කාන්තාවන්ගේ සුල්තාන් රාජ්‍යය

කාන්තාවන්ගේ සුල්තාන් රජ්‍යය නැතහොත් කාන්තා සුල්තාන්වරියන්ගේ රාජ්‍යයසමය (තුර්කි: Kadınlar Saltanatı/කදන්නාර් සාල්තනත) යනු ඔටෝමාන් අධිරාජ්‍යයේ සුල්තාන්වරුන්ගේ භාර්යාවන් සහ මව්වරුන් රාජ්‍යය පාලනය කල කාල පරිච්ඡේදයකි. මෙය ඕටමන් අධිරාජ්‍යයට අසාමාන්‍ය දේශපාලන බලපෑමක් ඇති කළේය. මෙම සංසිද්ධිය දළ වශයෙන් 1533 සිට 1656 දක්වා සිදු වූ අතර, සුල්තාන් සුලෙයිමාන් I, හුරෙම් සුල්තාන් (Roxelana ලෙසද හැඳින්වේ)[1] සමඟ විවාහ වීමත් සමඟ ආරම්භ විය.

හුරෙම් සුල්තාන් (‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍රොක්සෙලේනා), සුලෙයිමාන් I ගේ භාර්‍යාව(හසේකි සුල්තාන්).

මෙම කාන්තාවන් හසේකි සුල්තාන් ලෙස හඳුන්වන සුල්තාන්ගේ භාර්යාවන් හෝ වාලිදේ සුල්තාන් ලෙස හඳුන්වන සුල්තාන්ගේ මව්වරුන් විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වහල් සම්භවයක් ඇති අය වූ අතර, සුල්තාන් පාලන සමයේදී අපේක්ෂා කළ පරිදි විවාහය පිළිබඳ සම්ප්‍රදායික අදහස සුල්තාන්වරයාට නුසුදුසු යැයි සැලකූ අතර, ඔහුගේ රාජ්‍ය භූමිකාවෙන් ඔබ්බට කිසිදු පෞද්ගලික පක්ෂපාතීත්වයක් අපේක්ෂා නොකළේය. මෙම කාලය තුළ, "හසේකි" සහ "වාලිදේ" සුල්තාන්වරුන් දේශපාලන සහ සමාජ බලය හිමිකර ගත් අතර, එමඟින් අධිරාජ්‍යයේ දෛනික ක්‍රියාකාරිත්වයට බලපෑම් කිරීමට සහ දානපති කටයුතු කිරීමට මෙන්ම විශාල හසෙකි සුල්තාන් සංකීර්ණය වැනි ගොඩනැගිලි ඉදිකිරීමට ඉල්ලීමට හැකි විය. තවත් උදාහරණයක් ලෙස එමිනොනු හි වාලිදේ සුල්තාන් මුස්ලිම් පල්ලිය සංකීර්ණයද ගත හැක. මෙය යෙනි පල්ලිය (යෙනි ජාමි) ලෙසද හැඳින්වේ.

ඔටෝමන් අධිරාජ්‍යයේ බලවත් කාන්තා සුල්තානාවරුන්

නමඋපතස්වාමිපුරුෂයාදරුවන්විපත
හුරෙම් සුල්තාන්1505සුලෙයිමාන් Iශේසාදේ මෙහෙමෙද්, මීරිමා සුල්තාන්, ශේසාදේ අබ්දුල්ලා, සෙලීම් II, ශේසාදේ බයේසිද්, සහ ශේසාදේ ශ්‍යාංගීර්1558 අප්‍රේල් 15
මීරිමා සුල්තාන්1522සුලෙයිමාන් Iගේ සහ හුරෙම් සුල්තාන්ගේ එකම දියණිය, සහ මහාමාත්‍යා රුස්තෙම් පාශා ගේ බිරිඳඅයිශේ හුමාශා සුල්තාන්, සුල්තාන්සාදේ ඔස්මාන් බේයි1578 ජනවාරි 25
නූර්බානු සුල්තාන්1525සෙලීම් IIමුරාද් III, ඉස්මිහාන් සුල්තාන්, ශාහ් සුල්තාන්, ගෙව්‍රහන් සුල්තාන්, ෆත්මා සුල්තාන්1583 දෙසැම්බර් 7
සෆියේ සුල්තාන්1550මුරාඩ් IIIහුමාශා සුල්තාන්, මෙහෙමෙද් III, ශේසාදේ මහමද්, අයිශේ සුල්තාන්, ෆත්මා සුල්තාන්, මීරිමා සුල්තාන්1619
හන්දාන් සුල්තාන්1574මෙහෙමඩ් IIIඅහ්මඩ් I, සෙහ්සාඩ් සෙලිම්, සෙහ්සාඩ් සුලේමාන්, අයිශේ සුල්තාන්1605 නොවැම්බර් 9
හාලිමේ සුල්තාන්1570මෙහෙමෙද් IIIශේසාදේ මහමද්, මුස්තාෆා I, ශාහ් සුල්තා, හතීජෙ සුල්තාන්1623 න් පසු
කොසෙම් සුල්තාන්1590අහමඩ් Iඅයිශේ සුල්තාන්, ෆත්මා සුල්තාන්, ගෙව්‍රහන් සුල්තාන්, හන්සාදේ සුල්තාන්, මුරාද් IV, ශේසාදේ කාසිම්, ශේසාදේ සුලෙයිමාන්, සහ ඊබ්‍රහීම්1651 සැප්තැම්බර් 2
ටුර්හාන් සුල්තාන්1625ඉබ්‍රාහිම්මෙහෙමෙද් IV, ගෙව්‍රහන් සුල්තාන්, බෙහාන් සුල්තාන් සහ අතීකෙ සුල්තාන් 1683 අගෝස්තු 4

මූලාශ්‍ර

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය