C/2022 E3 (ZTF)

C/2022 E3 (ZTF) යනු ඕර්ට් වළාවෙන් ජනිත වූ සහ ස්විකී ට්‍රාන්සියන්ට් ෆැසිලිටි (ZTF) විසින් 2022 මාර්තු 2 දිනදී සොයා ගන්නා ලද දිගු-කාලාවර්ත ධූමකේතුවකි.[1] එහි න්‍යෂ්ටිය අවට තීව්‍ර කොළ පැහැ දීප්තියක් මෙම ධූමකේතුවෙහි දක්නට ලැබෙන්නේ, ද්විපරමාණුක කාබන් සහ සයනජන් වෙත හිරුඑළියෙහි බලපෑම නිසාවෙනි.[2][3]

ධූමකේතුවෙහි ක්‍රමානුකූල නාමකරණය ඇරඹෙන්නේ ඉංග්‍රීසි C අක්ෂරයෙන් වන අතර එයින් පෙන්නුම් කරනුයේ එය ආවර්තක ධූමකේතුවක් නොවන බව සහ "2022 E3" යන්නෙන් අදහස් වන්නේ 2022 වසරෙහි මාර්තු මාසයෙහි පළමු අර්ධයෙහිදී සොයාගත් තුන්වන ධූමකේතුව බවයි.[3]

ධූමකේතු න්‍යෂ්ටිය කිලෝමීටරයක් පමණ ප්‍රමාණයකින් යුතු බවත්, පැය 8.7 කට වරක් භ්‍රමණය වන බවත් ඇස්තමේන්තු කොට ඇත.[4] [5] එහි ධූලි සහ වායු වලිගයන් කිලෝමීටර් මිලියන ගණනක් දුරට විහිදෙන අතර, 2023 ජනවාරියෙහිදී, තුන්වන ප්‍රති-වලිගයක් පෙනෙන්නට තිබුණි.[6]

1.11 AU (166 මිලියන කිමී; 103 මිලියන සැතපුම්) දුරකින් එහි සූර්ය සමීපකය වෙත 2023 ජනවාරි 12 දිනදී ධූමකේතුව ලඟාවූ අතර, පෘථිවියට කිට්ටුම දුර වන 0.28 AU (42 මිලියන කිමී; 26 මිලියන සැතපුම්) වෙත 2023 පෙබරවාරි 1 දිනදී ලඟා විය. ධූමකේතුව තීව්‍රතාවය 5 අත්කරගත් අතර සඳ නොමැති අඳුරු අහස තුලදී පියවි ඇසට නිරික්ෂණය වෙයි.[7][8][9][10] පෙබරවාරි 5 දින වන විට ධූමකේතුව කපෙල්ලා සිට අංශක 6 පමණ කිට්ටුවෙන් පැවති අතර (සාමාන්‍ය දෙනෙතියක දර්ශන ක්ෂේත්‍රය තරම්) තීව්‍රතාවය 6 පමණ යැයි ඇස්තමේන්තුගත කෙරෙයි.[7]

නිරික්ෂණ ඉතිහාසය

සොයාගැනීම

බ්‍රයිස් බොලීන් සහ ෆ්‍රැන්ක් මෂ්කි යන තාරකා විද්‍යාඥයින් විසින් 2022 මාර්තු 2 දිනදී C/2022 E3 (ZTF) සොයාගත්තේ ස්විකී ට්‍රාන්සියන්ට් ෆැසිලිටි (ZTF) සමීක්ෂණය විසින් වන අතර, එය භාවිතා කරන්නේ පැලොමාර් නිරික්ෂණාගාරයෙහි 1.2-m f/2.4 ෂ්මිට් දුරේක්ෂය වෙයි.[1]

සූර්ය සමීපකය සමීපයෙහි

ධූමකේතුවෙහි පෘථිවියට සමීපතමය සිදුවූයේ 2023 පෙබරවාරි 1 දිනදී වන අතර, එය වූයේ 0.28 AU (42 මිලියන කිමී; 26 මිලියන සැතපුම්) දුරකිනි. 2023 ජනවාරි 31 දින වන විට, ධූමකේතුවෙහි දෘශ්‍ය තීව්‍රතාවය 5 පමණ විය; එහි ධූමය 20' පමණ පරාසයක පැවතුනි.[7]

ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=C/2022_E3_(ZTF)&oldid=538355" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි