භූතානය
භූතාන රාජධානිය යනු ස්වෛරීය රාජ්‍යයකි. සෑම පැත්තෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රට දකුණු ආසියාතික රටකි. හිමාලයේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති මෙය දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද, උතුරින් ටිබෙට් ස්වතන්ත්‍රික ප්‍රදේශයට ද මායිම් වී ඇත. භූතාන ජාතිකයෝ තම රට "මකරාගේ දේශය" යන තේරුම දෙන Druk Yul යන නමින් හඳුන්වති.
භූතාන රාජධානිය འབྲུག་ཡུལ་ Brug rGyal-Khab (Wylie) Dru Gäkhap | |
---|---|
ජාතික ගීය: Druk Tsendhen | |
අගනුවර සහ විශාලතම නගරය | තිම්පු 27°28.0′N 89°38.5′E / 27.4667°N 89.6417°E |
නිල භාෂා(ව) | zසොංකා |
ජාති නාම(ය) | භූතාන |
රජය | ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදී රාජාණ්ඩුව |
• රජු | ජිග්මේ ඛේසාර් නම්යෙල් වංචුක් |
• අගමැති | ජිග්මේ වයි. තින්ලි |
නිර්මාණය වුණේ 17 වැනි සියවස මුල දී | |
• වංචුක් රාජවංශය | 1907 දෙසැම්බර් 17 වැනි දා |
• ව්‍යවස්ථාමය රාජාණ්ඩුව | 2007 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 38,394 km2 (14,824 sq mi) |
• ජලය (%) | <1 (estimate) |
ජනගහණය | |
• ජූලි 2009 ඇස්තමේන්තුව | 691,141 (163 වැනියා) |
• 2005 ජන සංගණනය | 634,982[1] |
• ඝණත්වය | 18.1/km2 (46.9/sq mi) (154 වැනියා) |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $3.518 බිලියන[2] |
• ඒක පුද්ගල | $5,212[2] |
දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.269 බිලියන[2] |
• ඒක පුද්ගල | $1,880[2] |
මාසද (2013) | 0.584[3] මධ්‍යම · 136වන |
ව්‍යවහාර මුදල | Ngultrum2 (BTN) |
වේලා කලාපය | UTC+6:00 (BTT) |
• ගිම්හාන (DST) | UTC+6:00 (not observed) |
රිය ධාවන මං තීරුව | වමෙන් |
ඇමතුම් කේතය | 975 |
අන්තර්ජාල TLD | .bt |
|
භූතානය කලක් යනතුරුම ලොව හුදෙකලාම රාජ්‍යයක් ලෙස පැවතුණි. වර්තමානය වන විට අන්තර්ජාතික ගුවන් ගමන්, අන්තර්ජාලය, ජංගම දුරකථන ජාල සහ රූපවාහිනී සේවා නිසා රටේ නාගරික ප්‍රදේශ නවීකරණය වී ඇත. නමුත් දළ ජාතික සතුට (GNH) සංකල්පය ඔස්සේ පැරණි සංස්කෘතිය සහ සම්ප්‍රදායන් අනුව යමින් මෙම නවීකරණය පාලනය කිරීමට භූතානය පියවර ගෙන තිබේ. පරිසර සංරක්ෂණයට ද වැඩි ප්‍රමුඛත්වයක් ලබා දි ඇත. භූතාන රජය සැම විටම රටේ සංස්කෘතිය, සංස්කෘතික අනන්‍යතාවය සහ පරිසරය සුරැකීමට ක්‍රියා කරයි. 2006 දී ලෙයිචෙස්ටර් විශ්වවිද්‍යාල සමීක්ෂණයකට අනුව සතුටෙන්ම දිවි ගෙවන ජනතාවක් සිටින රටවල් අතරින් දකුණු ආසියාවෙන් පළමුවැනි තැන ද, ලෝකයෙන් අටවැනි තැන ද භූතානයට හිමිවන බව Business Week සඟරාව වාර්තා කළේය. [6]