ඉන්ද්‍රසාල ගුහාව

ඉන්ද්‍රසාල ගුහාව හෙවත් ඉන්ද්‍රශිලා ගුහාව හෝ ඉන්ද්‍රශෛල ගුහාව යනුවෙන් හැඳින්වෙන්නේ බෞද්ධ ග්‍රන්ථවල සඳහන් ලෙනකි. බෞද්ධ ඉතිහාසයට අනුව, මෙම ලෙනෙහි මඳ කලක් වැඩවිසූ බුදුන් වහන්සේ, ඉන්ද්‍ර දෙවියන්ට සක්කපඤ්ඤ සූත්‍රය දේශනා කොට තිබේ. මෙම සූත්‍රය දීඝ නිකායෙහි අන්තර්ගත ය.[1] මෙම දේශනාව කළ අවස්ථාවේ ශක්‍රයා (හෙවත් ඉන්ද්‍ර) සමඟ පංචශිඛ (හෙවත් කුබේර) ද සිට ඇත.[2] පංචශිඛගේ වීණා වාදනයෙන් පසුව, ඉන්ද්‍රයා බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න 42ක් විමසා තිබේ.[1]

ඉන්ද්‍ර විසින් ඉන්ද්‍රසාල ලෙන වෙත පැමිණීම. මෙහි බුදුන් වහන්සේව නිරූපණය කොට් ඇත්තේ වජ්‍රාසන සංකේතයෙනි (මහාබෝධි විහාරය, බුද්ධ ගයා, ක්‍රි.පූ. 150 පමණ).
ඉන්ද්‍ර විසින් බුදුන් බැහැදැකීමට ඉන්ද්‍රශෛල ලෙන වෙත පැමිණෙන අයුරු. මෙහි ද බුදුන් වහන්සේව වජ්‍රාසනය මඟින් සංකේතවත් කොට ඇත. ලෙන වටා වන සතුන් ද දක්නට ලැබේ (ස්තූප අංක 1 උතුරු තොරණැ, සාංචි. ක්‍රි.පූ./ක්‍රි.ව. 1වන සියවස).

19වන සියවසේ සිටම විද්වතුන් විසින් මෙම ගුහාව පිහිටි ස්ථානය සොයාගැනීමට ප්‍රයත්න දරා තිබේ.[3] ඉන් එක් මතයක් නම් මෙය වර්තමාන බිහාර් හි ගීර්යක් නම් ස්ථානය බවයි.[4] රජගහ අසල වේදියක පර්වතයේ මෙය පිහිටා ඇතැයි හඳුනාගෙන ඇත.[5]

මෙම සිදුවීම නිරූපිත නිර්මාණ ගණනාවක් හමුවී ඇත. ඉම් පැරණිතම නිරූපණය ක්‍රි.පූ. 150 පමණ අයත් වන අතර බුද්ධ ගයාවේ මහාබෝධි විහාරයෙන් මෙය හමුවේ.[තහවුරු කර නොමැත] ක්‍රි.ව. 89ට අයත් යැයි සැළකෙන ගන්ධාර කැටයමක ඉන්ද්‍ර හස්තියකු මත සිටින අයුරුත්, බිදුන් වහන්සේ ලෙනක් තුළ වැඩවසන අයුරිනුත් නිරූපිත ය.[2]

මේවාත් බලන්න

ආශ්‍රේයයන්

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි