ක්ලෝඩ් ජොසෙෆ්

ක්ලෝඩ් ජොසෙෆ් යනු හෙයිෂියානු දේශපාලනඥයෙක් වන අතර, 2021 අප්‍රේල් 14 වන දින සිට හෙයිටි රාජ්‍යයෙහි අන්තරවාර අග්‍රාමාත්‍යවරයා විය. 2021 ජූලි 7 දින සිදුවූ ජනාධිපති ජොවනෙල් මොයිස්ගේ ඝාතනයෙන් පසුව ,[1] අන්තරවාර අගමැතිවරයා ලෙසින් ඔහු රටෙහි නිල බලයෙන් දේශපාලන නායකයා වුවද ඔහුගේ නිල තත්ත්වය නෛතික වශයෙන් පැහැදිලි නොවෙයි.[2]

ගොනුව:Claude Joseph (cropped).jpg
හෙයිටි රාජ්‍යයෙහි වැඩබලන ජනාධිපතිවරයා
වැඩ බලන
තනතුර දරමින්
7 ජූලි 2021
අග්‍රාමාත්‍යවරයාතමාම (වැඩ බලන)
පූර්වප්‍රාප්තිකයාජොවනෙල් මොයිස්
හෙයිටි රාජ්‍යයෙහි අග්‍රාමාත්‍යවරයා
Acting
තනතුර දරමින්
14 අප්‍රේල් 2021
ජනාධිපතිවරයාජොවනෙල් මොයිස්
තමාම(වැඩබලන)
පූර්වප්‍රාප්තිකයාජොසෙෆ් ජවුත්
අනුප්‍රාප්තිකයාඒරියල් හෙන්රි (නම් කරනු ලැබ)
විදේශ කටයුතු සහ ආගම ඇදහීම පිළිබඳ අමාත්‍යවරයා
තනතුරුධාරී
තනතුර දරමින්
4 මාර්තු 2020
අග්‍රාමාත්‍යවරයාජොසෙෆ් ජවුත්
තමාම (වැඩ බලන)
පූර්වප්‍රාප්තිකයාබොෂිට් එඩ්මොන්
පුද්ගලික තොරතුරු
දේශපාලන පක්ෂයස්වාධීන
අධ්‍යාපනය
  • ලොං අයිලන්ඩ් විශ්වවිද්‍යාලය (MPA)
  • නිවු ස්කූල් (PhD)

ජනාධිපති ධූරය සඳහා ඔහුගේ හිමිකම් පෑම, ජොවනෙල් මොයිස් වෙනුවට හෙයිෂියානු සෙනෙට් මන්ත්‍රීවරු අට දෙනෙකු විසින් පත් කෙරෙුණු ජොසෙෆ් ලැම්බර්ට් විසින්ද විතර්කයකට ලක් කර ඇත.[3] 2021 හෙයිෂියානු මහා මැතිවරණය පවත්වා කෙළවර වන තුරු හෙයිටි රාජ්‍යයට නායකත්වය සැපයීමට ජොසෙෆ් දැනට ස්ථාපිත වී ඇත.[4] විදේශ කටයුතු සහ ආගමික ඇදහිලි පිළිබඳ අමාත්‍යවරයා ලෙසින්ද 2020 මාර්තු 4 දින සිට ජොසෙෆ් සේවය කරයි.

මුල් දිවිය සහ අධ්‍යාපනය

නිව්යෝර්ක් නගරයෙහි ද නිව් ස්කූල් වෙතින් පිරිනැමුණු ජන ප්‍රතිපත්තිය පිළිබඳ ආචාර්ය උපාධියකට ජොසෙෆ් හිමිකම් කියන අතර, එක්සත් ජනපදයෙහි විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් වශයෙන් ඔහු සේවය කර ඇත. කනටිකට් විශ්වවිද්‍යාලයෙහි සහ ලෝං අයිලන්ඩ් විශ්වවිද්‍යාලයෙහි ඔහු උගන්වා ඇත.[5]

2020 මාර්තු 4 දිනදී, අග්‍රාමාත්‍ය ජොසෙෆ් ජවුත්ගේ රජයෙහි විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසින් ඔහු පත්විය.[6]

හෙයිටි රාජ්‍යයෙහි වැඩබලන අග්‍රාමාත්‍යවරයා

ජවුත්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව, ජනාධිපති ජොවනෙල් මොයිස් විසින් 2021 අප්‍රේල් 14 දිනදී ඔහු අන්තරවාර අගමැති ලෙසින් පත් කෙරිණි.[7] ජොසෙෆ්ගේ තනතුරෙහි අනුප්‍රාප්තිකයා ලෙසින් ඒරියල් හෙන්රි පත්වීමට නියමිතව තිබුණි.[8]

හෙයිටි රාජ්‍යයෙහි වැඩබලන ජනාධිපතිවරයා

2021 ජූලි 7 දිනදී, පෙටියොන්-විල්ලාහී ඔවුන්ගේ නිවහනට එල්ලවූ ප්‍රහාරයකින් ජනාධිපති මොයිස් ඝාතනය කෙරුණු අතර පළමු ආර්යාව මැස්ටින් මොයිස් ප්‍රහාරයෙහිදී තුවාල ලද්දීය. රජයෙහි දේශපාලන පාලනය ජොසෙෆ් විසින් නතු කර ගත් අතර,[2] ප්‍රහාරය පිළිබඳ වගකීම "සමහරුන් ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසි බස කථා කල නොහඳුනාගත් පුද්ගලයින් කණ්ඩායමක් වෙත" පැවරීය.[9] වර්තමානයෙහි, ජොසෙෆ් පවසන්නේ රට තමාගේ පාලනය යටතේ පවතින බවයි.[10][11] ජනාධිපතිධූරය සඳහා නෛතික අනුප්‍රාප්තිය පැහැදිලි ලෙසින් සිදුවී නැත.[12]

හෙයිටි රාජ්‍යය සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ තානාපති, හෙලන් ලා ලිමේ, 2021 ජූලි 8 දිනදී පැවසුවේ, මෙම වසරෙහි අග මැතිවරණයක් පැවැත්වෙන තුරු ජොසෙෆ් විසින් හෙයිටි රාජ්‍යය සඳහා නායකත්වය සපයනු ලබන අතර, මොයිස්ගේ ඝාතනයට පසු මෙම කාලසීමාවෙහිදී සියළු පාර්ශවයන් තම මතභේදයන් පසෙක ලිය යුතු බවයි.[2][13]

ආශ්‍රිත

. https://www.nytimes.com/2021/07/07/world/americas/haiti-president-killed.html. 
  • සීඑන්එන්, එටන්ට් ඩුපේන්, ජෙරාර්ඩෝ ලෙමෝස්, ඉවානා කොටසෝවා සහ කෙයිට්ලින් හූ. "හෙයිට් ප්‍රසිඩන්ට් ජොවනෙල් මොයිස් ඇසෑසිනේටඩ් ඉන් ඇටෑක් ඔන් හිස් රෙසිඩන්ස්". සීඑන්එන්. සම්ප්‍රවේශය 2021-07-09.{{cite web}}: CS1 maint: multiple names: authors list (link)
  • "හෙයිටීස් ප්‍රයිම් මිනිස්ටර් ටු ලීඩ් කන්ට්‍රි අන්ටිල් ඉලෙක්ෂන් ෆොලොවිං ප්‍රසිඩන්ට්ස් ඇසෑසිනේෂන්: යූඑන්| වොච් නිව්ස් වීඩියෝස් ඔන්ලයින්". Global News (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-07-08.
  • දේශපාලනික ධුර
    පූර්වප්‍රාප්තිකයා
    ජොසෙෆ් ජවුත්
    හෙයිටි රාජ්‍යයෙහි අග්‍රාමාත්‍යවරයා
    වැඩබලන

    2021–වර්තමානය
    අනුප්‍රාප්තිකයා 
    එරියල් හෙන්රි
    නාමෝස්දේශිත
    පූර්වප්‍රාප්තිකයා
    ජොවනෙල් මොයිස්
    හෙයිටි රාජ්‍යයෙහි ජනාධිපතිවරයා
    වැඩබලන

    2021–වර්තමානය
    පදවිය හොබවයි
    "https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ක්ලෝඩ්_ජොසෙෆ්&oldid=485912" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
    🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය