට ගෙනයන ලදී. 1970 දී දින දර්ශනය සංස්කරණය කිරීමේදී බොහෝ මංගල්‍ය මර්දනය කිරීමත් සමඟ එම සැමරුම් දිනය නැවත මැයි 3 ට ගෙන එන ලදී. නැගෙනහිර ඕතොඩොක්ස් පල්ලියේ සාමාජිකයන් ශාන්ත පිලිප්ගේ මංගල්‍ය සමරනුයේ නොවැම්බර් 14 දින වේ. බොහෝ පල්ලිවල මෙය මැයි 1වැනි දින සැමරීම නොකඩවා සිදු කරයි. ඊට අමතරව සාම්ප්‍රදායික රෝමානු කතෝලිකයන් ශාන්ත පිලිප් හා ශාන්ත ජේම්ස් යන දෙදෙනා සඳහාම මංගල්‍ය දිනය ලෙස මැයි 1 දින සමරනු ලැබේ.ක්‍රිස්තියානි දර්ශනවාදී සමූහයක සාමාජිකයින් පිලිප්ගේ ධර්ම දූත සේවාවේ බලය ඉල්ලා සිටි ඒ එම ක්‍රම ක්‍රිස්තියානි දර්ශනයන්හි සාමාජික පාඨග්‍රන්ථ ඔහුට පවරමිනි.

tiny globe
පිලිප් ධර්ම දූතයා
ස්ථානය ශාන්ත පීටර්ස්බර්ග්,රුසියාව
උපත නොදනී, බෙත්සයිඩාව
විපත ක්‍රි.ව. 80 හයිරාපොලිස්, කුරුසයේ ඇණ ගැසීමෙන්
ගරුකරන්නන් සියලුම ක්‍රිස්තියානියන්
මුනිවරුන්ගේ නාමාවලියට ඇතුලත් වේ
මංගල්‍යය මැයි 3 (රෝමානු කතෝලික පල්ලිය )
නොවැම්බර් 14 (නැගෙනහිර ඔතඩොක්ස් පල්ලිය )
මැයි 1 සාම්ප්‍රදායික රෝමානු කතෝලිකයන් හා ඇන්ග්ලිකන් සංගමය
ලක්ෂණ වයසක රැවුල ඇති පුද්ගලයෙකි. එක අතකින් කුරුසයද, අනෙක් අතින් භාජනයක් ද ගෙන සිටී.


අඩවියෙන් බැහැර පිටු

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි