ඊජිප්තුවේ VIවන ක්ලියෝපැට්රා

ක්ලියෝපැට්රා VI ට්‍රිෆේනා (ග්‍රීක: Κλεοπάτρα Τρύφαινα) යනුවෙන් හැඳන්වෙන්නේ ඊජිප්තු ටොලමයික රැජිනකි. ඇතැම්විට Vවන ක්ලියෝපැට්රා ලෙස හඳුන්වන්නේ ද මැයම විය හැක.

අවම වශයෙන් ක්ලියෝපැට්රා ට්‍රිෆේනා යන නාමය ඇති ටොලමයික කාන්තාවන් දෙදෙනකු හෝ ඇතැම්විට තිදෙනකු සිට ඇති බව පෙනේ. ඔවුන් පහත දැක්වේ:

ට්‍රිෆේනා; ටොලමි VIII ෆිස්කන් සහ IIIවන ක්ලියෝපැට්රාගේ දියණිය

ට්‍රිෆේනා යනු ටොලමි IX ලැතිරොස්, ටොලමි X ඇලෙක්සැන්ඩර් I, IVවන ක්ලියෝපැට්රා සහ ක්ලියෝපැට්රා සෙලීන් I යන අයගේ සොයුරියයි.[1][2] මෙම ට්‍රිෆේනා විසින් ක්ලියෝපැට්රා යන නාමය දැරූයේ ද යන්න සනාථ වී නොමැත. මෙම ට්‍රිෆේනා ක්‍රි.පූ. 140 හෝ 141 වැනි මුල් කාලයක ජීවත්ව ඇත. ඇය ක්‍රි.පූ.124දී සිරියාවේ රජු වූ ඇන්ටියෝකස් VIII ග්‍රයිපස් සමග විවාහ වූවා ය. ඔවුනට පුත්‍රයින් පස්දෙනකු විය: සෙලියුකස් VI එපිෆේනස්, නිවුන් දරු ඇන්ටියොකස් XI එපිෆේනස් සහ ෆිලිප් I ෆිලඩෙල්ෆස්, ඩිමෙට්‍රියස් III යුකේරස්, සහ ඇන්ටියෝකස් XII ඩියෝනිසස් ඔවුන් පස්දෙනා වේ. මෙම යුවළට ලැඔඩිස් නැමැති දියණියක ද විය. ඇන්ටියෝකස් IX සිසිසෙනස් විසින් සිය භාර්යාව (IVවන ක්ලියෝපැට්රා) මරාදැමීමට අණකළ ට්‍රිෆේනාගෙන් පලිගැනීමක් ලෙස සිරියාවේ අගනුවර වූ ඇන්ටියොක් (ග්‍රීක: Αντιόχεια) හි දී ඇයව මරාදමන ලදී. (ක්‍රි.පූ. 111).[3]

ක්ලියෝපැට්රා V ට්‍රිෆේනා; ටොලමි XII ඕලීට්ස්ගේ බිරිඳ

ක්ලියෝපැට්රා V ට්‍රිෆේනා යනු ක්‍රි.පූ. 69දී ඓතිහාසික වාර්තාවලින් අද්භූත ලෙස අතුරුදන් වූ ඊජිප්තු රැජිනකි. ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ ඇගේ අතුරුදන් වීම යනුවෙන් අදහස් වන්නේ ඇය මියයන්නට ඇති බවයි. එය ‍එසේ වී නම්, ඇයට ක්ලියෝපැට්රා ට්‍රිෆේනා යනුවෙන් දියණියක ද වූ බව පිළිගැනීමට සිදුවේ.[1]

ක්ලියෝපැට්රා ට්‍රිෆේනා; Vවන ක්ලියෝපැට්රාගේ සහ ටොලමි XII ඕලීටිස්ගේ දියණිය

ඇතැම් නූතන ඉතිහාසඥයෝ ඇයව ක්ලියෝපැට්රා VI ට්‍රිෆේනා ලෙස හඳන්වයි.[4] ඇය සුප්‍රකට VIIවන ක්ලියෝපැට්රාගේ වැඩිමහල් ‍සොයුරියක වන්නට ඇතැයි විශ්වාස කෙරේ.[1] එය එසේ වී නම්, ඇගේ උපන් වර්ෂය නිසැකවම ක්‍රි.පූ. 75 පමණ විය හැක. ඇතැම් මූලාශ්‍රවල දැක්වෙන්නේ ඇය ළමා කල මියගිය බවයි.[5] සෙස්සන් පවසන්නේ තමන්ට විරුද්ධව ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිබිදීමක් ඇතිවීම වැළැක්වීමට XIIවන ටොලමි රෝමය වෙත පලාගිය අවස්ථාවේ (ක්‍රි.පූ. 58), ඇය සහ ඇගේ සොයුරිය වූ IV‍වන බෙරෙනිස් විසින් ටොලමියානු ඊජිප්තුව සියතට ගත් බවයි.[6][7] කෙසේනමුත්, ස්ට්‍රාබෝ පවසන්නේ ටොලමිට දියණියන් තිදෙනකු වූ බවයි. ඒ අතුරින් නීත්‍යානුකූල වූයේ වැඩිමහල්ම දියණිය (බෙරෙනිස්) පමණක් බවයි.[8] මේ අනුව පෙනෙන්නේ පෝර්ෆයිරි විසින් යෝජනා කළ ක්ලියෝපැට්රා ට්‍රිෆේනා යනු ටොලමිගේ දියණිය නොව භාර්යාව විය හැකි බවයි. වර්තමානයේ බොහෝ විශේෂඥයින් විසින් VIවන ක්ලියෝපැට්රා යනු ටොලමිගේ භාර්යාව වූ ඊජිප්තුවේ Vවන ක්ලියෝපැට්රා යැයි විශ්වාස කරනු ලබයි.[4]

මූලාශ්‍ර

බාහිර සබැඳි

  • Cleopatra VI හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
ඊජිප්තුවේ VIවන ක්ලියෝපැට්රා
උපත: ක්‍රි.පූ. 75 පමණ මරණය: ක්‍රි.පූ. 57
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ටොලමි XII
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 58-57
බෙරෙනිස් IV සමග
අනුප්‍රාප්තික
බෙරෙනිස් IV
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි