භූ දර්ශන ඡායාරූපකරණය

භූ දර්ශන ඡායාරූප කලාව කැමරාවක් මඟින් නිර්මාණය කෙරේ. භූ දර්ශන ඡායාරූපකරණය මඟින් පෙන්වා දෙන්නේ ස්වාභාවික ලෝකයේ සුන්දරත්වයයි. බොහෝමයක් භූ දර්ශන ඡායාරූපකරුවන් තමන්ගේ ඡායාරූපවල මිනිස් ක්‍රියාකාරකම් පෙන්වන්නේ හැකි තරම් අඩුවෙනි. බොහෝ විට එය නොපෙන්වන තරම්ය. ඒවා හැර ඡායාරූපවලට විෂයන් වන්නේ භූ රූප, කාලගුණය හා හාත්පස විසිරුණු ආලෝකයයි. (Golden hour බලන්න)

ගින්දර නිම්නය ස්ටේට් පර්ක්,නෙවඩා

දිය ඇලි හා කඳුකර දර්ශන විශේෂයෙන් ඒ අතරින් ජනප්‍රිය වේ. ඒවා බහුලව උදාසීන, ඝනත්ව හෝ ධ්‍රැවීකරණ පෙරහන්වලට අදාළ වේ.

භූ දර්ශන බොහෝ විට නිර්මාණය කරනු ලබන්නේ පුළුල් කෝණ කාච (24mm හා 35mm විශේෂයෙන් ජනප්‍රිය වේ) හා ත්‍රිපාදයක් උපයෝගී කරගෙනය. විශාලම ක්ෂේත්‍ර ගැඹුර ලබා ගැනීම සඳහා කුඩා විවර (f/11 සිට f/22) යොදා ගනී. ඡායාරූපකරුවන් හැකිතාක් විස්තර ගබඩා කර ගැනීමට මධ්‍යම හෝ විශාල ආකෘති පද්ධති භාවිතා කරයි. කෙසේ නමුත් වර්තමානයෙහි ගන්නා ලද බොහෝමයක් භූ දර්ශන ඡායාරූපගත කර ඇත්තේ ඩිජිටල් SLR හා සංයුක්ත කැමරා වලිනි.

භූ දර්ශන ඡායාරූප කලාව පාරිසරික කළමණාකාරීත්වය උත්තේජනය කිරීමට වටිනා මෙවලමක් බවට පත්වී ඇත. අප්‍රකට ස්ථානවල සුන්දරත්වය ග්‍රහණය කර ගැනීමෙන් එම කැලෑබද ස්ථාන පොදු මහජනයාගේ ඇස කරා ගෙන ඒමට හැකි වේ. බොහොමයක් සැලකිල්ලට බඳුන්වන භු දර්ශන ඡායාරූපකරුවන් පාරිසරික සංරක්ෂණ සංවිධානවලට ඡායාරූප ලබා දෙයි. සමහරක් සංවිධාන ඉදිරියට වූ සංරක්ෂණ වැඩ සටහන් සඳහා වෘත්තීය හා ආධුනික ඡායාරූපකරුවන්ගේ ක්‍රියාකාරකම් යොදා ගනී. Earthjustice.org යනු වනාන්තර ප්‍රදේශ සංරක්ෂණ කිරීමේ එවන් සංවිධානයකි. එයට ඔවුන් ඉටු කරන ලද දේ නිරූපණය කරන භූ දර්ශන ඡායාරූප ඇතුළත් ස්ක්‍රීන් සේවර් පිටුවකින් යුක්ත වේ. ග්‍රීනපීස් විසින් ඉතාමත් දැකුම්කළු ස්වාභාවික ඡායාරූපවලින් යුත් ජනප්‍රිය වාර්ෂික කැලැන්ඩරයක් නිකුත් කරයි.

සටහන්

Landscape_Photography
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි