බහු මාධ්‍යය

බහු මාධ්‍ය යනු විවිධ වු අන්තර්ගත සමුහයක එකතුවක් ප්‍රයෝජනයට ගන්නා මාධ්‍යයන්ය. මෙම වදන නාම පදයක් (බහු අන්තර්ගත විධිවලින් යුත් මාධ්‍යය) ලෙස හෝ බහු අන්තර්ගත විධිවලින් යුත් මාධ්‍යයක් සේ විස්තර කිරීමේදී විශේෂණයක් ලෙස ද භාවිතයට ගැනේ. මෙම වදන මුද්‍රිත හෝ අතින් ලියන ලද වාක්‍ය හා නිශ්චල චිත්‍රක (graphic) පමණක් යෙදෙන මාධ්‍යවලදී නොයෙදේ. සාමාන්‍යයෙන් බහු මාධ්‍ය යනු ලේඛන ශ්‍රව්‍ය, නිෂ්චල රූප, සජීවීකරණ, වීඩියෝ යනාදියේ අන්තර් ක්‍රියාකාරී සංකලනයක් ඇතුළත් වූවකි.

බහු මාධ්‍යය සාමාන්‍යයෙන් පටිගත කිරීම, ධාවනය, දර්ශනය කිරීම හෝ පිවිසීම සිදුකරන්නේ පරිගණකගත ඉලෙක්ට්‍රෝනික උපකරණ වැනි තොරතුරු අන්තර්ගත සැකසූ උපකරණවලිනි. නමුත් එය සජීවී කාර්යය කොටසක්ද විය හැක. බහුමාධ්‍ය (විශේෂණයක් ලෙස) ඉලෙක්ට්‍රෙ‍ානික බහුමාධ්‍ය අන්තර්ගතයන් ගබඩා කිරීම හා ප්‍රදර්ශනයට භාවිතා කරන ඉලෙක්ට්‍රෝනික මාධ්‍ය උපකරණද විස්තර කරයි. බහුමාධ්‍ය ලලිත කලාවල සාම්ප්‍රදායික මිශ්‍ර මාධ්‍යයට සමාන වේ. නමුත් වඩාත් පුළුල් විෂයපථයක් තුළදීය. “සාරවත් මාධ්‍ය” (rich media) යන වදන අන්තර්ගත ක්‍රියාකාරී බහුමාධ්‍ය යන්නට සමානාර්ථයක් වේ. අධි මාධ්‍ය (hyper media) යන්න එක් සුවිශේෂී බහු මාධ්‍ය යෙදුමක් ලෙස සැලකිය හැක.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=බහු_මාධ්‍යය&oldid=552493" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි