ශිෂ්ඨාචාර ඝට්ටනය

ශිෂ්ටාචාර අතර ඝට්ඨනය යනු ගෙවුණු සීත යුධ සමයෙන් පසු ව දේශපාලන අරගල සිදුවන්නේ මිනිසුන්ගේ සංස්කෘතික හා ආගමික අනන්‍යතාවයන් අතර බව පවසන ප්‍රවාදයක් වේ. ඒ අනුව අනාගතයේ යුද්ධ සිදුවන්නේ රටවල් අතර නොව සංස්කෘතීන් අතර ය. මේ තුළ වඩාත් ම භයානක තරගකරුවා වන්නේ ඉස්ලාමීය අන්තවාදය යි. ඇමරිකානු දේශපාලන විද්‍යාඥයකු වන සැමුවෙල් පී. හංටින්ටන් විසින් American Enterprise Institute හි පැවැත් වූ දේශනයක් තුළින් මුල්වරට ඉදිරිපත් කළ මේ න්‍යාය පසුව1993 දී Foreign Affairs සගරාවට ලියූ "The Clash of Civilizations?" නම් ලිපියෙන් ඔහු තවත් වැඩිදියුණු කරන ලදී. එම ලිපිය ලියැවුණේ ඔහුගේ ශිෂ්‍යයකු ව සිටි ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ The End of History and the Last Man නම් 1992 දී පළ වූ කෘතියට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ය. 1996 දී තමන් විසින් පළ කළ The Clash of Civilizations and the Remaking of World Order නම් කෘතිය තුළ හෙතෙම මෙම න්‍යාය තවදුරටත් පුලුල් බවට පත්කරන ලදී.

The Clash of the Civilization and the Remaking of World Order
ශිෂ්ටාචාර ඝට්ටනය
කර්තෘSamuel P. Huntington
ප්‍රකාශකයාSimon & Schuster
ප්‍රකාශිත දිනය
ක්‍රි.ව. 1996
අයිඑස්බීඑන්0-684-84441-9
ඕසීඑල්සී38269418

සිය නිගමනයට එළැඹීමේ දි පශ්චාත් සීත යුධ අවධියේ ගෝලීය දේශපාලන සබදතා පිළිබද ඉදිරිපත් වූ න්‍යායන් රැසක් හංටින්ටන්ගේ විමසුමට ලක්විණි. මානව හිමිකම්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ ධනවාදී නිදහස් වෙළදපොළ ආර්ථිකය වැනි බටහිර ඇගයුම් කරා යොමු වීම සීත යුධ සමයෙන් පසු සෙසු ලෝකයට විවෘත ව පවතින එකම විකල්පය බව ඇතැම් විචාරකයන්ගේ මතය විය. විශේෂයෙන් ම (හේගල්වාදී ආස්ථානයකින් බැලූ කල) ලෝක ඉතිහාසය නිමාවට පත් ව ඇති බව ෆුකුයාමා ප්‍රකාශ කළේ ය.

දේශපාලන මත විසින් අරගල මෙහෙය වූ යුගය අවසන් වි ඇතත් සංස්කෘතික ගැටුම් තුළින් තවමත් ඉතිහාසය පෙර පරිදි ම ක්‍රියාකාරී වන බව හංටින්ටන්ගේ මතය විය. ලෝකයේ කලාපීය ව බලවත් බවක් දරන වෙනස් සංස්කෘතික ලක්ෂණ සහිත ශිෂ්ටාචාර රැසක් ඔහු හදුනාගත් අතර මෙවැනි ප්‍රතිවිරුද්ධ සංස්කෘතීන් අතර මායිම් කලාපයන්හි එම සංස්කෘතීන්ගේ බල රේඛාවන් පවතින බව පෙන්වා දුන්නේ ය. හංටින්ටන්ට අනුව මෙම බල රේඛාවන් අනාගත ගැටුම් කෙරෙහි විභවය විශ්ලේෂණයේ දී ඉතා වැදගත් විය හැකි ය. මෙම සංස්කෘතික බල රේඛාවන් අනාගත ගැටුම්වල ප්‍රධාන සාධකය වන බවට ඔහු තර්ක කරයි. 1993 දී Foreign Affairs හි පළ වූ සිය "The Clash of Civilizations?" නම් රචනාව අවසානයේ හංටින්ටන් මෙසේ පවසා ඇත. "මෙය ශිෂ්ටාචාර අතර ගැටුම් පිණිස කරන ආරාධනාවක් නොව අනාගතයේ සිදුවිය හැකි දේ වටහාගත හැකි න්‍යායක් ඉදිරිපත් කිරීමක් පමණි.”

ගැටුම් සිදුවන ප්‍රධාන ශිෂ්ටාචාර සහ පවතින කලාප

The clash of civilizations according to Huntington (1996), as presented in the book.[1]
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ