1992 ක්‍රිකට් ලෝක කුසලානය අවසාන මහා තරගය

1992 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී, 1992 මාර්තු 25[1] දා පැවති අතර ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේ පාකිස්තානය මෙම තරගය ජය ගත්තේ එංගලන්තය ලකුණු 22 කින් පරාජය කරමිනි. මෙය ඔවුන්ගේ පළමු ලෝක කුසලාන ජයග්‍රහණයයි. මෙය එංගලන්තයෙන් පිටතදී පැවැත්වූ දෙවන ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය වන අතර ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ. අවසන් තරගය නැරඹීමට ප්‍රේක්ෂකයින් 87,182 ක් පැමිණියහ.[2]

1992 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය
MCG stadium.jpg
අවසන් තරගය සඳහා ප්‍රේක්ෂකයන් 87,182 ක් සහභාගී විය
අවස්ථාව1992 ක්‍රිකට් ලෝක කුසලානය
පාකිස්තානයඑංගලන්තය
පකිස්ථානයඑංගලන්තය
249/6227
ඕවර 50ඕවර 49.2
දිනය1992 මාර්තු 25
ස්ථානයමෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න්
විනිසුරුවන්නවසීලන්තය බ්‍රයන් ඇල්ඩ්‍රිජ් සහ බටහිර ඉන්දීය කොදෙව් ස්ටීව් බක්නර්
Attendance87,182
Event broadcastersනයින් නෙට්වර්ක්
← 1987
1996 →

විස්තරය

ලීග් වටයේදී එංගලන්තය සහ පාකිස්තානය එකිනෙකා සමඟ ක්‍රීඩා කළ අතර පාකිස්තානය ලකුණු 74 කට දැවී ගියද පරාජයෙන් ගැලවී තරගය විසදුමක් නොමැතිව අවසන් කිරීමට පාකිස්තානයට වාසනාව තිබුණි. අවසාන තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානය නවසීලන්තයට එරෙහි අවසන් පූර්ව තරඟයේ ක්‍රීඩා කල කණ්ඩායමෙන් එකම වෙනස ලෙස ඉජාස් අහමඩ් පන්දුවට පහර දීමට තෝරා ගත් අතර එංගලන්තය ද ග්ලෙඩ්ස්ටන් ස්මාල් වෙනුවට ඩෙරෙක් ප්‍රින්ගල් සමඟ එක් වෙනසක් සිදු කළේය. පාකිස්තාන ආරම්භක පිතිකරුවන් වන රමීස් රාජා සහ අමර් සොහෙයිල් විසින් පන්දු යැවූ ප්‍රින්ගල් සහ ක්‍රිස් ලුවිස්ට ඉක්මනින්ම දැවී ගියහ. ඉම්රාන් ඛාන් හා ජාවෙඩ් මියාන්ඩාඩ් සමඟ එක්ව ලකුණු පුවරුව වැඩි කිරීමට දායක විය. ග්‍රැහැම් ගූච්ට ලබා දුන් උඩ පන්දුව අත්හැරීම නිසා ඉම්රාන් තව දුරටත් වාසනාවන්ත විය. ඩෙරෙක් ප්‍රින්ගල් ගේ පන්දු යැවීම නිසා ඉම්රාන් ඛාන් සහ ජාවෙඩ් මියන්ඩාඩ්ට නිදහස් ලකුණු රැස් කිරීමට අසීරු වූ අතර පාකිස්තානය ලකුණු 100 සීමාව කරා ළඟා වූයේ 31 වැනි ඕවරයේදීය. අවසානයේදී එංගලන්තය විසින් ලකුණු 139 ක හවුල්කාරිත්වය බිඳ දැමූ අතර ජාවෙඩ් මියන්ඩාඩ්ව රිචඩ් ඉලින්ග්වර්ත් විසින් ලකුණු 58 කට දවා ගනු ලැබීය ඉම්රාන් ඛාන් ලකුණු 72 කට දැවී ගියේය. පාකිස්තානය අවසන් ඕවර 15 න් ලකුණු 124 ක් රැස් කළ අතර, නියමිත ඕවර 50 තුළ ලකුණු 249/5 ක් ලබා ගත්තේය.

සිය මංගල ලෝක කුසලානය දිනා ගැනීම සඳහා 250 ක ඉලක්කය හඹා ගිය එංගලන්තයේ ජනප්‍රියම ක්‍රීඩකයා වන තුන් ඉරියව් ක්‍රීඩක ඉයන් බොතම්ව වසීම් අක්‍රම් විසින් කිසිදු ලකුණක් ලබා නොදී දවා ගත්තේය. ඇලෙක් ස්ටුවර්ට් ද ආකීබ් ජාවෙඩ්ගේ පන්දුවකට දැවී ගිය අතර එංගලන්තය 21/2 ක් ලෙස ලකුණු පුවරුවේ දිස් විය. ග්‍රීම් හික් සහ ග්‍රැහැම් ගූච් සෙමෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කල නමුත් ගූග්ලි පන්දු යවන ක්‍රීඩක මුෂ්තාක් අහමඩ්ගේ පන්දු හමුවේ ලකුණු පුවරුව 69/4 බවට පත් විය. නීල් ෆෙයාර්බ්‍රදර් සහ ඇලන් ලැම්බ් ලකුණු 72 ක හවුල්කාරිත්වයකින් එංගලන්ත ඉනිම ගලවා ගැනීමේ ක්‍රියාවකට උත්සාහ කළ අතර දෙවන පන්දු යැවීමේ වාරයට පැමිණි වසීම් අක්‍රම් එංගලන්තයේ පිතිකරු ප්‍රතිරෝධය බිඳ දැමුවේ ඇලන් ලැම්බ් සහ ක්‍රිස් ලුවිස් දවා ගනිමිනි. ලකුණු පුවරුව 141/6 ක් ලෙස විය. අර්ධකාලීන පන්දු යවන්නා වන අමීර් සොහෙයිල් සිය පන්දුවාර 10 ක කෝටාව සම්පූර්ණ කළ අතර එංගලන්තය සොහයිල්ගේ පන්දු යැවීමේදී නීල් ෆෙයාර්බ්‍රදර් සහ ඩර්මොට් රීව්ට විශාල ලකුණු රැස් කිරීමට නොහැකි විය. අවසන් ඕවර 9 සඳහා එංගලන්තයට ලකුණු 84 ක් අවශ්‍ය විය. ඉක්බිතිව ෆෙයාර්බ්‍රදර් පන්දු 70 කදී ලකුණු 62 කට දැවී ගියේ ඇක්විබ් විසින් එංගලන්තයේ ඉරණම මුද්‍රා කරමිනි. අවසන් පන්දු 12 න් ලකුණු 34 ක් අවශ්‍ය වූ අතර, එය ඔවුන්ට දුෂ්කර කාර්යයක් වූ අතර, ඉම්රාන් ඛාන් විසින් රිචඩ් ඉලින්ග්වර්ත් දවා ගැනීම, එය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ඔහුගේ අවසන් පන්දුව බවට පත්විය. පාකිස්තානය වෙනුවෙන් ආකිබ් ජාවෙඩ් සහ මුෂ්තාක් අහමඩ් පිළිවෙලින් කඩුලු 2 ක් සහ 3 ක් ලබා ගත්හ. වසීම් අක්‍රම් තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ ඔහු තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වමින් ලකුණු 3/49 ක් සහ ලකුණු 18 ක් ලබා ගනිමිනි.[3]

1992 මාර්තු 25
ලකුණු පුවරුව
පකිස්තානය 
249/6 (ඕවර 50)
එරෙහි
 එංගලන්තය
227 (ඕවර 49.2)
ඉම්රාන් ඛාන් 72 (110)
ඩෙරෙක් ප්‍රින්ගල් 3/22 (ඕවර 10)
නීල් ෆෙයාර්බ්‍රදර් 62 (70)
මුෂ්තාක් අහමඩ් 3/41 (ඕවර 10)
පාකිස්තානය ලකුණු 22 කින් ජයග්‍රහණය කළේය
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න්, ඕස්ට්‍රේලියාව.
පැමිණීම: 87,182
විනිසුරුවන්: බ්‍රයන් ඇල්ඩ්‍රිජ් සහ ස්ටීව් බක්නර්
තරගයේ වීරයා: වසීම් අක්‍රම්

සම්පූර්ණ ලකුණු පුවරුව

පාකිස්ථාන ඉනිම (උපරිම ඕවර 50)
පිතිකරුලකුණුපන්දුමිනි.46ප්‍ර.වේ
අමර් සොහෙල් ✝ඇලෙක් ස්ටුවර්ට් ඩෙරෙක් ප්‍රින්ගල්419200021.05
රමීස් රාජාlbw ඩෙරෙක් ප්‍රින්ගල්826361030.76
ඉම්‍ රාන් ඛාන් (නා) රිචඩ් ඉලිංවර්ත් ඉයන් බොතම්721101595165.45
ජාවේඩ් මියන්ඩාඩ් ඉයන් බොතම් රිචඩ් ඉලිංවර්ත්58981254059.18
ඉන්සමාම් උල් හක් ඩෙරෙක් ප්‍රින්ගල්42354640120.00
වසීම් අක්‍රම්දුවද්දී දැවීම (✝ඇලෙක් ස්ටුවර්ට්)33182140183.33
සලීම් මලික්නොදැවී012000.00
අතිරේක(පාදයේ වැදී 19, නිපන්දු 7, වයිඩ් 6)32
එකතුවඕවර 50 ලකුණු වේගය 4.98249/6

පන්දුවට පහර නොදුන් - ඉජාස් අහමඩ්, ✝මොයින් ඛාන්, මුෂ්ටාක් අහමඩ්, ආකීබ් ජාවේඩ්

කඩුලු බිඳ වැටීම: 1-20 (අමර් සොහෙයිල්, ඕවර 4.6), 2-24 (රමීස් රාජා, ඕවර 8.2), 3-163 (ජාවෙඩ් මියන්ඩාඩ්, ඕවර 39.3), 4-197 (ඉම්රාන් ඛාන්, ඕවර 43.3), 5- 249 (ඉන්සාමාම්-උල්-හක්, ඕවර 49.5), 6-249 (වසීම් අක්‍රම්, ඕවර 49.6)

පන්දු යවන්නාඕවරනි.ඕවරලකුණුකඩුළුසාමාන්‍යවයිඩ්නිපන්දු
ඩෙරෙක් ප්‍රින්ගල්1022232.2035
ක්‍රිස් ලුවිස්1025205.2012
ඉයන් බොතම්704216.0010
ෆිල් ඩෙෆ්රිටාස්1014204.2000
රිචඩ් ඉලින්ග්වර්ත්1005015.0000
ඩර්මොට් රීව්302207.3310
එංගලන්ත ඉනිම (ඉලක්කය 250 ක් ඕවර 50 තුල)
පිතිකරුලකුණුපන්දුමිනි.46ප්‍ර.වේ
ග්‍රැහැම් ගූච් (නා) ආකිබ් ජාවෙඩ් මුෂ්තාක් අහමඩ්2966931043.93
ඉයන් බොතම් මොයින් ඛාන් වසීම් අක්‍රම්0612000.00
ඇලෙක් ස්ටුවර්ට් ✝ මොයින් ඛාන් ආකිබ් ජාවෙඩ්716221043.75
ග්‍රේම් හික්lbw මුෂ්තාක් අහමඩ්1736491047.22
නීල් ෆෙයාර්බ්‍රදර් මොයින් ඛාන් ආකිබ් ජාවෙඩ්6270973088.57
ඇලන් ලෑම්බ් වසීම් අක්‍රම්3141542075.60
ක්‍රිස් ලුවිස් වසීම් අක්‍රම්016000.00
ඩර්මොට් රීව් රමීස් රාජා මුෂ්තාක් අහමඩ්1532380046.87
ඩෙරෙක් ප්‍රින්ගල්නොදැවී18162910112.50
ෆිල් ඩෙෆ්රිටාස්දුවද්දී දැවීම (සලීම් මලික් / †මොයින් ඛාන්)1081300125.00
රිචඩ් ඉලින්ග්වර්ත් රමීස් රාජා ඉම්රාන් ඛාන්1410920140.00
අතිරේක(පාදයේ වැදී 5, නිපන්දු 6, වයිඩ් 13)24
එකතුවඕවර 49.2 ලකුණු වේගය 4.60227

කඩුලු බිඳ වැටීම: 1-6 (ඉයන් බොතම්, ඕවර 2.5), 2-21 (ඇලෙක් ස්ටුවර්ට්, ඕවර 7.3), 3-59 (ග්‍රේම් හික්, ඕවර 18.6), 4-69 (ග්‍රැහැම් ගූච්, ඕවර 20.5), 5- 141 (ඇලන් ලෑම්බ්, ඕවර 34.5), 6-141 (ක්‍රිස් ලුවිස්, ඕවර 34.6), 7-180 (නීල් ෆෙයාර් බ්‍රදර්, ඕවර 42.5), 8-183 (ඩර්මොට් රීව්, ඕවර 43.6), 9-208 (ෆිල් ඩෙෆ්‍රිටාස්, ඕවර 47.1), 10-227 (රිචඩ් ඉලිංවර්ත්, ඕවර 49.2)

පන්දු යවන්නාඕවරනි.ඕවරලකුණුකඩුළුසාමාන්‍යවයිඩ්නිපන්දු
වසීම් අක්‍රම්1004934.9064
ආකිබ් ජාවෙඩ්1022722.7031
මුෂ්තාක් අහමඩ්1014134.0910
ඉජාස් අහමඩ්301304.3320
ඉම්රාන් ඛාන්6.204316.7801
අමර් සොහෙයිල්1004904.9010

යොමුව

  • අයි.සී.සී. සම්ප්‍රවේශය 2019-04-08

බාහිර සබැඳි


🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි