රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාව

(රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකා වෙතින් යළි-යොමු කරන ලදි)

රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවේ පේරාදෙණියේ පිහිටා ඇත. එය ශ්‍රි ලංකාවේ පිහිටි උද්භිද උද්‍යාන පහ අතුරින් ප්‍රධානම උද්භිද උද්‍යානය ලෙසින් සැලකෙයි.

රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාව
Map
පිහිටීමපේරාදෙණිය, ශ්‍රී ලංකාව
නඩත්තු කිරීමකෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව
තත්වයවසර පුරාම විවෘතයි
ඉදිකිරීමවර්ෂ 1750 දී පමණ

පිහිටීම

මුහුදු මට්ටමේ සිට මීටර 460 ක් පමණ උසින් පිහිටා ඇති මෙහි භූමී ප්‍රමාණය අක්කර 147 ක් වේ. මහනුවර සිට කිලෝමීටර් 5.5 ක් බටහිරින් මෙය පිහිටා ඇත.

දේශගුණය

වසරේ දින 365 න් දින 200 කම වාර්ෂික වර්ෂාපතනයක් මෙයට ලැබේ.

ඉතිහාසය

මෙහි ඉතිහාසය 1371 දක්වා දිවයයි. තුන්වන වික්‍රමබාහු රජුගේ රාජ සභාව පිහිටා තිබි තියෙන්නේ වර්තමානයේ මෙම උද්‍යානය පිහිටා තිබු ප්‍රදේශයේ මහවැලි ගග අසලය. එසේම මෙම භුමියේ විමලධර්මසූරිය රජු විසින් විහාරයක් ඉදිකළ බවත් පසුව ලංකාව 1815 වේ බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමෙන් පසු එම විහාරය කඩා බිද දමා විනාශ කළ බවත් සදහන් වෙයි. පසුව මෙහි උද්භිත උද්‍යානයක් සැකසීමට අවශ්‍ය බිම් සැකැස්ම කර ඇත්තේ 1821 ඇලෙක්සැන්ඩර් මූං විසින්ය. 1912 දී මෙහි අයිතිය කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට පැවරී ඇත. මෙහි ඉපැරණි තාල වර්ගයට අයත් ශාක දැකිය හැකි අතර ලංකාවේ පළමු තේ පැළය සිටුවා ඇත්තේ මෙම උද්‍යානයේදීය. ඉංග්‍රීසින් විසින් මෙම උද්‍යානය ඉදිකර ඇත්තේ තම විවේක කාලය නිදහසේ ගෙවීමටය.

සංචාරක ආකර්ෂණය

මෙම උද්‍යානය ඕකිඩ් විශේෂයන් සදහා ප්‍රසිද්ධියක් උසුලයි. එසේම මෙහි ශාක විශේෂයන් 4000 ට වඩා ඇත. ඒ අතර විශේෂයෙන්ම බෙහෙත් පැළෑටි, කුළු බඩු ශාක, තාල වර්ගයට අයත් ශාක සහා ඕකිඩ් විශේෂයන් වේ. වාර්ෂිකව දෙස් විදෙස් ආකර්ශකයින් මිලියන 2ක් පමණ මෙහි පැමිණේ.

වර්තමානයේ මෙහි වැඩකටයුතු කරගෙන යන්නේ උද්භිත උද්‍යාන දෙපාර්තමෙන්තුවත් කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවත් ඒකාබද්ධවය.

ගැලරිය

ශ්‍රී ලංකාවේ පිහිටි අනෙකුත් උද්භිද උද්‍යාන

බාහිර සබැඳි

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ