බන්දුල වර්ණපුර

බන්දුල වර්ණපුර (සිංහල: බන්දුල වර්ණපුර; 1 මාර්තු 1953 - 18 ඔක්තෝබර් 2021) යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකි. ඔහු 1975 සිට 1982 දක්වා ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරඟ හතරක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ දොළහකට (ODI) ක්‍රීඩා කර ඇත. ඔහු දකුණත් ආරම්භක පිතිකරුවෙකු වූ අතර දකුණත් මධ්‍යම වේග පන්දු යවන්නෙකු විය.

බන්දුල වර්ණපුර
Personal information
උපත1 මාර්තු 1953
මියගිය දිනය2021 ඔක්තෝබර් 18 (වයස අවුරුදු 68)
කොළඹ, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේප්‍රථම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලේ නායක
ආගමබෞද්ධ

වර්ණපුර ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් තරගයේ නායකත්වය දැරූ අතර, පළමු පන්දුවට මුහුණ දෙමින් තම කණ්ඩායමට පළමු ලකුණ ලබා දුන්නේය. ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන ඉනිමේ පන්දු යැවීම සහ පිතිකරණය ආරම්භ කිරීමේ දුර්ලභ විශිෂ්ඨත්වය සහ කීර්තියද ඔහු සතු විය.

ඔහු ක්‍රීඩා කළ සියලුම ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකා නායකයා ලෙස කටයුතු කළ නමුත් ඒ එකකින්වත් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට ඔහුට නොහැකි විය. කෙසේ වෙතත් ඔහු නායකත්වය දුන් පළමු එක්දින තරගය ශ්‍රී ලංකාව ජය ගත්තා. ඔහු එක්දින ක්‍රිකට් පිටියේ එක් අර්ධ ශතකයක් ලබාගෙන ඇත.

ජීවන සටහන්

බන්දුල වර්ණපුර නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1971 බන්දුල කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ නායකත්වය දැරීය.

ආශ්‍රිත

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=බන්දුල_වර්ණපුර&oldid=491901" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි