ඔක්සිජන් වායුවෙහි භූවිද්‍යාත්මක ඉතිහාසය

ප්‍රභාසංස්ලේෂණය විකාසයවීමට පෙර, පෘථිවියෙහි වායුගෝලය තුල නිදහස් ඔක්සිජන් (O2) නොවීය. [2] වායුගෝලයෙහි නිදහස් ඔක්සිජන් පළමුව එක්‍රැස්වීමට පෙර, අපද්‍රව්‍යයක් ලෙසින් O2 නිපැයූ ප්‍රභාසංස්ලේෂී ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් මෙහි ජීවත්වූ අතර,[3] එසේ වන්නට ඇත්තේ මෙයට වසර බිලියන 3.5 පමණ පෙර විය හැක. ඔවුන් නිපැයූ ඔක්සිජන් වායුගෝලයෙන් විගසින් ඉවත් කෙරුණේ, විශේෂයෙන් යකඩ වැනි ඔක්සිහාරක ඛනිජයන්හී ඛාදනය හේතුවෙනි. මෙම 'සාමුහික මලකෑම' නිසාවෙන් මුහුදු පතුලේ යකඩ ඔක්සයිඩය තැන්පත් වූ අතර, කලාපික යකඩ සැදුම් නිර්මාණය විය. වායුගෝලයේ කුඩා ප්‍රමාණ වශයෙන් හෝ ඔක්සිජන් රැඳී පැවතීම සිදු වූයේ මහා ඔක්සජනීකරණ සිදුවීම ඇරඹීමට වසර මිලියන 50 කට පමණ පෙරදී විය. [4] වායුගෝලයෙහි මෙම සාමුහික ඔක්සජනීකරණය විසින්, නිදහස් ඔක්සිජන් හී සීඝ්‍ර එක්‍රැස් වීම සිදු විය. ප්‍රාථමික නිෂ්පාදනයෙහි වර්තමාන සීඝ්‍රතාවයන් පරිදී, වර්තමානයෙහි පවතින ඔක්සිජන් සාන්ද්‍රණය නිෂ්පාදනය කෙරුමට, ප්‍රභාසංස්ලේෂීය ජීවින්ට වසර 2,000 ක් ගත වෙයි.

පෘථිවියෙහි වායුගෝලයෙහි O2 එක්‍රැස්වීම. රතු සහ කොළ රේඛා වෙතින් නිමානයන්හී පරාසයන් පෙන්නුම් කරන අතර, කාලය මනිනු ලබන්නේ වර්තමානයට පෙර වසර බිලියන වලිනි (ගිපෙ).
අදියර 1 (3.85–2.45 ගිපෙ): වායුගෝලයෙහි ප්‍රායෝගික ලෙසින් O2 නොමැති.
අදියර 2 (2.45–1.85 ගිපෙ): O2 නිෂ්පාදනය කෙරුණු මුත්, සාගර සහ මුහුදු පත්ලෙහි පාෂාණ වෙතින් එය අවශෝෂණය කෙරෙමින්.
අදියර 3 (1.85–0.85 ගිපෙ): සාගරයෙන් පිටතට O2 ඉවත්ව ගිය මුත්, භූමි පෘෂ්ඨයන් වෙතින් අවශෝෂණය කරනු ලැබීම සහ ඕසෝන් ස්ථරය සෑදීම සඳහා භාවිතය.
අදියරයන් 4 & 5 (0.85 ගිපෙ–වර්තමානය): O2 අපායනයන් සම්පූර්ණයෙන් පුරවනු ලදුව, වායුව සංචය වීම.[1]


ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි