ඉතාලියේ ජනාධිපතිවරයා

ඉතාලි ජනරජයේ ජනාධිපතිවරයා (ඉතාලි: ප්‍රසිඩෙන්‍ට ඩෙලා රිපුබ්ලිකා ඉටලියානා) යනු, ඉතාලියේ රාජ්‍ය නායකයා වන අතර, එම භූමිකාවෙහි, ජාතික සමගිය නියෝජනය කරමින් සහතික කරනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඉතාලි දේශපාලනය මෙහෙයවෙන බවයි. ජනාධිපතිවරයාගේ ධූරයේ නිල කාලය වසර හතක් වෙයි.[2] ජනරජයේ අවසන් (11වන) ජනාධිපතිවරයා වූයේ ජෝර්ජියෝ නැපොලිටානෝ වන අතර, 2006 මැයි 10 දිනදී, ව්‍යවස්ථාදායක ඡන්ද ප්‍රකාශ කිරීමේ සතරවන වටයේදී තේරී පත්වූ ඔහු, 2013 අප්‍රේල් 20 දිනදී දෙවන ධූර කාලය සඳහා හයවන වටයේදී තේරී පත් වූයේ සරල බහුතරයක් සඳහා අවශ්‍ය ඡන්ද 504 ට වඩා බෙහෙවින් ඉහළ ඡන්ද 738 ක් ලබමිනි. 2015 ජනවාරි 31 දිනදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විනිශ්චයකාර සර්ජෝ මටරෙල්ලා, ජනාධිපතිවරයා ලෙසින් තේරී පත් විය.[3]

ඉතාලි ජනරජයේ ජනාධිපතිවරයා
ප්‍රසිඩෙන්‍ට ඩෙලා රිපුබ්ලිකා ඉටලියානා
ජනාධිපතිවරයාගේ ලාංඡනය
තනතුර ධාරී
සර්ජෝ මටරෙල්ලා

3 පෙබරවාරි 2015 සිට
ශෛලීයඋතුමාණෝ
නිවහනක්විරිනාල් මාලිගය, රෝමය
පත් කරන්නාඉතාලියානු පාර්ලිමේන්තුව &
ප්‍රාදේශීය නියෝජිතයෝ
ධූර කාල ප්‍රමාණයවසර හත
යළි පත් වීම විකල්ප
සමාරම්භක දරන්නාඑන්රීකො ඩි නිකෝලා
1 ජනවාරි 1948
සංස්ථාපනයඉතාලි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
වැටුප230.000 €[1]
වෙබ් අඩවියIl sito ufficiale della Presidenza della Repubblica

ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි