අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය


අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය (අයිසීසී ලෝක වි20 තරගාවලිය හෝ වි20 ලෝක කුසලාන තරගාවලිය ලෙසින්ද හැඳින්වෙන) යනු, ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ශූරතා තරගාවලියකි. ක්‍රිකට් ක්‍රීඩාවෙහි පාලන අධිකාරිය වන, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් සංවිධානය කෙරෙන මෙම තරගාවලිය, කණ්ඩායම් 12 කින් සමන්විත වන අතර, එම කණ්ඩායම් අයිසීසී පූර්ණ සාමාජිකයෝ දස දෙනාගෙන් සහ අයිසීසී ලෝක විස්සයි20 යෝග්‍යතා නිර්ණය ඔස්සේ තෝරාගනු ලැබූ වෙනත් අයිසීසී සාමාජිකයන් දෙදෙනෙකුගෙන්ද සැදී පවතියි. මෙම ඉසව්ව සෑම දෙවසරකට වරක් පැවැත්වෙන අතර, සියළු තරග සඳහා, විස්සයි20 ජාත්‍යන්තරය තත්ත්වය පිරිනැමෙයි.

අයිසීසී විස්සයි20 ලෝක කුසලානය
පරිපාලකඅන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
ආකෘතියවිස්සයි20
පළමු තරගාවලිය2007
අවසාන තරගාවලිය2021
මිලඟ තරගාවලිය2022
කණ්ඩායම් ගණන16
වත්මන් ශූරයා ඕස්ට්‍රේලියාව (1 වන ශූරතාවය)
වඩාත් ජයග්‍රාහී බටහිර ඉන්දීය කොදෙව් (ශූරතා 2)
වඩාත් ලකුණුශ්‍රී ලංකාව මහේල ජයවර්ධන (1016)[1]
වඩාත් කඩුළුපකිස්තානය ෂහිඩ් අෆ්රිඩී (39)[2]

පසුබිම

2002 වසරෙහිදී බෙන්සන් ඇන්ඩ් හෙජර්ස් කුසලාන තරගාවලිය අවසන්වත්ම, එම පුරප්පාඩුව පිරවීමට ඊසීබී සඳහා තවත් එක් දින තරගාවලියක් අවශ්‍ය විය. සීඝ්‍රයෙන් අඩුවෙමින් පැවති ප්‍රේක්ෂක ප්‍රමාණය සහ අඩුවී තිබුණු අනුග්‍රාහකත්වය වෙත ප්‍රතිචාර වශයෙන් ක්‍රීඩාවෙහි ජනප්‍රියත්වය නැංවීම සඳහා කිසියම් ක්‍රමවේදයක් ක්‍රිකට් බලධාරීන් විසින් සොයා බැලිණි. දිගු වේලාවක් තිස්සේ ක්‍රීඩා කෙරෙන අනුවාදයන් නිසාවෙන් ක්‍රීඩාවෙන් ඈත් වෙමින් සිටින ක්‍රීඩාලෝලීන් දහස්ගණනක් සඳහා අධි වේගී, උද්යෝගීමත් ක්‍රිකට් ක්‍රීඩාවක් සැපයීම අරමුණ විය. ඊසීබී හී අලෙවිකරණ කළමනාකරු වූ ස්ටුවට් රොබට්සන් විසින් 2001 වසරෙහිදී ප්‍රාන්ත සභාපති වෙත යෝජනා කලේ ඉනිමකට පන්දුවාර 20 කට සීමාවූ තරග පැවැත්විය යුතු බව වූ අතර නව ආකෘතිය පිළිගැනීමට ඔවුහූ 11–7 ලෙසින් ඡන්දය දෙමින් පිළිගත්හ.[3]

ප්‍රාදේශීය තරගාවලියන්
2007 තරගාවලියෙහිදී බංග්ලාදේශය එ දකුණු අප්‍රිකාව

2003 ජූනි 13 දිනදී පළමුවන නිල විස්සයි20 තරග පැවැත්වුනේ විස්සයි20 කුසලාන වෙනුවෙන් ඉංග්‍රීසි ප්‍රාන්ත අතර විය.[4] එංගලන්තයෙහිදී ක්‍රීඩා කෙරුණු පළමුවන විස්සයි20 තරග වාරය සාපේක්ෂ වශයෙන් ගත් කල සාර්ථක තරග වාරයක් විය.[5] 2004 ජූලි 15 දින මිඩ්ල්සෙක්ස් සහ සරේ කණ්ඩායම් අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයෙහිදී පැවැත්වුණු පළමුවන විස්සයි20 තරගය සඳහා 27,509 ක ප්‍රේක්ෂක ජනතාවක් ඇදී පැමිණි අතර 1953 වසරෙන් පසුව එක්දින අවසන් තරගයක් වෙත හැරුණු විට එම ක්‍රීඩාංගණයෙහි කිසිම ප්‍රාන්ත ක්‍රිකට් තරගයකට සහභාගි වූ වැඩිම ප්‍රේක්ෂක ප්‍රමාණය එය විය.[6]

අනෙකුත් ක්‍රිකට් මණ්ඩල විසින් විස්සයි20 තරග ක්‍රීඩා කිරීම ඇරඹීමත් සමග මෙම තරග ආකෘතියෙහි ජනප්‍රියතාවය නොසිතූ තරම් ඉහළ ප්‍රේක්ෂක සහභාගිත්වයක්, පකිස්තානයෙහි ෆයිසල් බෑන්ක් වි20 කුසලාන සහ ස්ටැන්ෆර්ඩ් 20/20 වැනි නව ප්‍රාදේශීය තරගාවලි සහ ආකෘතිය සඳහා මූල්‍යමය දිරිගැන්වීම් හා සමග සීඝ්‍ර වර්ධනයකට ලක්විය.

පැවැත්වුණු තරගාවලි

වසරසත්කාරකත්වයඅවසන් මහා තරගයතරගාවලියේ වීරයා
පැවති ක්‍රීඩාංගනයශූරයන්ප්‍රතිඵලයඅනුශූරයන්
2007දකුණු අප්‍රිකාවවොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග්  ඉන්දියාවලකුණු 5 කින්  පකිස්තානයෂහිඩ් අෆ්රිඩි
2009එංගලන්තයලෝඩ්ස් ක්‍රීඩාංගනය, ලන්ඩන්  පකිස්තානයකඩුලු 8 කින්  ශ්‍රී ලංකාවතිලකරත්න ඩිල්ෂාන්
2010බටහිර ඉන්දීය කොදෙව්කෙන්සින්ග්ටන් ඕවල්, බ්‍රිජ්ටවුන්  එංගලන්තයකඩුලු 8 කින්  ඕස්ට්‍රේලියාවකෙවින් පීටර්සන්
2012ශ්‍රී ලංකාවආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ  බටහිර ඉන්දීය කොදෙව්ලකුණු 36 කින්  ශ්‍රී ලංකාවශේන් වොට්සන්
2014බංගලාදේශයශරේ-බන්ග්ලා ක්‍රීඩාංගනය, ඩකා  ශ්‍රී ලංකාවකඩුලු 6 කින්  ඉන්දියාවවිරාත් කෝලි
2016ඉන්දියාවඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටා  බටහිර ඉන්දීය කොදෙව්කඩුලු 4 කින්  එංගලන්තයවිරාත් කෝලි
2021එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානයඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩුබායි  ඕස්ට්‍රේලියාවකඩුලු 7 කින්  නවසීලන්තයඩේවිඩ් වෝනර්
2022ඕස්ට්‍රේලියාවමෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය, මෙල්බර්න්  එංගලන්තයකඩුලු 5 කින්  පකිස්තානයසෑම් කරන්
2024බටහිර ඉන්දීය කොදෙව්, එක්සත් ජනපදයකෙන්සින්ග්ටන් ඕවල්, බ්‍රිජ්ටවුන්

ආශ්‍රිත

.[7]

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි