මිරිජ්ජවිල උද්භිද උද්‍යානය

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය (හම්බන්තොට උද්භිද උද්‍යානය), ශ්‍රී ලංකාවේ වියලි කලාපය තුල ඉදි කරනු ලැබූ පලමු උද්භිද උද්‍යානය වේ.

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය
Map
පිහිටීමමිරිජ්ජවිල, හම්බන්තොට,  ශ්‍රී ලංකාව
වපසරියඅක්කර 300[1]
තත්වයවසර පුරා විවෘතයි
ඉදිකිරීම2013 නොවැම්බර් 14
උද්භිද උද්‍යානයේ දර්ශනයක්

පිහිටීම

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගයේ පිහිටුවා තිබෙයි. උද්භිද උද්‍යානයට වම් පසින් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලත්, දකුණු පසින් මාගම්පුර වරායත් පිහිටා ඇත.

ඉදිකිරීම

2006 වර්ෂයේ උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු අරඹන විට, එම භූමිය කටු පඳුරු සහ අත්හරින ලද හේන් භූමි වලින් සමන්විත වූ කැලෑවකින් ගහණව තුබූ බව පැවසෙයි. උද්‍යානය අක්කර 300 ක පමණ භූමි පරිශ්‍රයක් පුරා ඉදිකොට තිබෙයි.[2]

උද්‍යාන අංග

කොහොඹගස් වැව, මලිත්තන්ගස් වැව සහ දෙමටත්ත වැව යන වැව් තුනකින් උද්‍යානය සමන්විත වෙයි. උද්‍යාන පරිශ්‍රය තුල තෙතමනය සහ සිසිලස රඳවා ගැනීම උදෙසා මෙම වැව් සකසා තිබෙයි.

උද්‍යානය ඉදිකිරීමේ අරමුණු

ප්‍රධාන අරමුණු 06 ක් මූලික කර ගනිමින්, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය ඉදිකොට තිබෙයි. ඒවා නම් :[3]

  • වියළි සහ අර්ධ ගුෂ්ක කලාපීය ශාකයන් විතැන් සංරක්ෂණය කිරීම.
  • වියළි කලාපය තුල වර්ධනය වන අප්‍රසිද්ධ හා අඩු වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබන ශාක පිළිබදව අධ්‍යනයන් සිදු කිරීම.
  • වියළි කලාපීය භූ දර්ශන තලයන් වැඩි දියුණු කිරීම.
  • ඖෂධ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම.
  • උද්භිද විද්‍යාව හා මල් වගාව පිළිබදව දැනුම සහ පුහුණු කිරීම් ලබා දීම.
  • පාරිසරික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම.

විවෘත කිරීම

2013 වර්ෂයේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළු රැස්වීම මෙරට පැවැත්වීම සනිටුහන් කරමින්, එම මස 14වන දිනදී උද්‍යානය විවෘත කල අතර, උද්‍යානය තුල පොදුරාජ්‍ය මණ්ඩලයීය කවයක්ද නිර්මාණය කෙරුණි. මෙම කවය තුල ජනාධිපතිවරුන් තිදෙනෙක්, උප ජනාධිපතිවරු හත් දෙනෙක්, අගමැතිවරුන් සිව් දෙනෙක් සහ විදේශ අමාත්‍යවරුන් පිරිසක් සිය රාජ්‍යයන් නියෝජනය කරමින් ඖෂධීය ශාක රෝපණය කරන ලදී.[4]

මේවාද බලන්න

ආශ්‍රිත

බාහිර සබැඳි

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය