කොළ දිවියා

කොළ දිවියා හෝ බළල් දිවියා (ඉංග්‍රීසි: rusty-spotted cat) (Prionailurus rubiginosus) යනු බළල් පවුලේ කුඩාතම සාමාජිකයෙකු වන අතර ඉතිහාසගත ව වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවලින් පමණි.[3] 2012 මෙම දිවියා නේපාලයෙන් ද හමුවිය.[4] 2016 පටන් භූගෝලීය වන ගහණය IUCN රතු ලැයිස්තුවේ ආසන්න ලෙස තර්ජනයට ලක් වූ ලෙස සටහන් ව ඇත. මීට ප්‍රධාන හේතුවක් ලෙස මොවුන්ගේ වාසභූමි වන පත්‍ර පතනය වන වනලැහැප් විනාශ වී යාම දැක්විය හැක[2]

කොළ දිවියා

තර්ජනයට ලක් වීමට ආසන්න  (IUCN 3.1)[2]
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය:Animalia
වංශය:Chordata
වර්ගය:Mammalia
ගෝත්‍රය:Carnivora
කුලය:Felidae
Genus:Prionailurus
ජෙෆ්රි සේන්ට්-හිලෙයාර්, 1834
විශේෂය:P. rubiginosus[1]
ද්වීපද නාමය
Prionailurus rubiginosus[1]
ජෙෆ්රි සේන්ට්-හිලෙයාර්, 1834
කොළ දිවි ව්‍යාප්තිය

වර්තනය විය හැකි සතෙකු ලෙස (Habitat Generalist) හදුන්වයි. ප්‍රමාණයෙන් ගෘහාශ්‍රිත කුඩා බළලෙකුට සමාන ය. කලාතුරකින් දක්නට ලැබෙන සතෙකි. නිශාචර දඩයක් කරුවෙකි. කෘමීන්,කුඩා කුරුල්ලන්,මීයන්,ගෙම්බන්,කුඩා උරගයින්,ගෘහ ආශ්‍රිතව ඇති කරන කුකුළන් ආහාරයට ගනී.

ප්‍රජනනය අවුරැද්දට එක් පාරක් සිදු වේ.1-3 දක්වා පැටවුන් ප්‍රමාණයක් දින 65ක ගර්භනි කාලයකින් පසු ප්‍රසූත කරයි. වැඩුණු සතුන්ගේ ඇති ලප කුඩා පැවෙුන්ගේ නැත. කලු ඉංගිරියාව ලා නිල් පාට ය. වර්ධනය ගෘහාශ්‍රිත බළලෙතුට සමාන ය. නිශාචර සතෙකි. ගස් මතත් පදුරු සහිත වන ලැහැප් වලත් දැක ගත හැකි ය. පැටවුන්ගේ ලොම් ලා පැහැති ය. මොවුන්ගේ හමේ මලකඩ රතු පාට පැල්ලම් ඇත. එමනිසා මොවුන්ට Rusty spotted යන නම සෑදී ඇත. එම රතු පැහැති ලප හිස මත හා කොන්දේ දාර සේ පිහිටයි. උදරය යට සුදු පාට ය. සාමාන්‍ය දිග අඟල් 18 ක් පමණ ය. වලිගය මොවුන්ගේ ශරිරයේ දිගින් භාගයක් පමණක් වේ.

පැතිරීම හා වාසස්ථාන

ද.ඉන්දියාවේ අානෛමලෛ පෙදෙසේ දී සේයාරුවට හසු වූ බළල් දිවියෙක්

මේ සත්ත්වයා නිවර්තන තෙත් වනාන්තර,සිංහරාජය වැනි වැසි වනාන්තර,හොර්ටන් තැන්න,නුවර ඵළිය වැනි ප්‍රදේශ වල පිහිටි කදුකර තෙත් වනාන්තර වල මෙන්ම වියළි හා අතරමැදි කලාපයේ කැළෑ හා ශුෂ්ක ප්‍රදේශ වල කටු පඳුරු සහිත ලඳු කැලෑ ආශ්‍රිතවද දැකිය හැකිය.රට පුරා පැතිරී ඇත.කදුකර පළාත් වල ඉඳලා වෙරළබඩ දක්වාත් තෙත් හා වියළි කලාප වලත් වනාන්තර වලත් දක්නට ඇත.[5] ඝන වනවැස්මක් සහිත හෝ ගල් සහිත ස්ථානවලට ප්‍රිය කරයි.[6][7]

උපවිශේෂ ව්‍යාප්තිය

උපවිශේෂ දෙකක් හඳුනාගෙන ඇත:

  • Prionailurus rubiginosus rubiginosus — ඉන්දියාවේ ජීවත් වේ
  • Prionailurus rubiginosus phillipsi — ශ්‍රී ලංකාවේ ජීවත් වේ

රඳවාගෙන සිටීම

බර්ලින් සත්වෝද්‍යානයේ කොළ දිවියා, 2008.

මූලාශ්‍ර

පිටස්තර යොමු

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කොළ_දිවියා&oldid=591833" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය