ස්ටෑම්ෆර්ඩ් පාලම සටන

හැරල්ඩ් ගොඩ්වින්සන් රජු යටතේවූ ඉංග්‍රීසි හමුදාවක් සහ හැරල්ඩ් හැඩ්රාඩා රජු සහ ඉංග්‍රීසි රජුගේ සහෝදර ටොස්ටිග් ගොඩ්වින්සන් විසින් මෙහෙයවුනු ආක්‍රමණික නෝර්වීජියානු හමුදා බලකායක් අතර ස්ටෑම්ෆර්ඩ් පාලම සටන පිළිබඳ සටන් කටයුතු 1066 සැප්තැම්බර් 25 දින ඇවිලුනේ එංගලන්තයෙහි ස්ටෑම්ෆර්ඩ් පාලම ගම්මානයෙහිය. රෞද්‍ර සටනකින් පසුව, බොහෝ නෝර්වීජියානුවන් හා සමගින් හැඩ්රාඩා සහ ටොස්ටිග් දෙදෙනද මරා දැමුණහ. හැරල්ඩ් ගොඩ්වින්සන් රජු විසින් නෝර්වීජියානු ආක්‍රමණියන් පලවාහැරුනද, සති තුනක් ගත වීමට පෙර, නෝර්මන්වරුන් වෙතින් ඔහුගේ හමුදාව හේස්ටිංස්හිදී පරාජය කරනු ලැබිණි. 1069–1070 වසර පරාසයෙහිදී ඩෙන්මාර්කයෙහි ස්වෙන් එස්ත්‍රීත්සන් රජු සහ 1098 වසරෙහිදී සහ 1102–1103 වසර පරාසයෙහිදී නෝර්වේහී අනාවරිත පාද මැග්නස් රජු වැන්නන් විසින්, ඉදිරි දශකයන් තුලදී, බ්‍රිතාන්‍යයෙහි සහ අයර්ලන්තයෙහි, ප්‍රධාන ස්කැන්ඩිනේවියානු මෙහෙයුම් සිදුකෙරුණද, වයිකිං යුගයෙහි නිමාව ලෙසින් මෙම සටන සංකේතාත්මක ලෙසින් සාම්ප්‍රදායිකව සටහන් කෙරෙයි.

ස්ටෑම්ෆර්ඩ් පාලම සටන
වයිකිංවරුන් විසින් බ්‍රිතාන්‍යය ආක්‍රමණය කිරීම් හි කොටසකි
දිනය25 සැප්තැම්බර් 1066
පිහිටුම
ස්ටෑම්ෆර්ඩ් පාලම, යෝර්ක්ෂයර් ප්‍රාන්තයෙහි නැගෙනහිර කොටස, එංගලන්තය
ප්‍රතිඵලයතීරණාත්මක ඉංග්‍රීසි ජයග්‍රහණය
යුද්ධාවතීරයන්
එංගලන්ත රාජධානිය

නෝර්වේ රාජධානිය

  • ඕර්ක්නි අර්ල් වසම
ඉංග්‍රීසි කැරළිකරුවෝ
ආඥාපතියන් සහ නායකයන්
හැරල්ඩ් ගොඩ්වින්සන් රජහැරල්ඩ් හැඩ්රාඩා රජ 
ටොස්ටිග් ගොඩ්වින්සන් 
හමුදාමය ප්‍රබලතාවය
~15,000[උපහරණ ඇවැසිය]9,000 (මෙයින් 3,000 ක් සටනෙහි නිරත වූයේ පසුවය)
300 ප්‍රවාහන නැව්
අපාතිකයන් සහ හානි
~5,000 මිය ගියෝය~6,000 මිය ගියෝය

පසුබිම

වසර 1066 ජනවාරියෙහිදී එංගලන්තයෙහි වරද පිළිගත් එඩ්වඩ් රජුගේ මරණය වත්ම අනුප්‍රාප්තිය පිළිබඳ ගැටුමක් ඇවිලී වයඹ දිග යුරෝපයෙහි විවිධාකාර තරග වදින්නන් විසින් බ්‍රිතාන්‍ය රාජාසනය සඳහා සටන් වැදීම සිදුවිය.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි