ගාංචුව

ගාංචුවක් යනු (ලතින් භාෂාවෙන් buccula) බඳ පටියක දෙකෙළවර එක් ව බැඳුමට හෝ පටියක කෙළවර රඳවා තබා ගැනීමට භාවිතා කරන උපකරණයකි. සිප් එකෙහි සොයා ගැනීමට පෙර මුළු සපත්තු හෝ වෙනත් සපත්තු බැඳුමට බහුල වශයෙන් ගාංචු භාවිතා කරන ලදී.

දකුණු ස්වීඩනයේ පුරාවිද්‍යාත්මක ලෝකඩ ගාංචු


ඉතිහාසය

පුරාණ ග්‍රීසියේ හා රෝමයේ ගාංචු භාවිතා කරන ලදී. විශේෂයෙන් හමුදා ආයිතත්මවල සහ (කඩු) පටිය, යුධ සන්නාහය වැනි හමුදා ඇඳුම් මත, පටියෙන් බැඳ තබාගන්නා සියලුම ආකාරවල ආයිත්තම්වල සහ horse gear මත භාවිතා කරන ලදී. “ගාංචුව” යන පදය එහි හැඩය නිසා “කුඩා කට” යන අරුත් දෙන ලතින් භාෂාවේ පොදුවේ පවතින buccula යන්නෙන් බිඳී ආවකි. කෙල්ම්වරුන්ගේ ශිෂ්ටාචාරයේ ද බහුල වශයෙන් ගාංචු භාවිතා කරන ලදී. ඉතා පුරාණ කාලයේදී ගාංචු බහුල වශයෙන් ලෝහ, ඇටකටු සහ ඇත්දළවලින් නිමවා ඇත. ගාංචුවේ පැවති සරල බව හා කල්පවත්නා බව නිසා එය විශේෂයෙන් සපත්තු හා බූට් සපත්තු වැනි සන්නයනයන් හා ගෙත්තම් අතර ජනප්‍රියතාවයට පත්විය. සිප් එකෙහි සොයා ගැනීම තෙක් ඇඳුම් පැලඳුම් සඳහා සංකේතමය අල්ලුවක් වශයෙන් එය බහුල ලෙස භාවිතා විය.

රෝල ගාංචුව විසිවැනි ශත වර්ෂයේ මැද භාගයේ කළ සොයා ගැනීමකි. බොහෝ දැති සහිත ගාංචු 18 වැනි ශත වර්ෂයේ වන විටත් භාවිතයේ පැවතුණි.


අද්‍යතන භාවිතයන්

විශේෂ බූට් සපත්තු හා සපත්තුවල ගාංචුව තවමත් භාවිතා වන නමුත් වර්තමානයේ, ගාංචුව ඉතා බහුල වශයෙන් බඳපටි සඳහා භාවිතා කෙරේ. ලේස්වල ඇති අවාසි නිසා ටැන්කර් බූට් සපත්තු ගාංචුවල භාවිතය වැඩෙහි යොදවයි. ගමන් මලු, අත් ඔරලෝසු, අත් පලඳනා හා විවිධ වස්තූන් අලංකාරවත් කිරීමට ගාංචු භාවිතා කරනු ලැබේ. නූතන ගොත්වරුන්ගේ විලාසිතා තුළ ගාංචු බහුලව දක්නට ලැ‍ෙබ්.

අලංකාරවත් සැරසිලි සහිත ගාංචු

ආරක්ෂක පටියකට හෝ අසුන් පටියකට ගාංචුවක් යැයි සැලකිය හැක. එහිදී බකල් අප් යන යෙදුමෙන් නියම වශයෙන් හමුදා වාක්‍ය ඛන්ඩයකි. එනම් අශ්වාරෝහක බල ඇණිය සැදෑලයට තලමින් අශ්වායට වෙන්වීමට සූදානම් වන්න යන්නයි. කැනේඩියානු රාජ්‍ය උත්සව හා චාරිත්‍ර පිළිබඳ නිලධාරීන්ගේ ශාස්ත්‍රයෙහි ගාංචුවක් යනු අටවැනි දියණියයි.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ගාංචුව&oldid=451960" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය