ඈන් ෂ'ලි

ඈන් ෂ'ලි යනු ලූසි මෝඩ් මොන්ටගෝමරි නමැති කතුවරිය විසින් 1908, තම පළමුවන නවකථාව වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද ඈන් ඔෆ් ග්‍රීන් ගේබල්ස් ග්‍රන්ථයෙහි කල්පිත චරිතයකි. ඈන්ගේ කථාව මොන්ටගෝමරිට පහළවූයේ තම නෑදෑයෙක් පිරිමි දරුවෙකු ඇති දැඩි කිරීමට ගත් අවස්ථාවක පිරිමි දරුවෙකු වෙනුවෙන් ගැහැණු දරුවකු ලැබුණු විටකය. ඈන්ගේ පෙනුම එසේ විස්තර කිරීමට කතුවරියට පෙළඹුනේ මෙට්රොකපොලිටන් යන සඟරාවේ, තම නොදැන සිටි එවලින් නෙස්බිට් නමැති අපකීර්තිමත් සුරූපිකාවකගේ ඡායාරූපයකිනි.

චරිත විස්තරය

මුල්වරට ඈන්ව ඉදිරිපත්වුයේ රතු පැහැති කෙස් ඇති අනාථ ගැහැනු ලමයෙකු ලෙසිනි. ඇය "කොර්ඩීලියා" නමින් ඇමතීමට බලකර ඉල්ලන ලදි. ඇය "කොර්ඩීලියා" නමින් ඇමතීමට බලකර ඉල්ලන ලදි. ඇය උත්සහවන්ත සේම බුද්ධිමත් ළමයෙක් වු පරිදි, ප්රීළතිමත් සහ චිත්තොත්පාදකද විය. එනමුත් ඇයට තම කොන්ඩය කිසිසේත්ම කැමති නොවිය. එය ගැන වීහිලුවලට ලක්වීමටද අකමැති විය. අවසානයේදී ඈන් තම කොන්ඩය "තඹවත්" පැහැති යැයි තම සිත සමග සාමාදානයට පත් වූහ. එසේ නමුත් ඇයගේ අනිකුත් ගතිලක්ෂන නිථ්යඹ වෂයෙන් පැවතිනි.

ග්‍රන්ථමාලාවේ දළ විෂ්ලේෂණය

මාර්තු 1865 ඈන් නෝවා ස්කොටියා වල උපත ලැබුවේය. තම ළමාකාලයේ වැඩි කලක් එහි ගත කරපු ඈන්, ළදරුවෙකු වූ පලමු මාස 3හි අනාථ විය. මෙයට හේතු වූයේ ඈන්ගේ දෙමපියන් වූ ගුරුවර වොල්ටර් සහ බර්තා ෂර්ලී උණ සන්නිපාතයෙන් අන්ථ්රාටවට පත්වීමෙනි. කිසිම නෑදෑවෙකු නොසිටි ඈන්ව හදාවඩාගැනීමට ගත්තේ ෂර්ලී පවුලට ගෘහ සේවා කරපු තෝමස් මහත්මියයි. තෝමස් මහත්මිය නැතිවීමත් සමග, ඈන් හැමොන්ඩ් පවුලත් එක්ක පදිංචි වීය. අවුරුදු කීපයකට පසු ඇයව හෝප්ටවුන් නගරයේ අනාථ මඩමකට යවන ලදි.

අනාථ මඩමින් පසුව, ඈන්ව තම කැමතිම නගරය වූ "ප්‍රින්ස් එඩ්වර්ඩ් අයිලන්ඩ්" නගරයේ මැතිව් හා මැරිල්ලා කත්බර්ට් කියන සහෝදාර-සහෝදාරිය තම නිවසේ වැඩකටයුතු කිරීමට ඉල්ලු නමුත් මෙම වැරදීමෙන්, ඈන්ව ඔවුන්ගේ නිවසට යවන ලදි.මැතිව් හා මැරිල්ලා තම "ග්‍රීන් ගේබ්ල්ස්" කුඹුරට අවෂ්ය වූ කොලුවා වෙනුවට සම්බ වූ පොඩි ඈන්ව, මැතිව් විසින් බොහො හුරතලයට ලක් විය. මෙයට හේතු වූයේ ඈන්ගේ කරුණවන්ත හිතයි. එනිසා මැතිව්ට ඈන්ව තියගැනීමට මැරිල්ලාට ඒත්තු ගැන්වුයේය.කලකට පසු ඈන් අසල්වැසි රේචල් ලින්ඩ් මහත්මිය සමග රණ්ඩුවට යැමෙන් අනිකුත් අසල්වැසියන් ඇයගේ චරිතය හට අප්‍රසාදයක් දක්වන්නට පටන්ගැනීමත් සමගම ඈන් තම හැසිරීම ගැන ලින්ඩ්ගෙන් සමාව ඉල්ලුවේය. පසුව ඈන්, ඩයනා බැරි සමග අඹ යාලුවෝ ලෙසින් කල් ගත කලේය. ඒ යාලුකමද තාවකාලිකව, ඩයනාගේ මවගේ විරෝධය හේතුවෙන් නතර විය. මෙය, ඈන් වැරදීමකින් රසපානය ලෙස සිතු මැරිල්ලාගේ නිවෙස් මුද්‍රිකපානයෙන් ඩයනා බීමත්වීමෙන් හට ගැන්වු ප්‍රශ්නයක්ය.

හැබැයි ඩයනාගේ චූටි නංගිව බේරාගැනීමත් එක්කම, ඈන් ඩයනාගේ නතරවුණු ‍යාලුකම යලි ආරම්භ විය. ඈන්ට අවුරුදු 3ක් වැඩිමල් ගිල්බට් බ්ලයිත් සමග සංකීර්ණ වූ සම්බන්ධතාවයක් පැවතුනි. ගිල්බට් ඈන්ට මුල්කල බොහොසෙයින් විවිධාකාර ඇනුම්පද කියා කරදර කලේය. මේ දෙදෙනාගේ ප්‍රේම-වෛර සම්බන්ධය දිගටම, විෂ්ව විද්‍යලයට පිවිසීමෙන් අනතුරුවටද කල් පැවතුනි. මැතිව්ගේ මරණයෙන් සහ මැරිල්ලාගේ ඇස් පෙනීම දුර්වලවීමෙන් පසුව, ඈන් තමන්ට රෙඩ්මොන්ඩ් විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබුණු නමුත්, ඔවුන් දෙදෙනා රැක බලාගැනීම පිණිස එය ප්‍රතික්ෂේප කලේය. ඒ අතර ගිල්බට් එම විද්‍යාලයටම ගොස් තම උපාධිය ලබාගෙන ඇවොන්ලියාහි අලුත් ගුරුවරයා ලෙස පත් වුණු නමුත්, ඈන් වෙනුවෙන් ඔහු එය ප්‍රතික්ෂේප කිරීමෙන් ඈනට එම රැකියාව ලැබිණි.ගිල්බට් කල කරුණාවන්ත ක්‍රියාව හේතුකොටගෙන, ඈන් ඔහුව සැබෑ යහලුවෙකු ලෙසින් පිලිගැන්වු නමුත් විටින් විට කරන විහිලු තහලු හෙයින් එය කෙරෙහි තම අකමැත්ත ප්‍රකාශ කලේය. රේචල් ලින්ඩ්ගේ සැමියා නැතිවීමත් සමග ඈය මැරිල්ලාත් එක්ක ග්‍රීන් ගේබල්ස් හි නතර විය. මෙය හේතුකොටගෙන ඈන් තම අධ්‍යාපනය යලි ඇරඹීමට තම හිත හදාගත්තේය.

ඈන් රෙඩ්මොන්ඩ් විද්‍යාලයට පිවිසු කල, ගිල්බට්ද ඇතුලු විය. මෙහිදී ඔවුන් දෙදෙනාගේ යාලුකම වැඩි වුනේ ගිල්බට් ඈන් කෙරෙහි ප්‍රෙමාන්විත යොජනාවක් ප්‍රකාශ කල හෙයිනි. එසේවුනත්, ඈන් මෙයට විරුද්ධ වීමත් සමග දෙදෙනා දුරස් වූහ. අවුරුදු 2කට ඈන් රෝයි නමැත්තා සමග සම්බන්ධයක් පැවතු නමුත් ඔහු ඈන්ට විවාහ යෝජනාවක් දුන් අවස්ථාවේ ඇය රෝයිට නොව ගිල්බට්ට මාරාන්තික ලෙස උණ සන්නිපාතය හැදුනු කල සැබැවින්ම ඔහුට ප්‍රේම කරන බව ඇයට අවබෝධ විය. ගිල්බට් සුව වූ පසු, ඈන්ට නැවත විවාහ යෝජ්නාවක් දුන් විට, ඇය එය පිලිගෙන දෙදෙනා අවුරුදු 3කට විවාහ ගිවිසුමක් යටතේ තම සම්බන්ධය පැවතුනි. ඈන් තම මුදුව කෙරෙහි අකමැත්තක් දැක්වූයේ එය දියමන්තියක් වෙනුවට මුතු ඇටයක් වූ හෙයිනි. ඈන් උපාධිය ජය ගැනීමෙන් පසු තම ගුරුවර රක්ෂාව යලි ඇරඹූ අතර ගිල්බට් වෛද්‍ය විද්‍යාලයට ඇතුලු විය. දෙදෙනාගේ විවාහ ජීවිතයේ වැඩිහරියක් ග්ලෙන් ශාන්ත මේරි ටවුමේ ගත විය.ඔවුනට දරුවන් 7ක් දෙනෙක් ඉපදුන ලදි. "ජොයිස්", උපතේදී අන්ත්‍රා විය. ජේම්ස් හෙවත් "ජෙම්", වෝල්ටර් කත්බට්, ඩයනා නොහොත් "ඩී", ඈන් හෙවත් නැන්, ෂර්ලි සහ බර්තා මැරිල්ලා නොහොත් රිල්ලා.

අනිකුත් ග්‍රන්ථ

ඈන් ඔෆ් ග්‍රීන් ගේබල්ස්(1908) හැර කතුවරිය විසින් ඈන්ව තවත් පොත් රැසක මූලික චරිතය කොටගෙන ලියා ඇත. ඒවනම්,

  1. ඈන් ඔෆ් ඇවොන්ලියා(1909)
  2. ඈන් ඔෆ් ද අයිලන්ඩ්(1915)
  3. ඈන්ස් හවුස් ඔෆ් ඩ්‍රීම්ස්(1917)
  4. ඈන් ඔෆ් වින්ඩි පොප්ලර්ස්(1936)/ඈන් ඔෆ් වින්ඩි විලෝස්
  5. ඈන් ඔෆ් ඉන්ගල්සයිඩ්(1939)

ග්‍රන්ථ මාලාවට අදාල අනිකුත් කතා

රේන්බෝ වැලී(1909), මෙය ඈන්ගේ දරුවන්ගේ ජීවිත වටා ගොතා ඇති කතාවකි. රිල්ලා ඔෆ් ඉන්ගල්සයිඩ්(1921) ඈන්ගේ බාලම දරුවා වූ රිල්ලා පළමුවන ලෝක යුද්ධයේදී සිටි ආකාරය ගැන ලියා ඇත. ක්‍රොනිකල්ස් ඔෆ් ඇවොන්ලියා හෙවත් ඇවොන්ලියාහි වංශකථා සහ "ෆර්දර් ක්‍රොනිකල්ස් ඔෆ් ඇවොන්ලියා" නමැති කෙටි කතාද ප්‍රකාශ වූහ. "ද බ්ලයිත්ස් ආර් ක්වෝටඩ්" හෙවත් "ද රෝඩ් ටු යෙස්ටර්ඩේ" ග්‍රන්ථයේ ඈන් මිත්තණියක් ලෙස තම මුනුපුර මිනිපිරියන්ගේ ජීවිත කතා ගැන ලියා, ලූසී මෝඩ් මොන්ටගෝමරී 1942දී අන්ත්‍රා විය. ඈන්, බඩ්ජ් විල්සන්ගේ "බිෆෝ ග්‍රීන් ගේබල්ස්" ග්‍රන්ථයේ තම මුල් අවුරුදු 11 සමග තම දෙමාපියන් දෙදෙනාගේ ප්‍රීතිමත් විවාහ ජීවිතයද ගත වූ ආකාරය විස්තර විය.

රූපවාහිනි පරිවර්තන

  • 1934 ඈන් ඔෆ් ග්‍රීන් ගේබල්ස් අනුවාදයක් ප්‍රකාශ වූ අතර, ඩෝන් එවලීන් පැරිස් ඈන්ගේ චරිතය රඟපෑවේය. පසුව එම නිලිය, ඈන් ශර්ලී නාමය තම වේදිකා නාමය ලෙස යොදාගත්තේය.
  • 1979, ජපානයේ ලෝක අග්‍රකෘතිය රංගශාලාව, "අකාගේ නෝ ඈන්" ඉදිරිපත් කලේය. ඉන් අනතුරුව 2009 දී, "බිෆෝ ග්‍රීන් ගේබල්ස්", "කොනිචිවා ඈන්" යන ඇනිමේ කතාවක් ලෙස ජනප්‍රිය විය.

බාහිර සබැඳුම්

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඈන්_ෂ%27ලි&oldid=250661" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය