පූර්ව වෛවාහික ලිංගිකත්වය

පුර්ව වෛවාහික ලිංගිකත්වය යනු විවාහයට පෙර ලිංගික ඇසුර පැවැත්වීමයි.අතීතයේ විවාහයට පෙර ලිංගික අසුර පැවැත්වීම වරදක් ලෙස බොහෝ සංස්කෘතීන් තුල පිළිගැනුණි නමුත් 1960 න් පසු බොහෝ සංස්කෘතීන් තුල මෙය පිළිගුනුණි.විශේෂයෙන් බටහිර සමාජවල මෙම තත්වය දැකිය හැකිය.බොහෝ ආගම් තුල විවාහයට පෙර ලිංගික අසුරක් පැවැත්වීම පාපයක් ලෙස ඉගැන්වේ.මුස්ළිම් රටවල විවාහ පූර්ව ලිංගික ඇසුර බරපතල වරදක් ලෙස පිළිගනී.උදාහරණ ලෙස මලයාසියාව,ඉන්දුනීසියාව,ජොර්ධානය,පාකිස්ථානය හා ඊජිත්තුව දැක්විය හැකිය.එහෙත් බටහිර රටවල විවාහයට පෙර ලිංගික අසුර පැවැත්වීම වරදක් ලෙස පිළි නොගනී.උදාහරණ ලෙස ස්පාඥ්ඥය,ජර්මනිය,ප්‍රංශය දැක්විය හැක..[1] 

Brothel scene; Brunswick Monogrammist, 1537; Gemäldegalerie, Berlin

විග්‍රහය

1950 දක්වා ලිංගික තෘප්තිය ලැබිය යුත්තේ විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර ඇතිවන විවාහ සම්බන්දතාවකින් පසුව පමණක් බව අවධාරණය කැරිණි. [2][3] පනහ දශකයට පෙර බටහිර සමාජය තුල විවාහ වියයුතු වයස් සීමාව ලෙස වයස අවුරුදු 21 හෝ 22 ට වැඩි වියයුතු විය.එසේම විවාහයට පෙර ලිංගික අසුරක් පවැත්වුව අයකුට විවාහවීමට අවස්ථාව නොලැබුණි.ස්ත්‍රීන්ගේ කන්‍යාභාවය පරික්ෂා කිරීමද සිදුවිය.කන්‍යාභාවය අහිමිවූ ස්ත්‍රීන්ට විවාහවීම අවසර නොලැබුණි.

ලිංගික අසුර පිළිබඳ සංකල්පයද පුද්ගලයාගෙන් පුද්ගලයාට සංස්කෘතියෙන් සංස්කෘතියට අනුව වෙනස් වෙයි.කන්‍යාභාවය මගින් පරික්ෂාකල හැක්කේ ස්ත්‍රියක් පුරුෂයෙකු හා ශිශ්න-යෝනි සංසර්ගයක් ඇති කර ගත්තේද යන්න පමණය.එහෙත් කන්‍යාභාවය පරික්ෂා කිරීම සදහා යොදා ගන්නා කන්‍යාපටලය බිඳීමෙන් පිටවන රුධිරය පරික්ෂා කිරීමේ ක්‍රමයද විද්‍යානුකූලව සාර්ථක ක්‍රමයක් නොවන බව නවීන විද්‍යාව පෙන්වා දෙයි.ඒ අනුව යමකු විවාහයට පෙර ලිංගික ඇසුරක් පැවැත්වුවේද යන්න පරික්ෂා කළහැකි නිවැරදි විද්‍යාත්මක ක්‍රමවෙදයක් නැත.අවිවාහකව සිදුකරන ලිංගික ඇසුර,තරුණ තරුණියන් අතර ඇතිවන ලිංගික ඇසුර,තරුණයන් හා වැඩිහිටියන් අතර ඇතිවන ලිංගික ඇසුර ද විවාහ පූර්ව ලිංගික අසුරක් ලෙස සලකයි.ලිංගික ඇසුර පිළිබද මතයන්ද පුද්ගලයාගෙන් පුද්ගලයාට යෙනස්වේ.[2]

පරීක්ෂණ

ඇතැම් සංස්කෘතීන් තුල විශේෂයෙන් බොහෝ බටහිර සංස්කෘතීන් තුල විවාහයට පෙර ලිංගික සම්බන්දතා පැවැත්වීම සංස්කෘතික තහංචියක් ලෙස පිළි නොගනී.මෙම සංස්කෘතීන් තුල විවාහයට පෙර ලිංගික ඇසුර සිදුකරයි.

අතීතයේ දී බටහිර රටවල පවා විවාහයට පෙර ලිංගික සබදතා පැවැත්වීම බොහෝ විට සිදු නොවුණි.ඇමරිකාවේ සිදුකල අධ්‍යනයකට අනුව ක්‍රිස්තු වර්ෂ 1910 පෙර උපත ලැබූ පුද්ගලයන් අතරින් පුරුෂයන් 61% සහ කාන්තාවන් 12% පමණ විවාහයට පෙර ලිංගික ඇසුර පවත්වා ඇත.පුරුෂයන් බොහෝ දෙනෙක් ගණිකාවන් වෙත යෑම මගින් ලිංගික ඇසුර ලබාගෙන ඇත.[2]

ක්‍රිස්තු වර්ෂ 1920 න් පසු විවාහයට පෙර ලිංගික අසුර බොහෝ විට සමාන්‍ය තත්වයක් ලෙස වර්ධනය විය.එයට ප්‍රධාන හේතුව පළමු හා දෙවන ලෝක යුද්ධයන්ගෙන් ඇතිවූ බලපෑම්ය.මෙම අවධියේදී ඇමරිකානු ස්ත්‍රීන් අතරින් 75% හා 80% පමණ වයස අවුරුදු 19ට අඩු වයසේ පසුවන අවස්තා වලදීම ලිංගික සංසර්ගයන්ට යොමුවී තිබිණ.මෙහි ප්‍රතිපලයක් ලෙස උපත් පාලනය ඉතා අවශ්‍ය කරුණක්විය.[2]

ක්‍රිස්තු වර්ෂ 2001 දී යුනිසෙෆ් ආයතනය මගින් සිදුකළ සමීක්ෂණයකට අනුව සංවර්ධිත රටවල් 12 ක් අතරින් 10 කම වයස අවුරුදු 13 සිට 19 දක්වා වයස් කාණ්ඩයට අයත් තරුණ තරුණියන් ගෙන් තුනෙන් දෙකක්ම ලිංගික සංසර්ගය සිදුකර ඇති බවයි.මේම රටවල් අතරට ඩෙන්මාර්කය,ෆින්ලන්තය,ජර්මනිය,අයිස්ලන්තය,නොර්වේ,එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය අයත්වේ.එනම් තරුණ ජනගහණයෙන් 80% විවාහ පූර්ව ලිංගික ඇසුර පවත්වා ඇත.ඕස්ට්‍රේලියාව,එක්සත් රජධානිය හා එක්සත් ජනපදය යන රටවල තරුණ ජනගහනයෙන් වයස අවුරුදු 15 වයසේ පසුවන තරුණ තරුණියන් 25% ක් පමණ ලිංගික ඇසුර පවත්වා ඇත.වයස අවුරුදු 17 වයසේ පසුවන තරුණ තරුණියන් අතර මෙම ප්‍රතිශතය 50% විය.[4] ක්‍රිස්තු වර්ෂ 2005 ඇමරිකාවේ සිදුකළ අධ්‍යනයකට අනුව 29% පමණ තරුණ තරුණියන් පවසා ඇත්තේ තමන් ලිංගික සංසර්ගය අත්විද ඇති බවයි.24% දෙනා පවසා ඇත්තෙ තමන් ලිංගික ඇසුරක් පවත්වා නැති බවයි.ඇතමුන් පවසා ඇත්තේ තමන් අනෙකුත් තරුණ තරුණියන් ලිංගික අසුර පවත්වන අයුරු දුටු බවයි.[5] [6][7]

2007 දී සිදුකල අධ්‍යනයකට අනුව ඇමරිකානුවන් බොහෝමයක් විවාහයට පෙර ලිංගික ඇසුර පවත්වා ඇතිබව එරට සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.ඇතමුන් වයස අවුරුදු 20 ට පෙර ලිංගික ඇසුර පවත්වා ඇත.මේ අතරින් 75%ක්ම විවාහයට පෙර පවත්වා ඇති ලිංගික සංසර්ගයන්ය.[8] 1943 සිට 1999 දක්වා කාලය තුල විවාහයට පෙර ලිංගික ඇසුර පැවැත්වීම 12% සිට 73% දක්වා වර්ධනය වී ඇත.එම අවදියේ තරුණයන්ගෙන් 40% සිට 79 දක්වා පූර්ව වෛාහික ලිංගිකත්වය වරදක්ය යන මතය දරාඇත.නමුත් වර්තමානයේ එම ප්‍රතිශතය 25% දක්වා පහල බැස ඇත.විවාහයට පෙර ලිංගික ඇසුර පැවැත්වීම වරදක් ලෙස වර්තමානයේ බොහෝ ඇමරිකානුවන් විශ්වාස කරන්නේ නැත.[9]

ලිංගික වෙනස

ඇමරිකාවේ විශ්ව විද්‍යාල සිසුන් අතර සිසුවියන්ට වඩා සිසුන් ලිංගික ඇසුර පවත්වන බව පවසා ඇත.[10] තවත් අධ්‍යනයක් අනුව සිසුන් සමූහ වශයෙන් එක්වී ලිංගික ඇසුර පවත්වන බව පෙන්වාදී ඇත.[11]

2006 දී සිදුකළ අධ්‍යනයකට අනුව පිරිමි ළමුන් අතරින් තම පෙම්වතිය සමග ලිංගික ඇසුර පවත්වා ඇත්තේ තුනෙන් එකක පමණ පිරිසක් පමණය.තුනෙන් දෙකක්ම තම පෙම්වතිය හැර වෙනත් කාන්තාවන්ගෙන් ලිංගික සතුට ලබාගෙන ඇත.[12] බොහෝ පුද්ගලයන් විවාහ අපේක්ෂාවෙන් තොරව ලිංගික ඇසුර පැවැත්වීමට වැඩි කැමැත්තක් දක්වා ඇත.[13]

2011 දී සිදුකළ සමීක්ෂණයකට අනුව ලිංගික ඇසුරෙන් පසු ඔවුන්ගේ චිත්තවෙගී ප්‍රතිචාර ධනාත්මක බව තරුණයන් සේම තරුණියන්ද පවසා ඇත.[14] උපත් පාලන කොපු යොදා සංසර්ගයේ යෙදීම කාන්තාවන්ට තරමක් ධනාත්මක චිත්තවේගී ප්‍රතිචාර අවම වීමටත් පුරුෂයන්ට එසේ වෙනස් නොවීමත් සිදුවී ඇතිබව සමීක්ෂණ පෙන්වා දෙයි.[14] පළමු ලිංගික අද්දැකීම පුරුෂයන්ට ඉතා තෘප්තිමත් සතුටුදායක අද්දැකීමක් ඔවුන් පවසා ඇත.එහෙත් කාන්තාවන්ට පළමු ලිංගික අද්දැකීම ස්වං වරදකාරී මානසික පිඩනයක් ඇතිකළ අවස්ථාවක් ලෙස පවසා ඇත.එයට හේතුව විවාහයට පෙර ලිංගික ඇසුර පිළිබද සංස්කෘතික වශයෙන් වරදක් ලෙස පිළිගැනීම නිසා සිත තුල ඇතිවන කැළඹීමයි.[15] බොහෝ සංවර්ධිත රටවල විවාහයට පෙර ලිංගික ඇසුර පැවැත්වීමට තරුණ තරුණියන් පෙළඹී ඇත.[16]

වාර්ගික විවිධත්වය

ආරක්ෂිත ලිංගික ක්‍රියා

සංස්කෘතිය

බ්‍රිතාන්‍ය

ඇමරිකාව

ආශ්‍රිත

  • Trial marriage
  • Free love
  • Illegitimacy
  • Religion and sexuality
  • Shotgun wedding
  • Single parent
  • Virgin Complex

මූලාශ්‍ර

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි