2018 ශ්‍රී ලංකාවෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එවකට තනතුරුධාරී රනිල් වික්‍රමසිංහ මහතා විධිමත් ලෙසින් තනතුරෙන් පහකිරීමට පෙර, හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසින් 2018 ඔක්තොම්බර් 26 දිනදී පත්කිරීමත් සමගම එකවිට අගමැතිවරුන් දෙදෙනෙකු තනතුරු දැරීමෙහි තත්ත්වයක් උද්ගත වෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදයක් ශ්‍රී ලංකාවෙහි ඇරඹිණි. වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් මෙම පත්කිරීම නීතිවිරෝධි ලෙසින් දුටු අතර, එබැවින් ඉල්ලා අස්වීම ඔහු විසින් ප්‍රතික්ෂේප කෙරිණි. [3]

2018 ශ්‍රී ලාංකික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය
ශ්‍රී ලංකාවෙහි සිවිල් යුද්ධයෙහි අනිටු විපාකය සහ ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2015 හි කොටසකි
දිනය26 ඔක්තොම්බර් 2018 – 16 දෙසැම්බර් 2018
(7 weeks and 2 days)
ස්ථානයශ්‍රී ලංකාව
හේතූන්
  • 2015 ජාතික එක්සත් රජය විසුරුවාහැරීම
  • හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙසින් පත් කිරීම
  • තනතුරුධාරී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තනතුරෙන් පහකිරීම
  • පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සහ විසුරුවාහැරීම
ක්‍රමඋද්ඝෝෂණ, අධිවාස, මහා වැඩවර්ජන
තත්ත්වයරනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසින් යළි-පත් කිරීමත් සමගම නිම විය
  • ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍යවරයා ලෙසින් මහින්ද රාජපක්ෂ පත්කිරීම
  • අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තනතුරෙන් පහ කිරීම
  • ජනාධිපති සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව අත්හිටුවීම
  • තනතුරෙන් පහකිරීම පිළිනොගත් රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරය තුල රැඳී සිටීම
  • නව කැබිනට් මණ්ඩලය පත්කිරීම
  • කැබිනට් තනතුරු සඳහා අල්ලස් ලබාදුන්/ගත් බවට චෝදනා
  • පාර්ලිමේන්තුව විසුරුවාහැරි ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලෙසට මැතිවරණ කොමිසමට නියෝග කිරීම
  • පාර්ලිමේන්තු විසුරුවාහැරීමේ ජනාධිපතිවරයාගේ ආඥාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව අත්හිටුවයි.
  • රජය විසින් රජයේ මුදල් වියදම් කිරීම අත්හිටුවමින් පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කරයි
  • රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙසින් සහ අනෙකුත් අමාත්‍යවරුන් ඔවුන්ගේ තනතුරු වල ක්‍රියාකිරීම වලක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි
  • ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීතිවිරෝධි ක්‍රියාවක් බව නිර්ණය කරන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙහි ජනාධිපතිවරයාගේ නියෝගය ප්‍රතිගමනය කරයි
  • අග්‍රාමාත්‍යවරයාගේ තනතුර ක්‍රියාත්මක වීම පරිසීමාකරමින් අභියාචනාධිකරණය කල නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරයි
  • අග්‍රාමාත්‍ය තනතුරට අයිතිවාසිකම් කීම නීතිවිරෝධි බව මහින්ද රාජපක්ෂ පිළිගනියි
  • රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා තනතුරෙහි පුනස්ථාපනය කෙරෙයි
සිවිල් ගැටුමට අදාල පාර්ශව

ශ්‍රී ලංකාව ව්‍යවස්ථාදායක පාර්ශවය


එජාප-රනිල් පාක්ෂික විරෝධකරුවෝ

ශ්‍රී ලංකාව විධායක පාර්ශවය


සිරිසේන-රාජපක්ෂ පාක්ෂික එකමුතුව
ප්‍රධන පුද්ගලයෝ
අපාතිකයෝ
මරණ(ය)1[1][2]
තුවාල ලද3[1]
අත්අඩංගුවට ගැනීම්2[2]

සිරිසේන මහතාගේ මෙම හදිසි තීරණය විසින් "රට තුල දේශපාලනමය ව්‍යාකූල තත්ත්වයක්" ඇතිකිරීමට පදනම සකස් වූ අතර, ජාත්‍යන්තර විවේචනය ඔහු වෙත එල්ලවුණි. [4][2][5] වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තුවෙහි බහුතරයක්, සහ විපක්ෂයෙහි පක්ෂ විසින් ඔහුගේ ඉවත් කිරීම සහ රාජපක්ෂ මහතාගේ පත්කිරීම පිළිගැනීම ප්‍රතික්ෂේප කල අතර, සිරිසේන මහතාගේ ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට කියා සිටියහ. [6][7] පාර්ලිමේන්තුවෙහි බහුතරය තවමත් ඔහු සතු බවට හිමිකම් පල කර සිටි වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙහි කථානායක කරු ජයසූරිය වෙතින් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව කැඳවන ලෙසටය. [8] පාර්ලිමේන්තුව යළි-කැඳවන ලෙසට ඉදිරිපත්වූ සියළු ඉල්ලීම් නොසලකා හැරි සිරිසේන මහතා, ඔක්තොම්බර් 27 දිනදී පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම තුලින්, එහි රැස්වීම් පැවැත්වීම නොවැම්බර් 16 වන දින තෙක් පමා කර ලීය. [9] රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා සහිතව නව කැබිනට් අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීමට ගත් වෑයමක් ව්‍යර්ථ වීමෙන් අනතුරුව, නොවැම්බර් 9 දිනදී පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට සිරිසේන මහතා උත්සාහ දැරීය. මෙම පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව එජාප යෝජනා කල අතර ඉන් ඉක්බිතිව 2018 දෙසැම්බර මස දක්වා සිරිසේන මහතාගේ මෙම විසුරුවාහැරීමෙහි නියෝගය අත්හිටවූ ශ්‍රේෂ්ඨාධිකරණය ඉනික්බිතිව තීරණය කලේ එම පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. [10][11]

පසුබිම

සිදුවීම් කාලරේඛාව

අගමැතිවරුන් දෙදෙනා

පාර්ලි‌‌මේන්තුව යළි රැස්වීම

කථානායක කරූ ජයසූරිය

=

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ මැතිවරණය

2018 නොවැම්බර් 9 සිකුරාදා දිනදී ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව විසුරුවාහරමින් නිකුත් කෙරුණු ගැසට් පත්‍රය

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සිදු කල ආඥාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවයි

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය


පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

2018 දෙසැම්බර් 13 දිනදී, පාර්ලිමේන්තුවෙහි වාර කාලය නිමවීමට මාස 20 කට ඉහතදී එය විසුරුවාහැරීමට ජනාධිපති සිරිසේන ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කෙරණි. පූර්ණ (විනිසුරුවන්-සත් දෙනෙකුගෙන් සමන්විත) විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තීන්දු කලේ එහි වාර කාලය වසර සතර-හමාරක් වීමට පළමුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සිදු කල නොහැකි බවයි. අධිකරණය තව දුරටත් පැවසුවේ ජනාධිපතිවරයා විසින් හදිසි මැතිවරණයක් කැඳවීම නීතිවිරෝධී බවයි. [7]

ප්‍රචන්ඩත්වය

ඔක්තොම්බර් 28 වන ඉරුදින දී, බලයෙන් ඉවත් කෙරුණු අමාත්‍යවරයෙකුගේ ආරක්ෂක නිලධාරීන් විසින් විරෝධතාකරුවන් පිරිසකට වෙඩි තැබීම නිසා එක් අයෙකු මරණයට පත් විය. [1]

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි