සිල්ලා

කොරියාවේ පැරණි රාජධානිය

සිල්ලා (ක්‍රි.පූ. 57[note 1] – ක්‍රි.ව. 935) (හංගුල්신라; හන්ජා新羅; ප්‍රරෝසිල්ලා කොරියානු උච්චාරණය: [ɕʰilːa]) යනු කොරියාවේ තුන් රාජධානිවලින් එකකි. එසේම එය ලොව වැඩිම කාලයක් පැවති රාජවංශවලින් එකක් ලෙස සැලකෙයි. මෙය පාක් හ්යොක්ගොසේ රජු විසින් පිහිටුවූව ද, වසර 992ක එහි ඉතිහාසය තුළ බොහෝකලක් රාජවංශයේ පාලනය ගෙනයන ලද්දේ ග්යොංජු කිම් (김, 金) වංශය විසිනි. එය සම්හන් සංයුක්තයේ බල ප්‍රදේශයක් ලෙස ආරම්භ විය. වරක් චීනය සමග මිත්‍ර සම්බන්ධතා පවත්වා ගනිමින්, සිල්ලාව ක්‍රමයෙන් අනෙක් රාජධානි ද්විත්වය වූ බෙක්ජේ රාජ්‍යය 660දී සහ ගොගුර්යෝ රාජ්‍යය 668දී ද ආක්‍රමණය කරන ලදී. අනතුරුව බිහි වූ එක්සත් සිල්ලාව හෙවත් පසුකාලීන සිල්ලාවට කොරියානු අර්ධද්වීපයේ බොහෝ ප්‍රදේශ අයත් විය. උතුරු පෙදෙස බල්හේ ලෙස නැවත නැගී ආ අතර එය ගොගුර්යෝහි අනුප්‍රාප්තික රාජ්‍යයක් ලෙස සැලකේ. ආසන්න වශයෙන් වසර 1000ක පාලනයෙන් පසු සිල්ලාව පසුකාලීන තුන් රාජධානි වූ සිල්ලා, හුබෙක්ජේ සහ තේබොං ලෙස බිඳී ගිය අතර එය ඉන්පසුව 935දී බලයට එළැඹි ගෝර්යෝ රාජවංශයේ නැගීමට හේතු විය.[1]

සිල්ලා

신라 (新羅)
ක්‍රි.පූ. 57–ක්‍රි.ව. 935
රාජකීය මුද්‍රාව of සිල්ලා
රාජකීය මුද්‍රාව
පූර්ව-එක්සත් සිල්ලාව ක්‍රි.ව. 576දී එහි උච්චස්ථානයේ.
පූර්ව-එක්සත් සිල්ලාව ක්‍රි.ව. 576දී එහි උච්චස්ථානයේ.
අගනුවරග්යොංජු (සොරබොල්, හෙවත් ගුම්සොං)
පොදු භාෂාවන්සිල්ලා භාෂාව
(පැරණි කොරියානු බසේ කොටසකි)
ආගම
බුදු දහම, කොන්ෆියුසියානුවාදය, තාවෝවාදය, කොරියානු යකැදුරුවාදය
රජයරාජාණ්ඩුව
රජු 
• ක්‍රි.පූ. 57 – 4
හ්යොක්ගොසේ (පළමු)
• 540–576
ජින්හ්‍යුං
• 654–661
මුයොල්
• 661–681
මුන්මු
• 681–692
සින්මුන්
• 927–935
ග්යොංසුන් (අවසන්)
ඉතිහාසය 
• ස්ථාපනය
ක්‍රි.පූ. 57
• බුදු දහම හඳුන්වා දීම
530
• ජින්හ්‍යුං රජුගේ යුධ ව්‍යාපාර
551–585
668–935
• ගෝර්යෝ රාජවංශය විසින් අත්පත් කරගැනීම
ක්‍රි.ව. 935
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
ජින්හන් සංයුක්තය
ගෝජොසොන්
එක්සත් සිල්ලා
වර්තමානයේ මෙය අයත් වන්නේ දකුණු කොරියාව
 උතුරු කොරියාව
සිල්ලා
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයසිල්ලා
මැකූන්–‍රයිෂවර්සිල්ලා

නම

මෙම රාජධානියේ උපතේ සිට එහි පරිණත වීම දක්වා, සිල්ලාව එහි දේශීය කොරියානු නාමය ඇසුරෙන් විවිධ හන්ජා නම්වලින් හඳුන්වා ඇත: 斯盧 (사로, සරෝ), 斯羅 (사라, සරා), 徐那(伐) (서나[벌], සොනා[බොල්]), 徐耶(伐) (서야[벌], සොයා[බොල්]), 徐羅(伐) (서라[벌], සොරා[බොල්]), සහ 徐伐 (서벌, සොබොල්) ඒ අතර වේ. 503දී, ජිජ්‍යුං රජු විසින් 新羅(신라) යන අක්ෂර ප්‍රමාණනය කර නූතන කොරියානු උච්චාරණය වූ "ෂිල්ලා" යන නාමය හඳුන්වා දෙන ලදී.

ශබ්දාර්ථය මත පදනම් වූ කල්පිතයක් අනුව (මේ පිළිබඳ විවිධ කල්පිත ඇත) සොරබොල් යන නාමය "අගනගරය" යන අරුතැති දකුණු කොරියාවේ නූතන අගනුවර වන සෝල් යන වදනෙහි සම්භවය වන්නට ඇතැයි සැලකේ. මෙම නගරය මීට කලින් හන්සොං (漢城) හෙවත් හන්යං (漢陽) ලෙස ද හඳුන්වා ඇත. සිල්ලා අගනගරයේ නාමය පසුකාලීන මධ්‍ය කොරියානු ස්වරූපය වන "රාජකීය අගනගරය" අරුතැති ස්යෝබ්‍යුල් (셔블) බවට ගත් වී, එය ස්යොල් (셔울) බවටත්, අවසානයේ නූතන කොරියානු බසින් සෝල් (서울) බවටත් පත්වන්නට ඇතැයි සැලකේ.

සිල්ලාහි නාමය හෝ එහි අගනුවර වූ සොර-බොල් යන වදන ඊසානදිග ආසියාව පුරා සිල්ලා ජනතාව හැඳින්වීමට භාවිතා වී ඇත. මෙය පැරණි යමාටෝ ජපන් ජනයා ෂිරාගි යන වදන ද, මධ්‍යකාලීන ජුර්චෙන්වරුන් සහ ඔවුන්ගේ පසුකාලීන පැවතෙන්නන් වූ මැංචුවරුන් විසින් සෝලගෝ හෝ සොල්හෝ යන වදන් ද භාවිතා කර ඇත. නූතන මොංගෝලියානු බසින්, කොරියාව සහ කොරියානුවන් හඳුන්වන Солонгос සොලොංගොස්, යන වදන සිල්ලා යන වදනින් ආභාසය ලැබූ "දේදුන්න" (солонго සොලොංගෝ) අරුතැති වදනින් සම්භවය වන්නට ඇතැයි සැලකේ.

සිල්ලාව ග්යේරිම් (鷄林, 계림) ලෙස ද හඳුන්වයි. මෙහි සාහිත්‍යමය අරුත "කුකුළු වනාන්තරය" යන්නයි. මෙය සිල්ලා අගනුවර අසල වනාන්තරයක නමක් ඇසුරෙන් ඇතිවූවක් වන අතර, ජනප්‍රවාද අනුව රාජ්‍යයේ ආරම්භකයා බිහි වූයේ කොකට්‍රස් (කොරියානු. ග්යෝර්යොං, 雞龍, 계룡, සාහිත්‍යමය "කුකුළු-මකරා") බිත්තරයකිනි.

ඉතිහාසය

මුල්කාලීන සිල්ලාවේ රන් ආභරණයක්.

විද්වතුන් විසින් සම්ප්‍රදායිකව සිල්ලා ඉතිහාසය යුග තුනකට බෙදනු ලබයි: මුල්කාලීන (ක්‍රි.පූ. 57–ක්‍රි.ව. 654), මධ්‍යම (654–780), සහ පසුකාලීන (780–935).

බලය හුවමාරු වීම

පාක් වංශය පරම්පරා තුනක් පුරා බලය හෙබවී ය. කුමන්ත්‍රණයක් මගින් සොක් වංශය බලය සියතට ගන්නා ලදී. පළමු සොක් පාලකයා වූ, සිල්ලාහි තල්හේගේ සමයේ, සිල්ලාව තුළ කිම් වංශයේ පැවැත්ම පිළිබඳ කථාපුවතක් අනුව, හෝගොංට හමු වූ රන් පැහැ මංජුසාවක් තුළ කිම් අල්ජි උපත ලැබූ බව පැවසේ. පාක් සහ සොක් වංශිකයන් බලය උදෙසා නිරතුරුවම සටනෙහි යෙදුණු අතර, ඔවුන් දෙවර්ගයම කිම් වංශය විසින් බලයෙන් පහකරන ලදී. පාක් සහ සොක් වංශික රදලයන්ගේ සහාය ඇතිව කිම් වංශිකයෝ පරම්පරා ගණනක් පුරා සිල්ලාව පාලනය කළහ. පසුකාලීන සිල්ලාවේ අවසන් පාලකයා වූ, ග්යොංසුන් රජු ද, කිම් වංශිකයෙකි.

පදනම

ප්‍රාක්-තුන් රාජධානි යුගයේ, මධ්‍යම සහ දකුණුදිග කොරියාවේ නගර-රාජ්‍ය සම්හන් නැමැති සංයුක්ත රාජ්‍ය තුනකට වර්ග කෙරිණි. සිල්ලාව සාමාජිකයන් 12 දෙනකුගෙන් යුත් ජින්හන් සංයුක්ත රාජ්‍යය තුළ ආරම්භ වූයේ සරෝ-ගුක් නැමැති කුඩා රාජ්‍යයක් ලෙසිනි. සරෝ-ගුක් රාජ්‍යය ගම්මාන හයකින් සහ වංශ හයකින් සමන්විත විය.

කොරියානු වාර්තා අනුව, සිල්ලාව පිහිටුවන ලද්දේ ක්‍රි.පූ. 57දී, පාක් හ්යොක්ගොසේ රජු විසින්, නූතන ග්යොංජු අවට ප්‍රදේශයේ ය. සුදු අශ්වයකු විසින් ලන ලද බිජුවකින් බිහි වූ බව පැවසෙන හ්යොක්ගොසේ, සිය 13වන වියේ දී සය වංශිකයන් විසින් ඔහුව රජු ලෙස තෝරාගෙන සරෝ (හෙවත් සොනා) රාජ්‍යය ස්ථාපනය කරන ලදී. ඔහු නූතන කොරියාවේ පවුල් නාම අතරින් වඩාත් බහුල නාමයක් වන, පාක් (박) වංශයේ ආරම්භකයා ලෙස ද සැලකෙයි.

සම්ගුක් සගි සහ බෙයි ෂි ග්‍රන්ථ අනුව පැවසෙන්නේ, පසුකලෙක ජින්හන් සංයුක්තය බවට පත් වූ, ලෙලෑං ආඥාභූමිය පිහිටි ප්‍රදේශය සිල්ලාවේ සැබෑ සම්භවය බවයි.[2][3][4][5][6][7][8]

මුල්කාලීන යුගය

2වන සියවස වන විට, සිල්ලාව කොරියානු අර්ධද්වීපයේ අග්නිදිග පෙදෙසේ පැහැදිළි රාජ්‍යයක් ලෙස පැවතිණි. එය යාබද ජින්හන් සංයුක්තයේ රාජ්‍යවලට ද සිය බලපෑම පැතිර වූ නමුත්, 3වන සියවස තෙක්ම එය පැවතුණේ ලිහිල් සමූහාණ්ඩු රාජ්‍යයක බලවත් නගරයක් ලෙසයි.

බටහිරින්, 250 පමණ වනවිට බෙක්ජේ ජනපදය, මහන් සංයුක්තය ඉක්මවා යමින් රාජධානියක් බවට මධ්‍යගත විය. නිරිතදිගින්, බ්යොන්හන් විස්ථාපනය කරමින් ගයා සංයුක්තය බිහි විය. උතුරුදිග කොරියාවේ, ක්‍රි.ව. 50දී පමණ බිහි වූ ගොගුර්යෝ රාජධානිය විසින් 313දී අවසාන චීන ආඥාභූමිය විනාශ කර සිය බලය වර්ධනය කරගන්නා ලදී.

මධ්‍යගත රාජ්‍යයක ඉස්මතු වීම

රන් ඇතුළු හිස්වැස්මක්. 5-6වන සියවස් සිල්ලාව.

කිම් වංශයේ නේමුල් රජු (356–402) බල-හුවමාරු සංසරණ ක්‍රමය අවසන් කරමින්, ප්‍රවේණි රාජාණ්ඩු ක්‍රමයක් ස්ථාපනය කළ අතර, රජුගේ නව රාජකීය නාමය මරිප්ගාන් ("හිස" හෝ "හිසකෙස්" යන අරුතැති ස්වදේශීය කොරියානු මූලයන් වූ මාරි හෝ මොරි සහ "මහා, ප්‍රධාන, බොහෝ, අනල්ප" වැනි අරුතැති දකුණුදිග කොරියාවේ පාලන කුමාරවරුන් භාවිතා කළ ගන් හෝ හන් යන වදන් ඇසුරෙන් සම්භවය වන්නට ඇත. මෙය මොංගොලියානු/තුර්කි ඛාන් යන වදන සමග සම්බන්ධයක් ඇතැයි සිතිය හැක) 377දී, මෙම රාජ්‍යය චීනය වෙත දූතගමන් සිදු කළ අතර, ගොගුර්යෝ සමග සබඳතා යළි ස්ථාපිත කළහ.

බටහිරින් බෙක්ජේ සහ දකුණින් ජපානයෙන් එල්ල වූ පීඩනය නිසා,[9] 4වන සියවසේ අගභාගයේ දී, සිල්ලාව ගොගුර්යෝව සමග මිත්‍ර සබඳතා පැවැත්වී ය. කෙසේනමුත්, ගොගුර්යෝව දකුණුදිගින් සිය රාජ්‍යය විශාල කරගැනීමට උත්සාහ දරමින් 427දී එහි අගනුවර ප්යොංග්යෑං වෙත ගෙන යන ලද අතර, නුල්ජිහට බෙක්ජේ රාජ්‍යය සමග මිත්‍රවීමට සිදු විය.

බොප්හ්‍යුං රජ (514–540) සමයේ, සිල්ලාව පරිණත රාජ්‍යයක් බවට පත් වූ අතර, බෞද්ධාගම රාජ්‍ය ආගම බවට පත් විය. සිල්ලාව ගයා-සිල්ලා යුද්ධවල දී, 532දී ගුම්ග්වන් ගයාව ඈඳාගත් අතර, 562දී දේගයාව ආක්‍රමණය කරමින් ගයා සංයුක්තය අවශෝෂණය කරගත් අතර, එහි සීමාවන් නක්දොං ගංගා ද්‍රෝණිය දක්වා ව්‍යාප්ත කළේ ය.

ජින්හ්‍යුං රජු (540–576) ශක්තිමත් යුධ හමුදාවක් ස්ථාපනය කළේ ය. සිල්ලාව, ගොගුර්යෝව හන් ගංගාවෙන් (සෝල්) එපිටට පලවා හැරීම සඳහා බෙක්ජේ රාජ්‍යයට උපකාර කළේ ය. අනතුරුව වසර-120ක බෙක්ජේ-සිල්ලා සන්ධානය බිඳදමමින් සිල්ලා එව භූමියේ පාලනය 553දී බෙක්ජේ දේශයෙන් උදුරාගත්තේ ය. එසේම ජින්හ්‍යුං රජු හ්වාරං හමුදා ස්ථාපනය කළේ ය.

ජින්දොක් රැජිනගේ මරණින් පසු සිදු වූ "ශුද්ධ අස්ථි" (සොංගොල්) ශ්‍රේණියේ අභාවයත් සමග මුල්කාලීන යුගය අවසන් විය.

පසුකාලීන සිල්ලා

සිල්ලාවෙන් හමු වූ කලානිර්මාණයක්.
කොරියාවේ රජවරු
සිල්ලා
(එක්සත් කිරීමට පෙර)
  1. හ්යොක්ගොසේ ක්‍රි.පූ. 57 – ක්‍රි.ව. 4
  2. නම්හේ 4–24
  3. යුරි 24–57
  4. තල්හේ 57–80
  5. පාසා 80–112
  6. ජිමා 112–134
  7. ඉල්සොං 134–154
  8. අදල්ලා 154–184
  9. බොල්හ්යු 184–196
  10. නේහේ 196–230
  11. ජොබුන් 230–247
  12. චොම්හේ 247–261
  13. මිචු 262–284
  14. යුර්යේ 284–298
  15. ගිරිම් 298–310
  16. හ්‍යුල්හේ 310–356
  17. නේමුල් 356–402
  18. සිල්සොං 402–417
  19. නුල්ජි 417–458
  20. ජබි 458–479
  21. සෝජි 479–500
  22. ජිජ්‍යුං 500–514
  23. බොප්හ්‍යුං 514–540
  24. ජින්හ්‍යුං 540–576
  25. ජින්ජි 576–579
  26. ජින්ප්යොං 579–632
  27. සොන්දොක් 632–647
  28. ජින්දොක් 647–654
  29. මුයොල් 654–661
7වන සියවසට අයත් සිල්ලාවෙන් හමු වූ කරඬුවක්.

7වන සියවසේ සිල්ලාව චීන ටෑං රාජවංශය සමග මිත්‍ර සබඳතා පැවැත්වී ය. 660දී, මුයොල් රජු (654-661) යටතේ, සිල්ලාව බෙක්ජේ රාජ්‍යය ආක්‍රමණය කළේ ය. 668දී, මුන්මු රජුගේ (මුයොල් රජුගේ අනුප්‍රාප්තිකයා) සහ සෙන්පති කිම් යු-ෂින්ගේ මෙහෙයවීමෙන්, සිල්ලාව එහි උතුරින් ගොගුර්යෝව ආක්‍රමණය කළේ ය. සිල්ලාව ඉන් අනතුරුව දශකයක් පමණ කාලයක්, අර්ධද්වීපයේ ටෑං ජනාවාස පිහිටුවීමට තැත් කළ චීන හමුදා පන්නා දැමීමට උත්සාහ ගත්තේ ය. අවසානයේ උතුරින් නූතන ප්යොංග්යෑං දක්වා විහිදි එක්සත් රාජධානියක් පිහිටුවීඹට සමත් විය.[10] අභාවයට පත් ගොගුර්යෝ රාජ්‍යයේ උතුරු පෙදෙසේ බල්හේ නැමැති රාජ්‍යය බිහි විය.

සිල්ලාවේ මධ්‍ය යුගය ජිංගොල් වංශවතුන්ගේ නැගීඒම පෙන්නුම් කරයි. සිල්ලාව විසින් අර්ධද්වීපය එක්සත් කිරීම නිසා ගොඩනැගුණු නව ධනය සහ ගෞරවය මේ සඳහා ඉවහල් වූ අතර, එක්සත් සමයේ මුල් කාලයේ හමුදා බලය ඇති වංශවතුන් කිහිප දෙනකු මෙහෙය වූ කැරලි සාර්ථකව මැඬපැවැත්වීමට රජුට හැකි විය. මෙමගින් රජුට බලවත් පවුල් සහ ප්‍රතිවාදීන් මධ්‍යම රජය යටතට ගැනීම පහසු විය. මීට අමතරව, 7වන සියවස අගභාගයේ සිට 8වන දියවස අගභාගය දක්වා සියවසක පමණ කෙටි කාලයක් සඳහා රජු වංශවත් නිලධාරීන්ගේ භූමි පදනම ඉවත්කර වේතන ගෙවීම් ක්‍රමයක් හෝ කාර්යාල භූමියක් (ජික්ජොන්, 직전, 職田) හඳුන්වා දීමට උත්සාහගත්තේ ය. මෙමගින් වංශවතුනට වැටුප් ලෙස ඉඩම් ප්‍රදානය කිරීමේ පැරණි ක්‍රමය (බදු ගම්මාන හෙවත් නෝග්‍යුප්, 녹읍, 祿邑 ලෙස ද හඳුන්වයි) ප්‍රතිස්ථාපනය කිරීම අරමුණු කෙරිණි.

8වන සියවසේ අගභාගය වන විට, රාජකීයයන් සිය ආරක්ෂක වංශවතුන්ගේ බලය පිළිබඳ පරීක්ෂා කිරීමට අපොහොසත් විය. 8වන සියවසේ මැද සිට අගභාගය දක්වා කිම් වංශයේ ඇතැම් සාමාජිකයන් විසින් මෙහෙයවූ කැරලි හේතුවෙන් රාජකීය අධිකාරී බලය සීමා වන්නට විය. මේ අතරින් වඩාක් ප්‍රමුඛ වූයේ වසර තුනක් පුරා පැවති, කිම් දේගොං විසින් මෙහෙයවූ කැරැල්ලයි. රාජ්‍ය අධිකාරය හායනය වූ බවට වූ තවත් ප්‍රධාන සාක්ෂියක් ලෙස, 757දී කාර්යාල භූමි පද්ධතිය නිෂ්ප්‍රභ වීම සහ නිලධාරී වංශවතුන්ට වැටුප් වෙනුවට ඉඩම් ලබාදුන් පැරණි බදු ගම්මාන ක්‍රමය නැවත පිහිටුවීම යන සිදුවීම් දැක්විය හැක.

780දී හ්යේගොං රජු ඝාතනයත් සමග මධ්‍ය සිල්ලා යුගය අවසන් වූ අතර සිල්ලාවේ එක්සත් බවට හේතු වූ මුයොල් රජුගෙන් ඇරඹි රජ පෙළපතේ අවසානය සනිටුහන් විය. හ්යේගොංගේ මරණය දැඩි ලේ වැගිරීම් මතින් සිදු වූ අතර, මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස රාජධානියේ බොහෝ උසස් වංශවත් පවුල්වල දායකත්වයෙන් සිවිල් යුද්ධයත් ඇති විය. හ්යේගොංගේ මරණයත් සමග, සිල්ලාවේ ඉදිරි වර්ෂවල රජුගේ තනතුර ක්‍රමයෙන් බලය අතින් හීන වන්නට වූ අතර, බලවත් වංශවත් පවුල් මධ්‍යම රජයෙන් බැහැරව ස්වාධීන පාලනයක් ගෙනගියේ ය.

ඉන් අනතුරුවට සිල්ලාවේ රාජ්‍යත්වය වොන්සොං රජුගේ (785–798) පවුල තුළ ස්ථාවර වූ අතර, කිම් පෙළපතේ විවධ පාර්ශ්ව අතර නොයෙකුත් විසංවාද ඇති විය.

එසේවුවද, මධ්‍ය සිල්ලා යුගය තුළ රාජ්‍යය එහි උච්චස්ථානයට පත් විය. එහිදී කෙටිකාලීනව රාජ්‍ය බලය ස්ථාපනය වූ අතර, චීන ආරේ නිලධාරී පද්ධතියක් ස්ථාපනයට උත්සාහ ගැනිණි.

පරිහානිය සහ බිඳවැටීම

සිල්ලාවේ අවසන් රජු, ග්යොංසුන් රජු (රාජ්‍ය. 927–935).

සිල්ලාවේ අවසන් සියවසේ සිල්ලා රාජ්‍යයෙන් අඩක් පමණම සිවිල් යුද්ධයක් ආසන්නයේ පැවතිණි. රජුගේ බලය ක්‍රමයෙන් තවත් හීන වූ අතර, බලවත් වංශාධිපති පවුල් අගනුවරින් සහ මාලිගයෙන් පිටත ප්‍රමුඛත්වයට පත් විය.

මෙම යුගයේ අවසානය පසුකාලීන තුන් රාජධානි යුගය ලෙස හඳුන්වයි. මෙකල පසුකාලීන බෙක්ජේ සහ පසුකාලීන ගොගුර්යෝ යන රාජධානිවල පිබිදීම සිදු වූ අතර, සිල්ලාව ගෝර්යෝ රාජවංශයට යටත් වීම සිදු විය.

සමාජය සහ දේශපාලනය

5වන හෝ 6වන සියවස් අගභාගයේ සිල්ලාවේ ඔටුන්නක්.
කොරියාවේ රජවරු
සිල්ලා
(එක්සත් කිරීමෙන් පසු)
  1. මුන්මු 661–681
  2. සින්මුන් 681–691
  3. හ්යෝසෝ 692–702
  4. සොංදොක් 702–737
  5. හ්යෝසොං 737–742
  6. ග්යොංදොක් 742–765
  7. හ්යේගොං 765–780
  8. සොන්දොක් 780–785
  9. වොන්සොං 785–798
  10. සෝසොං 798–800
  11. ඒජං 800–809
  12. හොන්දොක් 809–826
  13. හ්‍යුංදොක් 826–836
  14. හුයිගැං 836–838
  15. මිනේ 838–839
  16. සින්මු 839
  17. මුන්සොං 839–857
  18. හොනාන් 857–861
  19. ග්යොංමුන් 861–875
  20. හොන්ගං 875–886
  21. ජොංගං 886–887
  22. ජින්සොං 887–897
  23. හ්යෝගොං 897–912
  24. සින්දොක් 912–917
  25. ග්යොංම්යොං 917–924
  26. ග්යොංගේ 924–927
  27. ග්යොංසුන් 927–935

අවසානයේදී 6වන සියවස වන විට, සිල්ලා රාජ්‍යයට නීති සහ පරිපාලන පද්ධතියක්, සමාජ තත්ත්වය ආදිය පිළිබඳ විස්තරාත්මක පද්ධතියක් පිහිටුවන ලදී. මෙය අස්ථි ශ්‍රේණි පද්ධතිය (bone rank system) ලෙස හඳුන්වයි. දැඩි පෙළපත්-මූලික පද්ධතියක් වූ මෙමගින් වස්ත්‍ර, නිවසේ ප්‍රමාණය, සහ විවාහ වීමේ සීමාවන් තීරණය කෙරිණි.

මධ්‍යගත ආණ්ඩුක්‍රමයක් පදනම් කරගත් එහි ඇරඹීමත් සමග සිල්ලා සමාජ‍ය එහි දැඩි වංශවත් සමාජයක් මූලික කරගැනිණි. සිල්ලාව සතුව රාජකීය පන්ති දෙකක් පැවතිණි: "පූජනීය අස්ථිය" (සොංගොල්, 성골, 聖骨) සහ "සත්‍ය අස්ථිය" (ජිංගොල්, 진골, 眞骨). මුයොල් රජ සමය වන තෙක්ම වංශවත් සමාජය "පූජනීය අස්ථිය" සහ "සත්‍ය අස්ථිය" ලෙස බෙදී තිබණි. මෙමගින් රාජ්‍යත්වය ඇති හිමිකම තීරණය විය. 654දී, "ජූජනීය අස්ථි" පෙළැන්තියේ අවසන් රාජ්‍ය පාලිකයා වූජින්දොක් රැජිනගේ මරණින් පසු මෙම ද්විත්ව බෙදීම අවසන් විය.[11] පරම්පරා ගණනාවක් පුරාවට, "පූජනීය අස්ථි" පෙළැන්තියේ වංශවතුන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වූ අතර, මව සහ පියා යන දෙදෙනාම "පූජනීය අස්ථි" දරන්නන් විට, දරුවන් ද "ජූජනීය" වූ අතර, "සත්‍ය අස්ථි" දෙමව්පියන්ට දාව උපන් දරුවන් "සත්‍ය අස්ථි" පාන්තිකයන් විය. මීට අමතරව "පූජනීය අස්ථි" සාමාජිකයන්, "සත්‍ය අස්ථි" සාමාජිකයන් බවට නිලයෙන් පහත හෙළිය හැකි විවිධ ක්‍රම ද පැවතිණි. මෙම පද්ධතිය ක්‍රමයෙන් පරිහානියට ලක් විය.

රජු (හෝ රැජින) සෛද්ධාන්තිකව පරම ඒකාධිකාරයා වූ නමුත්, ශක්තිමත් වංශවතුන්ගේ බලපෑම් නිසා රාජකීය බලය පාලනය විය.

"හ්වාබෙක්" (화백-和白) නැමැති මණ්ඩලය රාජකීය මන්ත්‍රණ සභාව ලෙස කටයුතු කළ අතර, ඔවුහු සිහසුනට උරුමකරුවකු පත්කිරීම, හෝ යුධ ප්‍රකාශ කිරීම් වැනි වැදගත් තීරණ සඳහා ප්‍රතිපත්ති-සම්පාදකයින් ලෙස කටයුතු කළහ. හ්වාබෙක්හි මුලසුන හෙබවූ පුද්ගලයා (සංදේද්‍යුං) තෝරාගනු ලැබූයේ "පූජනීය අස්ථිය" මට්ටමෙනි. මෙම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වැදගත් තීරණයක් ලෙස බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස තෝරාගැනීම දැක්විය හැක.[12]

සිල්ලාව එක්සත් කිරීමේ දී, රාජ්‍යයේ විශාලව පැතිරුණු භූමිභාගය පාලනය කිරීම සඳහා සිල්ලාවට චීන නිලධාරී ක්‍රම අනුගමනය කිරීමට සිදු විය. මෙය පූර්ව-එක්සත් කිරීමේ දිනවල දී සිල්ලා රාජ්‍යත්වයේ පෙරළියක් සිදු කළ අතර, සිල්ලා රජුගේ "බෞද්ධ රජකු" ලෙස වගකීමේ වෙනසක් ඇතිකළේ ය. පශ්චාත්-එක්සත්කරණ යුගයේ තවත් වැදගත් දේශපාලන සිදුවීමක් ලෙස, කොරියානු රාජ්‍යත්වය සහ වංශවතුන් අතර ඇති වූ නොසන්සුන්තාවය ද කැපී‍ පෙනේ.

යුධ ක්ෂේත්‍රය

මුල්කාලීන සිල්ලා හමුදාව ගොඩනැගුණේ රාජකීයයන් සහ වංශවතුන් ආරක්ෂා කළ සිල්ලා රාජකීය ආරක්ෂකයන් සුළු පිරිසකගෙනි. මෙය යුධ සමයේ අවශ්‍ය වූ විට ප්‍රධාන හමුදාව ලෙස යොදාගැනිණි. බෙක්ජේ සහ ගොගුර්යෝ මෙන්ම යමාටෝ ජපන්වරුන් සමග ගැටුම් බහුල වීම නිසා, සිල්ලාව සෑම දිස්ත්‍රික්කයක් සඳහාම නගරාරක්ෂක බලකායන් සය බැගින් නිර්මාණය කළේ ය. රාජකීය ආරක්ෂකයන් ක්‍රමයෙන් "දිව්රුම් දුන් පතාක" හෙවත් සෝදං ඒකකවලට අනුයුක්ත කෙරිණි. 625දී තවත් සෝදං කණ්ඩායමක් නිර්මාණය කෙරිණි. නගරාරක්ෂක සෙබලුන් ප්‍රාදේශීය ආරක්ෂාව භාරව කටයුතු කළ අතර, පොලිස් හමුදාවකට සමානව කටයුතු කරන ලදී.

සිල්ලාවේ සිටි විශිෂ්ටතම සෙන්පතීන් සහ හමුදා ප්‍රධානීන් බොහෝ දෙනා හ්වාරංවරු (බටහිර නයිට්වරුන්ට සමාන) වූහ. සමාජ කණ්ඩායමක් වූ මොවුන්, කොරියාවේ තුන් රාජධානි අතර ගොඩනැගුණු නිරන්තර යුධ අරගල හේතුවෙන් වංශවත් තරුණ පිරිමින්ගෙන් සැදුම්ලත්, සෙබලුන් සහ යුධ ප්‍රධානීන්ගෙන් සමන්විත විය. හ්වාරංවරු, ගොගුර්යෝවේ බිඳවැටීමට (එක්සත් සිල්ලාව යටතේ කොරියානු අර්ධද්වීපය එක්සත් කිරීමට හේතු වූ) සහ සිල්ලා-ටෑං යුද්ධවල දී, ටෑං හමුදා සෙසු කොරියානු රාජධානි ද්විත්වයෙන් පලවා හැරීමට දායක වූහ.

සංස්කෘතිය

ක්‍රි.ව. 771දී නිමවූ සිල්ලා ඝණ්ටාරය.

සිල්ලා රාජධානියේ අගනුවර වූයේ ග්යොංජු පෙදෙසයි. ග්යොංජු මධ්‍යයෙහි සිල්ලා සොහොන්ගැබ් විශාල සංඛ්‍යාවක් හමු වේ. සිල්ලා සොහොන් ගලින් සැදි කුටීරයකින් සහ ඒ වටා වූ පස් ගොඩැල්ලකින් සමන්විත ය. මෙම ග්යොංජු අවට ඓතිහාසක පෙදෙස 2000දී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කරන ලදී.[13] ඉන් වැඩි පෙදෙසක් ග්යොංජු ජාතික වනෝද්‍යානය යටතේ ආරක්ෂිත ය. මීට අමතරව, ග්යොංජු පෙදෙස අසල පිහිටි ගම්මාන ද්විත්වයක් වන හහෝ සහ යංදොං යන ගම්මාන ද, දකුණු කොරියානු රජය විසින් යුනෙස්කෝ උරුමයක් ලෙස නම්කරන මෙන් 2008 හෝ ඉන් පසු කාලයේ යෝජනා ඉදිරිපත් කරනු ඇත.[14] බෙක්ජේ සොහොන්වලට වඩා මෙම සොහොන්ගැබ් බිඳහෙලීම අපහසු බැවින්, බොහෝ පුරාවස්තු ප්‍රමාණයක් මේවා තුළ සංරක්ෂිතව පැවතිණි.[15] මේ අතර සිල්ලාවේ අලංකාර රත්රන් කිරුළු සහ ආභරණ ද වේ.

මහා සොංදොක් රජු විසින් ඉදිකළ ලෝකඩ ඝණ්ටාරය වෙත සංචාරක ආකර්ෂණය නොමඳව හිමි වී ඇත. මෙම ඝණ්ටාරය මගින් උපදවනු ලබන විශේෂිත හඬ පිළිබඳ නොයෙකුත් ජනප්‍රවාද ද පවතී. ග්යොංජු අසල පිහිටි චොම්සොංදේ ගොඩනැගිල්ල නැගෙනහිර ආසියාවේ ඉතිරිව ඇති පරණිතම අභ්‍යවකාශ වස්තු නිරීක්ෂණාගාරය ලෙස සැලකේ. නමුත් එහි කාර්යයන් පිළිබඳ නොයෙකුත් වාද විවාද ඇත. මෙය ඉදිවූයේ සොන්දොක් රැජිනගේ (632–647) සමයේ ය.

මුස්ලිම් වෙළෙන්දෝ "සිල්ලා" නැමැති නාමය සේද මාවත ඔස්සේ සම්ප්‍රදායික නැගෙනහිර ආසියානු ගෝලයෙන් පිටතට‍ රැගෙන ගියහ. ඉබ්න් ඛුර්දාධ්බිහ්, අල්-මුසාදි, ඩිමාෂිකි, අල්-නුවයිරි, සහ අල්-මැක්රිසි ඇතුළු අරාබි සහ පර්සියානු භූගෝල විද්‍යාඥයන් විසින් සිල්ලාව පිළිබඳ වාර්තා කර ඇත.

සිල්ලා රාජවංශයේ වර්තමාන පැවතෙන්නන් කිම් නාමය යටතට වැටේ. අවසන් පාලකයාගේ සිට පවුල් වාර්තා සපයා ඇතත්, මෙම වාර්තාවල සත්‍යතාව විමර්ශනය කළ යුතුව ඇත.

බුද්ධාගම

සොක්ගුරාම්.
භෛසජ්‍යගුරු බුදුන් වහන්සේ නිරූපිත මෙම ලෝකඩ ප්‍රතිමාව, සිල්ලා යුගයේ නිර්මාණය වූවකි.

සිල්ලාවට බුදුදහම හඳුන්වා දෙන ලද්දේ 528දී ය.[16] සියවසක් ඇතුළත සිල්ලාව බුදුදහමට නැඹුරු වූ අතර, මෙම විශ්වාසය ස්වදේශින ජනයා අතර වේග‍යෙන් ප්‍රචලිත විය. 5වන සියවසේ මැදභාගයේ ගොගුර්යෝවේ සිට පැමිණි අදෝ නැමැති භික්ෂුව සිල්ලාව තුළ බුදුදහම පළමුවරට ව්‍යාප්ත කරවීමට උත්‍සාහ ගත්තේ ය.[17] කෙසේනමුත්, පුරාවෘත්ත අනුව සිල්ලා රාජ්‍යත්වය බුදුසමය වැළඳගැනීමට යොමුවූයේ සිල්ලා මාලිගයේ වංශවතකු වූ ඉචාදොන්‍ගේ ප්‍රාණත්‍යාගී ක්‍රියාකලාපය නිසා ය. බුදුදහම වැළඳගැනීම හේතුවෙන් 527දී සිල්ලා රජු ඔහුට මරණදඬුවම නියම කළ අතර, එහිදී ඔහුගේ රුධිරය කිරි පැහැයට හැරුණු බව කියැවේ.

පසුකාලීන මුල්යුගයේ සිල්ලා සමාජය තුළ බුදුදහමට හිමි වූ වැදගත්කම පිළිබඳ විස්තර කිරීම අපහසු ය. බොප්හ්‍යුං රජුගේ සිට බලයට පත් ඊළඟ සිල්ලා රජවරු /රැජිනියෝ බෞද්ධ නම් ආරූඪ කරගනිමින් බෞද්ධ-රජවරුන් ලෙස පෙනීසිටින්නට වූහ.[18] සිල්ලාව තුළ බුදුදහමට, බෙක්ජේ සහ ගොගුර්යෝ රාජ්‍යවලටත් වඩා ඉහළින් නිල අනුග්‍රහය හිමි විය. එහි රාජ්‍ය-ආරක්ෂක ප්‍රතිපත්ති අවධාරණය කෙරිණි. අර්ධද්වීපය තුළ සිල්ලාව එක්සත් කිරීමට වැදගත් මෙහෙයක් ඉටුකළ, තරුණ වංශවතුන් වූ හ්වාරං සෙබලු බුදුදහම සමග දැඩි සබඳතා පැවැත් වූ අතර, මෛත්‍රෙය බුදුන් වහන්සේ වන්දනා කළහ. මුල්කාලීන යුගයේ අවසන් භාගයේ බුදුදහමේ උච්චස්ථානයට පත්වීම දක්නට ලැබේ. විහාරස්ථාන විශාල සංඛ්‍යාවක් ඉදිවිය. ඒ සඳහා අනුග්‍රහය දැක්වූයේ ඉහළ තනතුරු හෙබවූ වංශවතුන් විසිනි. මෙම විහාරනිර්මාණ අතර හ්වංන්‍යොංසා, බුල්ගුක්සා සහ සොක්ගුරාම් ප්‍රධාන වේ. හ්වංන්‍යොංසා (මකර අධිරාජ්‍ය) විහාරය තුළින්, රාජ්‍යයේ ආරක්ෂාවට සහ උන්නතියට බුදුදහම කෙතරම් වැදගත් වූයේ දැයි වටහාගත හැක. එහි මහල් නවයකින් යුතු වූ ස්තූපය, සමහර විට එම යුගයේ නැගෙනහිර ආසියාවේ පිහිටි මිනිසා විසින් නිර්මිත උසම ඉදිකිරීම වන්නට ඇත. එමගින් සිල්ලා පාලනය යටතේ පැවති ජාතීන් නවය සංකේතවත් කෙරිණි. සිල්ලාව ස්තූප නිර්මාණයට විශාල අවධානයක් යොමු කළ අතර, එම ස්තූප නිර්ණයට ගල් මෙන්ම දැව ද භාවිතා කර ඇත.

සිල්ලාව එක්සත් කිරීමත් සමග, රජවරුන් විශාල රාජ්‍යය පරිපාලන සහ වංශවතුන්ගේ බලය සීමා කිරීමට චීන කොන්ෆියුසියානු ආයතන ස්ථාපනය කිරීම නිසා බුදුදහමට දේශපාලනයේ හිමිවූයේ අඩු බලයකි. එසේවුවත්, පුළුල් සිල්ලා සමාජය තුළ බුදුදහමට හිමි වූයේ විශාල බලයකි. මේ කාලයේ සිල්ලා භික්ෂූන් සියගණනක් අධ්‍යාපනය සහ බෞද්ධ සූත්‍ර ප්‍රතිසම්පාදනය කිරීම සඳහා ටෑං චීනය වෙත වැඩම කොට ඇත.

සිල්ලාහි ශක්තිමත් ‍බෞද්ධ ස්වරූපය කියාපාන බෞද්ධ ශෛලමය කැටයම් සහ නිර්මාණ විශාල සංඛ්‍යාවක් හමු වේ. මේ අතර නම්සන් පෙදෙසින් වැඩි නිර්මාණ ප්‍රමාණයක් හමු වේ. මෙම ප්‍රතිමා සහ කැටයම් නිර්මාණවල පිරිපුන් ස්වභාවය, මුහුණේ දැඩි නිරූපණය, සිරුරට ඇලුණු වස්ත්‍ර වැනි ලක්ෂණ මගින් අන්තර්ජාතික ටෑං රාජවංශයේ ආභාසය පෙන්නුම් කරයි. නමුත් ඒ අතර ස්වදේශික කොරියානු ආර ද දැකිය හැක.[19]

මේවාත් බලන්න

සටහන්

මූලාශ්‍ර

උද්ධෘත

මූලාශ්‍ර

බාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=සිල්ලා&oldid=620673" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි