විධායකය (ආණ්ඩුව)

දේශපාලන විද්‍යාවේ හා ව්‍යවස්ථාදායක නීතියේදී රජයක විධායකය යනු රාජ්‍යයේ එදිනෙදා කළමනාකරණය භාරව සිටින අංශයයි. බොහෝ රටවල මෙය ‘රජය‘ වශයෙන් හැඳින්වුවද ජාත්‍යන්තර තලය තුළ මෙසේ භාවිතය ගැටලු සහගතය. විධායකය තුළ රජයේ ප්‍රධානියා සිටින අතර ඔහු විධායකයේද ප්‍රධානියාය. බලතල බෙදීමේ න්‍යාය යටතේ විධායකයට නීති සකස්කිරීමේ හෝ විවරණය කරීමේ බලයක් නැත. ඔහුගේ කාර්යය වනුයේ නීති ක්‍රියාත්මක කිරීමයි. එහෙත් භාවිතයේ දී මෙම වෙන් කිරීම මෙසේ සිදුවන්නේ කලාතුරකිනි. ජනාධිපති ක්‍රමයේ දී ජනාධිපතිවරයා රජයේ සහ රාජ්‍යයේ ප්‍රධානියාවේ. පාර්ලිමේන්තු ක්‍රමයේ දී රජයේ ප්‍රධානියා අගමැතිවරයා වන අතර ඔහු හා පාලක පක්ෂයේ ප්‍රධානියාය. ප්‍රංශයේ විධායක බල තල ජනපති හා අගමැති අතර බෙදී ඇත. මෙම ක්‍රමය බොහෝ ප්‍රංශයේ යටත් විජිතවල ද යොදාගැනේ. ස්විස්ටර්ලන්තයේ සහ බොස්නියා -හර්සගොවිනා වල රජයේ සහ රාජ්‍යයේ ප්‍රධානියා මැතිවරණ විද්‍යාල හරහා පත් කෙරේ. රජයේ ප්‍රධානියාගේ සහයට ඇමතිවරුන් ද පත්කෙරෙන අතර ඔවුන්ට විශේෂිත ක්ෂේත්‍ර සඳහා බල තල පවරා තිබේ. (උ.දා. - සෞඛ්‍යය අධ්‍යාපනය) රාජ්‍ය සේවකයන් සහ සවිල් සේවකයන් ද රජයේ ප්‍රධානියාට සහය සඳහා යොදාගනියි .


සටහන්

Executive (government)
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=විධායකය_(ආණ්ඩුව)&oldid=471349" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි