සමෝච්ච රේඛාව

විචල්‍ය දෙකක ශ්‍රිතයක සමෝච්ච රේඛාවක් (සමරේඛාවක්, විචල්‍යමූලකයක්, හෝ සමසංඛ්‍යා රේඛාවක් ලෙසින්ද හැඳින්වේ) යනු, එය ඔස්සේ ශ්‍රිතය නියත අගයක් දරන්නාවූ වක්‍රයකි.[1] සිතියම් විද්‍යාවේදී, සමෝච්ච රේඛාවක් (බොහෝවිට "සමෝච්චයක්" ලෙසින් හැඳින්වෙයි) විසින්, මධ්‍යන්‍යය මුහුදු මට්ටම වැනි දී ඇති මට්ටමකට උඩින් වූ සමාන උන්නතාංශයක් (උසක්) සහිත ලක්ෂ්‍යයන් එකට යා කරයි. [2] සමෝච්ච සිතියමක් යනු, සමෝච්ච රේඛා සන්නිදර්ශනය කරන සහ, නිදසුනක් වශයෙන් භූ ලක්ෂණාත්මක සිතියමක්, එනයින් නිම්න හා කඳුද, බෑවුම් වල තියුණු බවද පෙන්වන සිතියමකි.

රූප සටහනෙහි පහළ කොටසෙහි සමෝච්ච රේඛා කිහිපයක් දැක්වෙන අතර එහි උපරිම අගය දරන්නාවූ ලක්ෂ්‍යය හරහා රේඛාවක් ඇඳ ඇත. ඉහළින් දැක්වෙන වක්‍රය නිරූපණය කරන්නේ එම සරල රේඛාව ඔස්සේ ශ්‍රිතයෙහි අගයන්ය.
ත්‍රිමාන සමෝච්ච ප්‍රස්තාරයක්
ද්විමාන සමෝච්ච ප්‍රස්තාරයක්








වර්ග

භෞතික භූගෝල විද්‍යාව සහ සාගර විද්‍යාව

චුම්බකත්වය

වසර 2000 සඳහා සමක්‍රාන්ති රේඛාවන්. අකෝණික රේඛා ඝනතමින් වැඩි අතර "0 " ලෙසින් සලකුණු කොට ඇත.

පෘථිවියෙහි චුම්බක ක්ෂේත්‍රය පිළිබඳ හැදෑරීමේදී, සමක්‍රාන්තිය හෝ සමක්‍රාන්ති රේඛාව (ඉහත සමෝච්ච රේඛාවන් වර්ග බලන්න) යන පදයන්ගෙන් අදහස් වන්නේ නියත චුම්බක ක්‍රාන්තිය, එනම් භූගෝලීය උතුරෙන් චුම්බක උතුර වෙනස් වන ප්‍රමාණය, සතු රේඛාවක් වෙයි. අකෝණික රේඛාවක් අඳිනු ලබන්නේ ශුන්‍ය චුම්බක ක්‍රාන්තිය සතු ලක්ෂ්‍යයන් හරහාය.

සමානති රේඛාවක් (සමානතිය සඳහා ඉහත සමෝච්ච රේඛාවන් වර්ග බලන්න) විසින් සබැඳනුයේ සමාන චුම්බක අවපාතය සතු ලක්ෂ්‍යයන් වන අතර, අනානතික රේඛාවක් ඇ‍ඳෙනුයේ ශුන්‍ය චුම්බක අවපාතය සතු ලක්ෂ්‍යයන් හරහාය.

සමශක්ති රේඛාවක් ('ශක්තිය' යන අරුත ඇති δύναμις හෝ ඩයිනමිස් වෙතින්) විසින් සබැඳනුයේ සමාන චුම්බක බලය සහිත ලක්ෂ්‍යයන් වෙයි.


මෙයද බලන්න

  • ගගනයාත්‍රික සටහන
  • සංඛ්‍යා සිතියම
  • මාලිමා මල
  • ඩයිමැක්සියන් සිතියම
  • වතු සිතියම
  • මනෝමායා සිතියම
  • බිම්තල සැලැස්ම
  • භූ-විද්‍යාත්මක සිතියම
  • සිතියම් නිර්මාණය
  • නාවික සටහන
  • චිත්‍ර සිතියම්
  • සැලසුම් සැදිල්ල
  • හිමිකම් පිඹුර
  • ප්‍රතිවර්තිත සිතියම
  • මාර්ග සිතියම
  • වීදි සිතියම
  • තේමානුරූප සිතියම
  • භූ ලක්ෂණාත්මක සිතියම
  • ලෝක සිතියම
  • ප්‍රයාත කොටු

ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සමෝච්ච_රේඛාව&oldid=615988" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි