ඇස්පර්ජර් සහලක්ෂණය

ස්නායු වර්ධනය සම්බන්ධ ආබාධ තත්ත්වය

ඇස්පර්ජර් සහලක්ෂණය යනු අනන්‍යය ව පැවතිය හැකි දුලබ චර්යා රටාවන් සහ රුචිකත්වයන් සමග පවතින සමාජ සබදතා පැවැත්වීමේ සහ අවාචික සන්නිවේදනයේ කැපීපෙනෙන දුෂ්කරතාවන් හේතුවෙන් හදුනාගත හැකි සංවර්ධන දුර්වලතාවයකි. [4]එය ඔටිසම් රෝග පොකුරට ඇතුළත් වන අතර සාපේක්ෂ ව භාෂා භාවිතයේ දුර්වලතාවයක් නොවීමත් බුද්ධිහීනත්වයක් නොවීමත් විසින් එකී ගණයට අයත් අනෙකුත් රෝග තත්ත්වයන්ගෙන් වෙනස් වෙයි. [7]රෝග තත්ත්වය නිශ්චය කිරීමේ දී නිර්ණායක වශයෙන් යොදා නොගැණුන ද ශාරීරික ව ආකර්ෂණීය නොවීම සහ අසාමාන්‍ය භාෂා භාවිතය ද පොදුවේ දැකිය හැකි වෙයි. [8][9]රෝග ලක්ෂණ වයස අවුරුදු දෙක සිට සාමාන්‍යයෙන් දැකිය හැකි අතර පුද්ගලයකුගේ සමස්ත ජීවිතය පුරා ම පැවතිය හැකි ය.[4]

ඇස්පර්ජර් සහලක්ෂණය
වෙනත් නම්Asperger's syndrome, Asperger disorder (AD), Asperger's, schizoid disorder of childhood[1], autistic psychopathy[1]
රසායනික බන්ධනවල හැඩතල සමග ක්‍රීඩා කරන ඇස්පර්ජර් සහලක්ෂිත දරුවෙක්
Restricted interests or repetitive behaviors, such as this boy's interest in playing with a toy model of molecules, may be features of Asperger's.
උච්චාරණය
විශේෂතාවPsychiatry
රෝග ලක්‍ෂණProblems with social interactions, restricted and repetitive behavior[4]
Usual onsetBefore two years old[4]
කාලපරාසයLong term[4]
හේතුUnknown[4]
ප්‍රතිකාරSocial skills training, cognitive behavioral therapy, physical therapy, speech therapy, parent training[5]
ඖෂධFor associated conditions[5]
සංඛ්‍යාතය37.2 million (2015)[6]

මේ තත්ත්වය ඇතිවීමට බලපාන හේතුව තව ම නිශ්චිත ව නිගමනය කර නැත. [4]ජානමය සාධකවල බලපෑමක් හේතුවෙන් සිදුවන බව හදුනාගෙන ඇතත් බලපාන ජාන සංයුතිය තවමත් අවසන් ලෙස නිගමනය කර නැත. [8][10] පාරිසරික සාධක ද බල පෑ හැකි බව පැවසේ. [4]ස්නායු ප්‍රතිබිම්බනය (Brain imaging) තුළින් ද නිශ්චිත හේතුසාධකයක් හදුනාගෙන නොමැත. [8]Diagnostic and Statistical Manual of Mental Disorders (DSM-5) හි 13වැනි සංස්කරණයේ දී එහි ඇතුළත් මානසික ආබාධ වෙතින් ඇස්පර්ජර් සහලක්ෂණය බැහැර කෙරුණු අතර මෙම රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් මේ වනවිට ඔටිසම් රෝග පවුල යටතේ ඇති ඔටිසම් සහ පෙර සදහන් නොකෙරුණු බහුවිධ සංවර්ධන ආබාධය (pervasive developmental disorder not othervise specified) වැනි රෝග තත්ත්වයන් ගණයට ඇතුළත් කර ඇත. [4][11]2015 දී පළවුණු අන්තර්ජාතික රෝගාබාධ වර්ගීකරණයේ 10වැනි සංස්කරණය (International Classification of Diseases - ICD-10)තුළ එය තවමත් අන්තර්ගත වෙයි. [7]

මේ සදහා නිශ්චිත එක් ප්‍රතිකාරයක් නොමැති අතර යොදාගැනෙන විවිධ ප්‍රවේශයන්හි සාර්ථකත්වය සනාථ කරවන සාක්ෂි ද පවතින්නේ මද වශයෙනි.[8] දුර්වල සන්නිවේදන හැකියාව වැඩිදියුණු කිරීම, obsessive or repetitive routines, and physical clumsiness වැනි අරමුණු කෙරෙහි ප්‍රතිකාර තුළ අවධානය යොමු වෙයි.[5] සමාජීය හැකියාවන් පුහුණු කිරීම, cognitive behavioral therapy, භෞත චිකිත්සාව, කථන චිකිත්සාව, මාපියභාවය පුහුණු කිරීම සහ විෂාදය සහ කාංසාව වැනි මේ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි වෙනත් රෝග තත්ත්වයන්ට සුදුසු ඖෂධයන් ද ප්‍රතිකාර තුළ දැකගත හැකි වෙයි. [5]බොහෝ දරුවෝ ඔවුන් වැඩෙත් ම සිය දුර්වලතා මගහරවා ගැනීමට සමත් වෙති. එසේ වුවත් සමාජ සහ සන්නිවේදන දුබලතා තවදුරටත් පැවතීමට ඉඩ ඇත. [12]ඔටිස්ටික රෝග තත්ත්වයන් සුවකරනු ලැබිය යුතු හෝ ප්‍රතිකාර කරනු ලැබිය යුතු තත්ත්වයන් වශයෙන් නොව හුදු පුද්ගල ස්වභාවයක් ලෙස පමණක් වටහාගනු පිණිස සමාජ ආකල්පයන් වෙනස් කළ යුතු බවට ඇතැම් පර්යේෂකයන් සහ ඔටිස්ටික තත්ත්වයන් සහිත පුද්ගලයන් ද විසින් කතිකාවක් ඇති කර ඇත. [13][14]

ආශ්‍රිත නාමාවලිය

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි