2008 දී ලෙබනනය තුලවූ ගැටුම

2008 දී ලෙබනනය තුලවූ ගැටුම

ලෙබනනයේ සිතියම
දිනයමැයි 7, 2008 – මැයි 14, 2008 (ප්‍රධාන ප්‍රාවස්ථාව, කඩින් කඩ ගැටුම් ජූලි දක්වා දිගටම පැවතිණි)
පිහිටුම
ප්‍රතිඵලයහිස්බුල්ලා උපායශීලි විජයග්‍රහණය
ඩෝහා එකඟතාවය
යුද්ධාවතීරයන්
ෆියුචර් ව්‍යාපාරය
ප්‍රගතශීලි සමාජවාදී පක්ෂය
හිස්බුල්ලා
අමාල් ව්‍යාපාරය
සිරියානු සමාජ ජාතිකවාදී පක්ෂය
ලෙබනන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
අපාතිකයන් සහ හානි
27 මිය ගියෝය (මෙය බලන්න)26 මිය ගියෝය, 1 ආ ගිය අතක් නැත (හිස්බුල්ලා)[1][2][3][සපයා ඇති උපන්‍යාස වල නොමැත]
10 මිය ගියෝය(SSNP)[3]
2 මිය ගියෝය(LDP)[3]
1 මිය ගියේය (අමාල්)

34 ලෙබනන සිවිල් වැසියෝ මිය ගියෝය,[4]
1 ඕස්ට්‍රේලියානු සිවිල් වැසියෙක් මිය ගියේය,[5]
2 සොල්දාදුවෝ මිය ගියෝය[6]
2 පොලිස් භටයෝ මිය ගියෝය

මුළුමනින් 105 මිය ගිය අතර 1 අයෙකු ආ ගිය අතක් නැත
සැකිල්ල:Campaignbox Lebanon

2008 දී ලෙබනනය තුලවූ ගැටුම [7] මැයි 7 දිනදී ඇරඹුනේ, ලෙබනනයේ‍ 17-මසක් දිගු දේශපාලන අර්බුදය පාලනය කළ නොහැකි තරම් තත්වයට පත්වූ පසුවය. සටන්වලට ගිනි ඇවුලුනේ හිස්බුල්ලාවරුන්ගේ සන්නිවේදන ජාලයෙහි ක්‍රියාකාරිත්වය නැවැත්වීමට හා හිස්බුල්ලා සමග ප්‍රෝක්ත සම්බන්ධතා නිසාවෙන් බීරූට් ගුවන්තොටුපොලෙහි ප්‍රධා ආරක්ෂක නිලධාරි වාෆික් ස්කෙයීර් ඉවත් කිරීමට රජය ගත් තීරණ නිසාවෙනි. කණ්ඩායමෙහි සන්නිවේදන ජාලය අනීතික බවට ප්‍රනාශ කිරීමට රජය ගත් තීරණය "යුද්ධ ප්‍රකාශ කිරීමක්" වූ අතර, රජය විසින් එය ඉල්ලා අස් කර ගත යුතු බවට බල කර සිටින බව හිස්බුල්ලා නායක හසාන් නස්රල්ලා ප්‍රකාශ කර සිටියේය.[8][9]

11 දෙනෙකුට මරු කැඳවමින් සහ 30 දෙනෙකුට තුවාල සිදුකරමින් ඇතිවූ වීදි සටන් වල ප්‍රතිඵලයක් වශයෙන්, හිස්බුල්ලා-නායකත්වය ලද විපක්ෂ සටන්කාමීන් විසින්, රජයට පක්ෂපාතී ෆියුචර් ව්‍යාපාරයෙහි මිලිෂියා යුද්ධ භටයින් වෙතින්, බටහිර බීරූට් අසබඩ ප්‍රදේශ කිහිපයක පාලනය සියතට ගත්හ. විපක්ෂ විසින් අල්ලා ගත් ප්‍රදේශ පසුව ලෙබනන යුද්ධ හමුදාව වෙත බාර දෙන ලදි.[10] මතභේදය නිරාකරණය කර දීමට යුද්ධ හමුදාව විසින් ප්‍රතිඥා දුන් අතර රජයේ තීරණ කණපිට හරවමින් හිස්බුල්ලා ව්‍යාපාරයට තම සන්නිවේදන ජාලය රැකගැනීමටද ගුවන් තොටු පොලෙහි ආරක්ෂක ප්‍රධානියා යළි සේවයේ පිහිටුවීමටද කටයුතු කළේය.[11][12]

සටන් අවුලුවමින් හා රට නව සිවිල් යුද්ධයක් දක්වා සම්පූර්ණයෙන්ම වාගේ ගෙන යාමට හේතු පාදක වූ 18-මසක් තුල පැවැති දේශපාලන හබය කෙළවර කිරීමට ප්‍රතිවාදී ලෙබනන නායකයෝ මැයි 21, 2008 දිනදී එකඟතාවයකට එළඹුනහ.[13]

පසුබිම

2006 දෙසැම්බර් 1 වනදා, අගමැති ෆුවාඩ් සිනියෝරාගේ රජයට විරුද්ධ කණ්ඩායම් විසින් නායකත්වය සැපයුනු විරෝධතා හා සත්‍යග්‍රහයන් මාලාවක් ලෙබනනයෙහි ඇරඹිනි. විපක්ෂ කණ්ඩායම සමන්විත වූයේ සිරියානු-ලැදි හිස්බුල්ලා සහ අමාල් යන්නන්ට අයත් පිරිස් වෙතිනි. මරාඩා ව්‍යාපාරය, ලෙබනන කොමියුනිස්ට් පක්ෂය සහ සිරියානු සමාජ ජාතිකවාදී පක්ෂය ඇතුළු කුඩා පක්ෂ කිහිපයක්ද මෙයට සම්බන්ධ වූහ.[14] රජයේ සාමාජිකයන්ගෙන් බහුතරයක් ප්‍ර US මාර්තු 14 මිත්‍රත්වයේ කොටසක්, පෙර ප්‍රසිරියානු දේශපාලනික පක්ෂවල ඒකාබද්ධයක් හා ලෙබනනයේ හිටපු උප හමුදා වලින් කොටසක් විය. කණ්ඩායම් දෙක ආගමික බෙදීම් හරහා ද එකිනෙකින් වෙන්වී තිබිණි. සුන්නිවරුන්ගෙන් බහුතරයක් රජයට සහාය දුන් අතර ශියාවරුන්ගෙන් බහුතරයක් විරුද්ධවාදී කණ්ඩායමට සහාය දුනි. Walid jumblatt සමඟ Druze රජයට සහාය දැක්වූ අතර Talal Arslan ට මිත්‍රශීලී කණ්ඩායම් විරුද්ධවාදීන්ට සහාය දැක්වීය. ක්‍රිස්තියානු සමාජය ද බෙදුනු අතර 80%කට වැඩි පිරිසක් නිදහස් දේශමාමක ව්‍යාපාරයට හා විරුද්ධ පක්ෂයට සහාය දැක්වීය.

මැයි 2008 මතභේද සහ විරෝධතා

2008 මැයි හිදී රජය විසින් ආරක්ෂක තීරණ මාලාවක් දැනුම් දීමෙන් අනතුරුව රජය හා විරුද්ධ පාර්ශවය අතර වූ ආතති වර්ධනය විය. බටහිරට පක්ෂපාතී ආණ්ඩුවෙහි ප්‍රධානීන් විසින් හිස්බුල්ලාවරුන් ත්‍රස්තවාදී ප්‍රහාරයකට සැලසෙනවා යැයි විවේචනය කර අතර හිස්බුල්ලාවරුන් විසින් එය බියට පත් වී කරන ප්‍රකාශයක් ලෙස නොසලකා හැරීය.

මැයි 3 වනදා රජය විසින්, හිස්බුල්ලාවරු විසින් බහාලුම් රඳවන පිටියක සවි කර තිබූ බීරූට්හි අන්තර්ජාතික ගුවන් තොටුපලේ ප්‍රධාන ධාවන පථය දෙසට යොමු වූ දුරස්ථ පාලක කැමරාවක් සම්බන්ධයෙන් ඔවුන්ව විවේචනය කරන ලදී. විවේචනය වූයේ ගුවන් තොටුපල ස්ථානගත වී ඇති ප්‍රදේශය පුරා තම අණසක පතුරවා ගෙන සිටින ශියා ව්‍යාපාරය යම් කිසි ප්‍රහාරයක් සඳහා, සමහරක් විට රජයේ වැදගත් නියෝජිතයකු ඝාතනය කිරීමට සූදානම් වීම සඳහා ගුවන් ගමන් පිළිබඳ ඔත්තු බැලූ බවයි. හිස්බුල්ලාවරුන් මෙම විවේචනය පිළි‍ නොගත් අතර ඔවුන් ප්‍රකාශ කර සිටියේ ඔවුන්ව විවේචනය කරන අය ඊට විරුද්ධ US ව්‍යාපාරය හා ඊශ්‍රායලයට ප්‍රතිරෝධී අනෙකුත් කණ්ඩායම් වර්ණනා කරමින් සිටින බවයි.

‍2008 මැයි 6 වනදා රජය විසින් හිස්බුල්ලාවරුන්ගේ පුද්ගලික සන්නිවේදන ජාලය අක්‍රිය කිරීමට උත්සාහ කරන ලදී. හිස්බුල්ලාවරු විසින් දකුණු හා බටහිර ලෙබනනය හා බීරූට්හි දකුණු දිග ප්‍රදේශ ආවරණය කරමින් ව්‍යාප්ත ජන සන්නිවේදන ජාලයක් ක්‍රියාත්මක කරන බවට වාර්තා වී තිබුණි. හිස්බුල්ලාවරු ප්‍රකාශ කර සිටියේ එය එහි ඊශ්‍රායලයට එරෙහි ආරක්ෂක ක්‍රියා මාර්ගවල කොටසක් ලෙස වූ පුද්ගලික ජාලයක් බවයි. රජය විසින් බීරූට් අන්තර්ජාතික ගුවන් තොටුපළේ ආරක්ෂ අංශයේ අණ දෙන්නා වූ බ්‍රිග් ජෙන් වෆීක් ෂුකූර්හට අණ දුන්නේ නැවත යුධ අණ දීම සඳහා පැමිණෙන ලෙසයි. ඔහු හිස්බුල්ලාවරු සමඟ මිත්‍රශීලීව කටයුතු කිරීමට සැක කර තිබූ අතර හිස්බුල්ලාවරු විසින් ප්‍රධාන ධාවන පථය ඉලක්ක කර ගනිමින් ගුවන් යානා හා VIP වරුන්ගේ ගමන් නිරීක්ෂණයට යොදා තිබූ රහස් කැමරාව සමඟ ගණු දෙනු කිරීමට අපොහොසත් වූ බවට විවේචනය වී ද තිබුණි.

2008 මැයි 7 වනදා මැයි මාසයට පෙර සැලසුම් කර තිබූ වහල් උද්ඝෝෂණයක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් බවට පෙරළුනේ රජයේ තුවක්කුකරුවන් ඔවුන්ගේ වෙඩි තැබීම් ආරම්භ කිරීමත් සමඟය. මෙය බීරූට්හි කණ්ඩායම් දෙක අතර ගැටුමට මඟ පෑදීය. ඊළඟ දිනයේ දී හිස්බුල්ලාහි නායක හසාන් නසරල්ලා රූපවාහිනිය ප්‍රකාශ කර සිටියේ සන්නිවේදන ජාලය ඊශ්‍රායලයට එරෙහි යුධමය කණ්ඩායමේ ප්‍රතිරෝධයට අත්‍යවශ්‍ය බවයි. නසරල්ලා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ රජය කණ්ඩා‍යමේ පුද්ගලික සන්නිවේදන ජාලය නැවැත්වීමට බල කිරීමෙන් එය පාලනය කරන අයට හිංසා කිරීමෙන් යුද්ධයක් ප්‍රකාශ කිරීමට උත්සාහ දරන බවයි.

ජාත්‍යාන්තර ප්‍රතිචාර

එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ෂෝන් මැක්කොමැක් ලෙබනන්හි පවතින නොසන්සුන් තත්වය ගැන සාකච්ඡාකරමින්

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් කොන්ඩොලිස්සා රයිස් ලෙබනන් අගමැති ෆවුආඩ් සිනියෝරාට, එක්සත් ජනපද සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් නැවතත් සහතික වුවාය. එමෙන්ම ලෙබනනයට එම අවස්ථාවේදී කළ හැකි ආධාර ලබා දීම සඳහා ලෝක නායකයන්ද හමු වූවාය. "අප මෙම අවස්ථාවේ ලෙබනන් රාජ්‍යය සහ එහි සාමකාමී පුරවැසියන් සමග එක්ව සිටිය යුතුයි. මෙම ගැටළු සහගත අවස්ථාව සමනය කිරීමට උදව් කළ යුතුයි" යනුවෙන් ප්‍රකාශයක් ද කළාය. ප්‍රචණ්ඩ ක්‍රියා රයිස්ගේ විවේචනයට ලක් වූ අතර හිස්බුල්ලාවරුනට සහාය දෙන්නන් ලෙස සිරියාව සහ ඉරානය වෙන්කර පෙන්වා සිටියාය. මෙම කරුණු ඇය හැඳින්වූවේ "රාජ්‍යයක් තුළ ඔවුන්ගේ තත්වය ආරක්ෂා කිරීමට" කරන කටයුත්තක් ලෙසිනි.

කුපිත කරවන ආකාරයේ එකකැයි බොහෝ දෙනෙකුට දැනුණු කථාවක් කරමින්, අගමැති ෆවුආඩ් සිනියෝරා දින 4 ක ගැටුම්වලින් පසුව වුවත් හිස්බුල්ලාවරුනට යටත් වන්නේ නැතැයි ලෙබනන් හමුදාවට කියා සිටියේය.

ෂියා මුස්ලිම් ආගමික නායකයින් බොහෝ දෙනෙක් රූපවාහිනීයේ පෙනී සිටිමින් බුෂ් පාලනය සමග ඔවුන්ගේ රජයේ තිබෙන ජාති ද්‍රෝහී බැඳීම, ඊශ්‍රායලය සහ හිස්බුල්ලා කෙරේ තිබෙන වෛරය, හා ලෙබනන් විරෝධය ප්‍රසිද්ධියේ විවේචනය කළහ.


ආශ්‍රිත

තවදුරටත් කියවීම

බාහිර සබැඳි

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි